හිරාන් ප්‍රියකර ජයසිංහ
පවතින නියඟය හේතුවෙන් අද (1) පුත්තලම කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් දිය කැපීම සිදුවුයේ කරුමාරි අම්මන් මැණියන්ගේ ප්‍රතිමාව ඉදිරිපිටදි ආභරණ කුඩා බේසමක දමා චාරිත්‍ර ඉටු කිරිමේනි.
කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් වෙනත් වසර වලදි දිය කැපීම සිදුවන්නේ පුත්තලම සේනකුඩිරිප්පුව විල්ලුව වැවේ අදාල චාරිත්‍ර ඉටු කරමිණි .නමුත් වසර ගනණාවක සිට පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ශාවක් නොලැබීම නිසා ගංගා , ඇළ දොල, සහ සියලුම වැව් හා ජලාශ මේ වන විට සිදි යාම හේතුවෙන් හින්දු බැතිමතුන් තම චාරිත්‍ර වතාවත් වන දිය කැපීම කරුමාරි අම්මන් මැණියන්ගේ ප්‍රතිමාවක් ඉදිරිපිට තබා ගෙන කුඩා බේසමක ආධාරයෙන් සිදු කර තිබේ.
එසේම ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් රටට සෙත් පතා වැසි වස්සන ලෙස ඉල්ලමින් සැතපුම් පහකට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කරුමාරි අම්මන් වෙනුවෙන් කිරි කළ පුජා කිරිම සිදුවිණි .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ තියෙන්නේ ලංකාවට ගැලපෙන ඉතාම සාර්ථක ජල ව්‍යාපෘති? ලංකාවට විතරක් නෙමේ, ලෝකෙටම ඇති තරම් ජලය සපයන්න හැකි විශ්වකර්මයින් සිටින රටක් මේක?මොකක්ද මන්දා කරුමෙකට ලෝකෙටම තියෙන්නේ මේ වගේ එකයි????
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක්..., වෙන රටවල් අඟහරු ලෝකෙටත් යන්න හදනකොට ලංකාවේ ඉන්න මේ නඩය ලංකාව ගල් යුගයට ඇදගෙන යනවනේ... මේ ඉන්දියාවෙන් ආව අර හනුමා පාලමක් හැදුව කිව්වා වගේ ගොන් කතානේ.. මේවා රජයක් හැටියට තහනම් කළ යුතුයි.. මේක කැපුවා කියලා තියෙන වතුර ටිකත් නාස්තිවුණ එකනේ වුණේ..
මෝඩ මිනිස්සු. දෙවියෝ කියල ජාතියක් ඉන්නවනම් වැස්ස ලැබෙන්න කියල කන්නලව් කරන්න ඕනද? මිනිස්සුන්ගේ දුක බලලා වස්සනවනේ.
අයියෝ ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? අර මිලිලීටර 500ක වතුර බෝතලයක් අරන් දෙකට කැපුවානම් ඉවරයිනේ.
ඔය පරාක්‍රමලා වගේ ගල් යුගයේ පණ්ඩිතයෝ ඉන්නකම් මේ රට කවදාවත් දියුණු කරගන්න අමාරුයි.. අවුරුදු දහස් ගාණක පරණ මතවලම එල්ලීගෙන ජීවත් වෙන නිසයි. ලංකාව කවදාවත් ඉස්සහරහට නොයන්නේ, මේ මිථ්‍යා දෘෂ්ඨික මිනිස්සු ගැහැණු එකතු වෙලා මේ කරන නාඩගම නවත්තලා අලුතින් පැල 1000 ක් හිටෙව්වා නම් මේ කල නාස්තියයි, ජලය නාස්තියයි වෙනුවට පසුකාලිනව හෝ වැස්ස ලැබේවි...