
(චාපා මධුභාෂිණී)
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය.
පසුගිය 12 වන දින යල කන්නයේ වගා කටයුතු සදහා ජලය නිකුත් කිරීමට කටයුතු කර තිබුණද ඒදින ගොවි නායකයන් ඇතුළු විශාල ගොවි පිරිසකගෙන් ඒල්ල වූ විරෝධය හේතුවෙන් ජලය නිකුත් නොකළේය.
යළ කන්නයේ වගාවට අවශ්‍ය රසායනික පොහොර, ඉන්ධන, කෘෂි රසායන ආදිය නොමැතිකම යන හේතු ගණනාවක් මුල් කරගනිමින් ගොවීන් වගාවට ජලය නිකුත් නොකරන ලෙසට වාරි නිළධාරීන්ට බල කරන ලදි.
ඒසේ ගොවීන්ගේ ඉල්ලීම්වලට සාධාරණය පිළිතුරක් ආණ්ඩුව ලබා දෙන්නේනම් ඔවුන් ඒදින සිට වගා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ඒ මොහොතේදී කියන්නට විය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.