ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන්ට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු 12 දෙනකු විසින් දිනාගන්නා ලද බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී ඇමෙරිකා ජනාධිපති බිරිඳ මෙලානියා ට‍්‍රම්ප් මහත්මිය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇතුළු මෙම කාන්තාවන්ට සම්මාන පිරිනමනු ලැබිණ.


COMMENTS
ඔබේ අරගලයට සුබ පැතුම්. මිනි මරුවන් කවද හෝ දඬුවම් විඳිය යුතුයි . අපේ රටේ නීතිය එය කිරීමට අපොහොසත් වුනත් ස්වභාව ධර්මයේ නීතිය කවදා හෝ ක්‍රියාත්මක වේවි.
කෝ මෙලනියගෙ ෆොටෝ එකක් නැනෙ අප්පා. මම මේ ලිපිය බලන්න ආවෙ මෙලනියා ඇති කියලා හිතාගෙන
සැමියා මියගියාට පසුව දරුවන් උස්මහත්කර රටජාතියට නීටවද උදාර මෙහෙවරක් කල උදාර කාන්තාවන් තවකොපමන සිටිනවද ,ඇයි මෙය විතරක් විශේෂ උනේ ,බුද්ධියෙන් විපරමට
මිනි මරුවන්ට තමන් ගේ මරණ මන්චකයෙදී මතක් වෙනවලු කරපු අපරද.. මේ අපරාද කාරයින්ටත් එටිකම වෙයි බෝදි පුජා තියල පිරිත්නුල් බැන්දට කරපු පවූ මනසේන් අයින් කරන්න බැ. ඔබ දිරිය බිරිඳක්........
ගරු මැතිණියනි, !!! ඔබතුමියට අපේ උත්තමාචාරය.