
( රංජිත් රාජපක්ෂ)
සංඥා ලබා නොදිම නිසා විනාඩි 30 පමණ කාලයක් කොටගල දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ නුදුරින් නතර කර තිබු පොඩි මැණිකේ දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන්අද (14) පස්වරු 1 ට පමණ කොටගල දුම්රිය ස්ථානයට ධාවනය කරවා තිබේ.
එමෙන්ම දුම්රියෙන් ගමන් සිටි මගින් බස් රථ වලින් පිටත් කර යැවිමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.
මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදි නතර කිරිම නිසා පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් කර එතැන් සිට මගින්ව බස් රථ මගින් පිටත් කර යැවිමට පියවර ගැණින.
දුම්රියෙන් පැමිණි මගින් කොටගල දුම්රිය ස්ථානයේදි නොසන්සුන්කාරි ලෙස හැසිරිය.
මගින්ගේ සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද කැදවා තිබුණි.
01.10 p.m

( රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා නොලැබිම නිසා අද(14) මධ්‍යහන 12 සිට නතර කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් සියලුම දුම්රිය ස්ථාන වසා දැමිම නිසා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය නතර කිරිමට පියවර ගෙන ඇත.
හැටන් දුම්රිය ස්ථානයද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර , ශ්‍රි පාද වන්දනාවේ පැමිණ දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි වන්දනාකරුවන් ආපසු හරවා යැවිණි.
Update 2.00 p.m




COMMENTS
සර් දැන්වත් හිට්ලර් වුනේ නැත්නම් හිටන්ටත් වඩා බලුවෙනවා. එහෙම වුනොත් සොරි සර් අපිටත් අහක බලන්න වෙනවා. ඕක පුද්ගලීකරණය කරන්න. එතකොට ඔය කවුරුවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ...
රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඉතාම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.
සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ..
රටේ ආණ්ඩුව බල්ලාට ගොස් ඇත.
මගේ දැනුම අනුව, මම නිවැරදි නම් සහ ඉතිහාසය කියද්දීත් සේනානායකලා සහ බණ්ඩාරනායක පාලනයෙන් පසුව බලයට ආපු කිසිම ජනාධිපතිලා හෝ අගමැතිලා නිවැරදිව රට පාලනය කලෙත් නැහැ, රටේ ප්‍රශ්න, අවශ්‍යතා හරියාකාරව අවබෝද කරලත් නැහැ සහ ඔවුන්ට ප්‍රශ්නවලට විසඳුමුත් දන්න නැහැ.
ඇත්තෙන්ම මේවගේ පව්කාර කාලකන්නි රජයේ සේවකයන්ගෙන් මහජනතාව කුමක් බලාපොරොත්තු වන්නද ...ඉල්ලීම් පමණක් මුලට ගෙන තම යුතුකම වගකීම අමතක කිරීම මොනතරම් කාලකන්නි කමක්ද ?
මෙහෙම මගීන් අතරමන් කරලා ඉල්ලීම් දිනනැවට වඩා හොඳ නැද්ද පාරේ හිඟා කෑවා නම්
මොනතරම් සුන්දරද මේ අපේ ලාංකික ජීවිතේ? ජනතාව එකිනෙකාව පීඩාවට පත් නොකර සතුට හා ජය එකිනෙකා අතර සමගියෙන් බෙදා ගන්නවා. ඒකටත් එක්ක අර පිටරට ජාතීන්.., ඔවුන්, ඔවුන්ගේම ජාතියට ගරු නොකර, තමන්ගේ ජාතියම පීඩාවට පත් කරමින් පුදුම සතුටක් ලබනවා. ඒ ඔවුන්ගේ ජානවල විපරිත ස්වභාවය වෙන්න ඇති... ඒත් බලන්නකෝ මේ ලෝකයේ උතුම් රටවන ධර්මද්වීපයේ ජීවත්වෙන ජනතාව එකිනෙකාට කරුණාව, මෛත්‍රිය දක්වමින් තමන් ගැනවත් නොසිතා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නා ආකාරයයි. අනෙක් තුප්පහි ජාතීන් ලෝකෙටම අවවාද දෙමින් ඉල්ලීම් දිනාගද්දී අපි ලෝකෙටම ආදර්ශමත් ලෙස ඉල්ලීම් දිනාගන්නා ආකාරය. හරිම ආඩම්බරයක් දැනෙනවා මගේ හිතට...
ජනාධිපතිතුමනි, මහජනතාවෙනි, මේ කාලකන්නි වර්ජකයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර යම් දෙයක් කරන්න. යන්තම් සංචාරකයින් පැමිණෙමින් රටට යම් ආදායමක් ලැබෙන මේ අවස්ථාවේ මොවුන් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම ත්‍රස්තවාදය හා සමානයි.
යකෝ.. දැන්වත් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරපන්...