
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා වසංගත පෙර ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.
මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බවද ඒ මහතා පැවසීය.මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක් බව අසේල පතිරත්න මහතා පැවසීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් 2021 මාර්තුමස මෙරටට රැගෙන ආ අතර අද දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40 ක්බවද ඔහු පැවසීය.
ඒ අනුව ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්,3වන පංතියේ තිරිංග මැදිරි හතරක්,2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 ඇති බවද ඒ මහතා පැවැසීය.
එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බව සඳහන් කල ඒ මහතා මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව පැවසිය.
එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.




COMMENTS
කුණු ගොඩවල්
ලෝකෙට ණයවී මෙ කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් තවදුරටත් කිසිවෙකු ප්‍රසාදය පල නොකල යුතුය. ඒ සම්බන්ධයෙන් පාලකයන් ට ස්තූතිය පල නොකල යුතු අතර පාලකයන්ද තම කයිවාරු වලදී මේ ගැන උදම් ඇනීම සිදු නොවිය යුතුය. මන්දයත් අපගේ දෑස් ඉදිරිපිටම මේවායේ අනිසි ප්‍රතිපල පෙන්නුම් කරන බැවිනි. මේවා ක්‍රියාත්මක කරන අය කිසිදු විටක අත ලෙව නොකන බවත් දුම්රියක් දෑසට නොපෙනෙන අසරන ජනතාවට පවා මෙහි අනිසි විපාක වලට මුහුණ දීමට සිදු වන බැවිනි. තමන් විසින් රට සංවර්ධන කර මහන්සියෙන් උපයාගත් මුදලින් කල මෙවන් එක ව්‍යාපෘතියක් පෙන්වන ලෙසට අභියෝග කරමි.
දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි පට්ට හොරුන්ගෙ සාටකයේ පාට නේ . මේ හෙඩිමෙ අගයක් තියෙනවද.කොච්චි පෙට්ටි ආවා කිව්ව නම් ඉවරයි නේ ලොක්කා .
ඔන්න දැන් අපට පාට අල්ලා ගෙන ආණ්ඩුවට ගහන්න පුලුවන්.
ඉන්දියාවෙ කියන්නෙත් කුරහන් පාට කියලමද? තවත් කරන්නෙ හැට නවලක්ෂෙ චූන් වෙන වැඩම තමයි..
අර මලත් ගහලම එව්වා නම් ඉවරයිනේ..!!!
අප්පට ගජ, හොඳ ගාණක්... කොළඹ ඉඳලා වලස්මුල්ල, බැංකුව... නෑ නෑ සමාවෙන්න වැරදුණා බැංකුව නෙවෙයි, දුම්රිය ස්ථානය දක්වා ධාවනයට යෙදවෙයි...
පාඩු ලබන දුම්රියට මැදිරි ගේනවා... හොරට පඩි ගන්න සේවකයන්ගේ සල්ලිවලින්ද? මේවා මෝඩ වැඩ...!!!
ඉන්දියන් ලදරන් ගේන්න එපා කිව්වට අහන්නෙ නැහැ... කලින් ගෙනැල්ලා තියෙන රෝස පාට ඒවා අන්තිම සවුත්තුයි... ෆිනිෂිං එක බිංදුවයි. ඉන්දියාවේ එවට වඩා ඉන්දුනීසියානු කෝච්චි නිෂ්පාදන හොඳයි. අනික දැවැන්ත ඉන්දියානු එන්ජින් මෙහෙ රේල්පාරවල්වලට බරත් වැඩියි.. අපරාදෙ සල්ලි...
ඇයි මේ කුරහන් පාට කියලා විශේෂණ පදයක්? හරිම වැරදියි.. හිරිකිතයි... ලංකාවේ තිබුණු හා තිබෙන දුම්රිය මැදිරි බොහෝමයක් දුඹුරු පාට ඒවා කියන්න දන්නෙම නෑ නේද?
ඉන්දියාවෙන් ණය අරං ඉන්දියාවෙන්ම බඩු ගන්නවා... ඉන්දියාවේ ආර්ථිකය ගොඩ දාන්න කොච්චර කැපවීමක් කරනවද අපේ දේශපාලකයෝ...?
කාගේද මේ මොලේ?
අපේ ළමයි කවදාවත් කුරහන් ඇටයක් දැකලා නෑ... ඉතින් කොහොමද කුරහන් මේ පාටයි කියලා කියන්නේ... කියන්න තියන්නේ ඉතින් අර වලව්වේ ටික බෙල්ල වටේ ඔතාගෙන ඉන්න ලේන්සුවල පාට කියලා තමයි...
ඉන්දියාවෙන් දුම්රිය මැදිරි, චීන නෙළුම් කුළුණු සහ වරාය... ලංකාවෙන් ලබු කිරිබත්... හිඟන අපිට වෙන මොන ආතල්ද සර්..?
"අහෝ 'නන්දෙත්' නොදිටි මොක්පුර" කිව්වලු...
ගිය ආණ්ඩුවෙන් පටන් ගත්තු තන්ත්‍රී දුම්රිය මැදිරි නවීකරණය සහ අළුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා ණයවෙලා, ඩොලර් වියදම් කරගෙන ඉන්දියාවෙන් ගෙන්වනවා. අනිවාර්යයෙන් මේකේ කොමිස් ගැහිල්ලක් තියෙන්නම ඕනෑ. දේශීය කර්මාන්ත නගා සිටුවන්නයි ආවේ... අන්තිමට වෙන්නේ ඊට විරුද්ධ දේවල්... තන්ත්‍රී සමාගම එක්ව එම ව්‍යාපෘතිය කරපු නිමල් සිරිපාලද සිල්වා ඇමැතිතුමාත් මේ ආණ්ඩුවේ ඉන්නවා මේවා බලාගෙන... ඒකයි දුක...
පුළුවන් නම් වැසිකිළි පෝච්චි කට්ටල ටිකක් ඔය පැත්තෙන් ගෙනත් හදලා දාන්නකෝ...!
ලංකාවේ එදා එංගලන්තයේ මැදිරි තිබුණා... ඒවා බොහෝකල් ධාවනය වුණා. නමුත් ඊට වඩා ජර්මන් මැදිරි වටිනවා. බොහෝ කල් පවතිනවා.. අපි බලාපොරොත්තු වුණාට ඒවා කවදා ඒවිද?