IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

(ඩයනා උදයංගනී)

ස්වසන අපහසුතා ඇති රෝගීන් සඳහා භාවිතා කිරීමට හැකි තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ( HEATED HUMIDIFIED OXYGEN THERAPY ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කර ඇති අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී  සිදුවිය.

කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය නිෂ්පාදනය කර ඇත.

මෙම උපකරණ කට්ටලය නිර්මාණය කිරීමේදී නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් හිමිව තිබේ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කපිතාන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය මෙහි නිෂ්පාදන කටයුතු සිදු කළේය.

ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති අතර, මෙහි විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට මෙවැනි උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව මෙම නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.
උපකරණයේ ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමා වෙත හඳුන්වාදීම ද මෙහිදී  සිදු කෙරිණ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (6)

ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

siri Thursday, 13 May 2021 09:54 AM

මේකනම් හොඳ වැඩක්. දැන් තියෙන්නේ මාධ්‍ය සංදර්ශනය නවත්වලා මේවා සිය දහස් ගණනින් නිෂ්පාදනය කර රෝහල් වලට සැපයීමයි. මොකද මේ වසංගතයට ගොදුරුවන සියලුම දෙනාට ඔක්සිජන් සැපයීම මුලිකම අවශ්‍ය තාවයක් වෙන නිසා. ඒ අසරණ ලෙඩ්ඩු කාටවත් බෙහෙත්ගන්න කියල හිටි හැටියේ කිසි කෙනෙකුට කියන්නේ නැතුව ඇමෙරිකාවට යන්න සල්ලිවත් බලයක්වත් නැහැනේ.

:       5       22

ase Thursday, 13 May 2021 10:50 AM

ඔකත් අනික් දේවල් වගේ වෙයිද දන්නැ

:       7       15

mali Thursday, 13 May 2021 03:37 PM

මේවා කරන්න ඕන තමයි. ඒ වුණත් ඇයි මේ දේශපාලුවන් සංදර්ශන පවත්වන්නේ...? මේවා මහජන මුදල්.

:       0       0

SL Thursday, 13 May 2021 06:08 PM

හියුම්කරණය? වචන තේරුමක් ඇතිව හැදුවා නම් තමයි හොඳ..

:       0       0

Bimal Perera Thursday, 13 May 2021 11:17 PM

ඒක තමා එයාගේ රැකියාවට අදාල වැඩ කරන්න බැරි වෙනවා ඇත්තේ

:       0       0

sachith dulanka Friday, 14 May 2021 03:29 AM

වදුරෝ ගෙවල් හදන්න පටන්ගන්නේ වහිනකොට එහෙත් වෙස්ස පායනකොට වැඩේ නවත්තනවා. රටේ නායකයට ඕනේ ජනප්‍රියත්වය පමණක්මයි කියලා දෙන ගත්තහම බොරුකාරයෝ හැමෝම රජාව මුරුංග අත්තේ තියන්න පුදුම උත්සහයක් දරන්නේ . නවනිර්මාණ කියකියා ලංකාවේ නුගත් මිනිස්සුන්ව රැවට්ටුවට අනිතිමට කඩා වටෙන්නනේ අපේ රට කියන එක මේ කිසිම බොරු කාරයෙක්ට තේරෙන්නේ නැැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site