මහනුවර ඇතිවූ කළබලාරී සිදුවීම්වලීන් පසු ඉස්ලාම් බැතිමතුන්ගේ සිකුරාදා දේව මෙහෙය පැවැති අද දිනයේ ප්‍රදේශ කිහිපයකම බෞද්ධ හිමිවරුන් ස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට පල්ලිවලට වැඩම කර සිටියහ.
අවිස්සාවෙල්ල ජුම්මා මස්ජිදයේ සිකුරාදා දේවමෙහෙය අවසන් වන තෙක් ප්‍රදේශයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂාවට වැඩමකර සිටියේය. වැලිගම හා රත්මලාන ආදී ප්‍රදේශ කිහිපයකම සිකුරාදා දේව මෙහෙයන් පැවැති අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා වැඩම කළ සිටියහ.
තම ආරක්ෂාව වෙනුවෙන් වැඩම කළ බෞද්ධ හිමිවරුන් සුහදව පිළිගත් ඉස්ලාම් බැතිමත්හු තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන එම ස්වාමීන්වහන්සේලාට ස්තුතිය පිරිනැමූහ.




COMMENTS
මෙන්න උතුම් මිනිස්සු . ඔබට අපේ උපහාරය හාමුදුරුවනේ !!!
සුළු පිරිසක් කරන වැරදි වැඩ වලට ජාතියකට නින්දා කිරීම වැරදි බවට මේක හොඳම නිදසුනක්.
මේ තමා නියම බුද්ධ පුත්‍රයෝ.
ඉතා හොඳ වැඩක්
අගෙයි අපේ හාමුදුරුවනේ, බොහොමත්ම අගෙයි. ඔබ වන්සේලාට නමස්කාර වේවා. සැබෑ බොදු පිළිවෙත ඔබ වහන්සේලා පෙන්නුවා. සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙන්න මෙහෙම තමයි වැඩ කරන්න ඕනා.
මේ වගේ සමගියක් තමයි රටට අපිට ඕනේ. මේක ඇයි අනිත් අයට කරන්න බැරි. ස්වාමින් වහන්සේලාට සහ මුස්ලිම් පූජ්‍ය පක්ෂයට අපගේ ගෞරවය.
බොහොම හොඳ වැඩක් සියළු දෙනාම ආගම් වශයෙන් නොබෙදී ශ්‍රි ලාංකිකයන් වශයෙන් ජීවත් වීමට අධිෂ්ටාන කර ගත්තොත් රටටත් ජනතාවත් වඩා හොඳ කාලයක් උදා වෙයි.
මේවා උතුම් වැඩ
කොච්චර අගේ ඇති වැඩක්ද
" සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. "
සාමය වෙනුවෙන් කැපවෙන මුස්ලිම් පූජකතුමන්ලා සහ ප්‍රධාන මුස්ලිම් බැතිමතුන්ටද ස්තුති වේවා!!!
බුදුන් වැඩ සිටිකල හිමිදිරි පාන්දර පිඩු සිගා වැඩිමට කල් වෙලා වැඩිනම් අනෙකුත් ආගමික ස්ථාන වලට වැඩ ඔවුන් සමග සතුටු සාමිචියේ දී දහම් කරුණු සංසන්දනය කරගත් බව තිපිටක දහමේ බොහෝ තැන්වල සදහන්වේ. අද මේ මිනිසුන් නොසන්සුන් වූ විට පමණක් නොව හැකි සැම විටම මේ ආදර්ශය ඉතා උනන්දුවෙන් සිදු කිරීම මතුවටත් සහජීවනයෙන් සුහද මිතුරන් සේ ජීවත්වීමට බුදුන් පෙන්වා වදාළ උතුම් මග සියලුදෙනා අනුගමනය කර දේව බ්‍රහ්ම සම්පත්තිය සුවසේ ලබා ගනිත්වා.....පින්වත් සුවාමින්වහන්සේලා සහ පුජක තුමන්ලා සුවසේ වාසයකරත්වා.......!!!
මෙම සමහර හොද කොමෙන්ට්ස් වලට අකමැති කට්ටිය ඉන්නවා.
ඉතාම හොද වැඩක් හාමුදුරුවනේ
හොද දෙයක් මේවගේ සදාකල් ඉන්න ලැබේවා
එහෙනම් ආරක්ෂාවට පොලිසියක් අවශ්‍ය නැහැ.
මේ වැඩේ හොඳය
සමගිය යහපතට හේතුවේ .ජාතික සමගිය අප පතුරන වා වෛර - ක්‍රෝධය හා මෝහය දුරලනවා......... හෙට දින නව හිරු එළියෙ උදාවෙන් දැහැමි සමාජය පන ගන් වනවා .
ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. ඔබ වහන්සේලා නියම බුද්ධ පුත්‍රයෝ.
ඉතාමත් හොදයි
ඉතාම හොඳ වැඩක්... අපේ බුද්ධ පුත්‍රයන් ආගම හා ජාතිවාදීන්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා.