IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සෙත් පතයි


 (දයාරත්න ඇඹෝගම)
 
යුද හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමිව හමුදාවේ  සියලු සේනාංක ධජයන්ට සදහා සෙත් පැතිමේ ආගමික උත්සවය  අද (30) දින යුද  හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වුණි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රමුඛ අටමස්ථානාධිපතිවරුන්ගේ  අනුශාසනා මත ආගමික වතාවත් සිදුවිය.
 
අද (30)දින උදෑසන මහාවිහාරයට පැමිණි යුද හමුදාපතිවරයා පළමුව අටමස්ථානාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ආගමික උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
 
අනතුරුව මහා සංඝරත්නයදී පෙරටු කොට ගෙන ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදි යුද හමුදා සියලු  ධජයන්ට සෙත් පැතීම සිදුවිය.
 
මෙම අවස්ථාවට රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන, ජයන්ති විහාරාධිපති  නුගේතැන්නේ පඤ්ඤානන්ද, ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති, ජේතවනාරාමාධිකාරි  ඉහල හල්මිල්ලැවේ රතනපාල, මිරිසවැටිය විහාරාධිපති  ඊතලවැටුණවැවේ ඥානතිලක යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 



අදහස් (8)

හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සෙත් පතයි

jagath Wednesday, 30 September 2020 08:58 AM

ආගමික කටයුතු වලට රජයේ මුදල් වියදම් කරන එක හරිද?

:       10       7

senaWednesday, 30 September 2020 10:36 AM

මේක ආගමික කටයුත්තකට වඩා වාර්ෂිකව කෙරෙන යුද හමුදාමය කටයුත්තක්....

:       3       8

කමල් Wednesday, 30 September 2020 01:22 PM

බුදුදහම අවිහිංසාවාදී ආගමක්... එහෙම ආගමක භික්ෂූන් වහන්සේලා එකතුව යුද හමුදා ධජවලට සෙත් පතනවා කීමේදී කවර ආකාරයේ සෙතක් ද පතන්නේ? යුද්ධයෙන් ජය ලබත්වා කියලා සෙත් පතන්ඩයෑ?

:       7       6

beauThursday, 01 October 2020 10:05 AM

බුද්ධ ධර්මය ගැන දන්න ටික තමයි මේ කියලා තියෙන්නේ. ආටානාටිය සූත්‍රයවත් කියවන්න ගිහින්...

:       2       0

කමල්Thursday, 01 October 2020 10:54 AM

ආටානාටිය සූත්‍රය කියවලා තියෙනවා. ඒකෙන් මොනවා ගන්නද?

:       0       1

sumithraThursday, 01 October 2020 11:38 AM

කමල් - ආටානාටියෙන් ගන්න දේ දන්නේ නැත්නම් පිරිත් ගෙදරක ආටානාටිය පිරිත​ කියන වෙලාවක එළියට යන දොර උලුවස්සක ඉන්න​... දැනගන්න ලැබේවි.!!!

:       2       0

කමල්Thursday, 01 October 2020 01:19 PM

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ තියෙන ආටානාටිය සූත්‍රයෙන් ගන්න ඕනෑ දේ මම දන්නවා. නමුත් හමුදා ධජවලට සෙත් පැතීම ගැන මම කියපු දේකට ආටානාටිය සූත්‍රය බලන්න කීම පය බරවායට පිටි කර බෙහෙත් බඳින්න කිව්වා වගේ වැඩක්... දන්න දෙයක් කියන්නේ නැතුව සූත්‍රයක නම කියලා තමන් දන්නා බව හැඟවීම හිස් පුද්ගලයෙකුගේ ලක්ෂණයක්... ඒ නිසා සුමිත්‍ර හිස් කථා නැතුව දන්න දෙයක් තියෙනවා නම් කියන්න.

:       0       1

samarasekara - gampaha Thursday, 01 October 2020 06:32 PM

රටේ උඩ ඉඳලා පොඩ්ඩා දක්වාම අත්වල කඹ තරම් නුල් බැඳගෙන, ඇට වළලු බැඳගෙන, ගෝත්‍රිකයින්ගේ තවත් මිත්‍යා දෘෂ්ටික වැඩක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site