(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
පැවැති අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ආර්.ඩී.ඒ. දේශප්‍රිය මහතා පැවසීය.
දොරටු අට විවෘත කිරීම හේතුවෙන් ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16500 ක් දැදුරුඔයට මුදා හැරෙන බවත් එය ගංවතුර තත්ත්වයක් නොවන බවද ඉන්ජිනේරුවරයා පැවසීය.
කෙසේ වෙතත් අද (01) සවස් වන විට ආරච්චිකට්ටුව, පල්ලම වැනි ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසද දැන්වූ ඉංජිනේරු දේශප්‍රිය මහතා අද දිනයේ ලැබෙන වැසි තත්වය අනුව දොරටු පාලනය කිරිම තීරණය කරන බවද දැන්වීය.
ඊයේ (30) දිනයේදී කුරුණෑගල ප්‍රදේශයට මිලිලීටර් 180 කට අධික වර්ෂාපතනයක් ඉහළ වාන් දොරටු විවෘත කිරීමට හේතුවිය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 65000 කි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd