IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ.

නිර්පාක්ෂික පිරිසක් මීට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් ගෙන ගිය අතර මේ වන විට පක්ෂව සිටින පිරිසක් නිවස අසලට පැමිණ වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් එම ස්ථානයේ රැදී සිටිති.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පා උදෑසන සිදු කළ උද්ඝෝෂණයට සහය දැක්වීමට ප්‍රමාද වී පැමිණි කාන්තාවක්,  වික්‍රමසිංහ මහතාට පක්ෂව සිදුකළ උද්ඝෝෂණකයින්ට කොටු වීම නිසා උණුසුම්කාරී තත්වය ඇති විය.

පොලීසිය මැදිහත්වී මෙම තත්වය පාලනය කර ඇයව එම ස්ථානයෙන් ආරක්ෂාකාරීව පිටත් කිරීමට කටයුතු කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව උද්ඝෝෂණය


රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වා කළ උද්ඝෝෂණය

.


කළබලය ඇති වූ අවස්ථාව



අදහස් (9)

හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ

eranda Saturday, 07 May 2022 12:39 PM

ඔව් මෙයාලටත් ගැලවෙන්න බෑ. එක්කෝ අර්ජුන මහේන්ද්‍රන් ඕනෑ. නැත්නම් සල්ලි ඕනෑ. මෙයා වගකියන්නම ඕනෑ...

:       22       72

Dharma Saturday, 07 May 2022 02:24 PM

ඇඟේ සන් ක්‍රීම් ගාගෙන ඇවිත් ඉංග්‍රීසියෙන් රනිල් එපා කියපු රාසමාණික්කම්ගේ කොළඹ හතේ අයට අන්තිමට දුවන්න පාරවලුත් නැති වුණා...

:       15       53

siri Saturday, 07 May 2022 03:01 PM

මෙයා අගමැතිකමේ දිගටම හිටියා නම් රටක් නෑ. රටම පාවාදීලා තියේවි..!

:       59       28

සමන් Saturday, 07 May 2022 03:05 PM

මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කිරීම වෙනස් කළ යුතුයි. කවුරු හරි චණ්ඩි දෙකයි, මන්ත්‍රී කෙනෙක් සෙනග එවලා සැබෑ ජනතා මතය විකෘති කිරීම... මෙය අපේ රටේ සම්ප්‍රදායයක්.. එන අයගේ මුහුණුවරින්ම කියතහැකි කවුද නියම චණ්ඩි කියලා.

:       3       31

ravin Saturday, 07 May 2022 03:49 PM

හා හා දින කීපයකට උඩදී සභානායක කිව්වා නේද? රනිල්ගේ ආරක්ෂාව තරකළ යුතුය කියලා. ඒ කියන්නේ ආරක්ෂක අංශ දැනුවත්? කොහොමද නාටකය...? පක්ෂ, විපක්ෂ දෙගොල්ලන්ම වැඩබිමේ...?

:       12       31

සන්ක Saturday, 07 May 2022 03:57 PM

යහපාලන ආණ්ඩුව විනාශ කරලා හොරුන්ට බලයට එන්නට දීලා රට අනාථ කළා.. එයා තමයි මේ ඔක්කොටම වගකියන්න ඕනෑ.

:       16       21

අතුල සෞදි Saturday, 07 May 2022 04:44 PM

නිර්පාක්ෂික කියලා කට්ටියක් නැහැ පුතා....

:       2       30

chandima Saturday, 07 May 2022 04:53 PM

අපට එපා... කාක්... කාක්... කාක්..!!!

:       9       16

Peduru Saturday, 07 May 2022 08:11 PM

දැන් රට ඉවරෙටම ඉවරයි. යහ පාලනය කර සේවය අපේ අයියලාට තවම තේරිලා නෑ. මහ බැංකුව කැඩුවා කියලා හිතා ගන ඉන්නේ බැංකුව කඩලා රනිල් සල්ලි ටික ගෙදර ගෙන ගියාය කියලා. ඡන්දයක් පෙනි පෙනී පක්ෂය කඩාගෙන ගොස් ඵක්සත් ජාතික පක්ෂය නැති කල සජිත් මෙරට වැටී ඇති තත්වයට වග කිව යූතු පලමු වැන්නාය. රනිල්ගේ අගය තවම වටහා ගන්න බැරිකම කාගේ වාසනාවද? අද හැම එකෙන්ම මහා පරිමාණයෙන් හොරා කරනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 139 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site