IMG-LOGO

සර්වඥ ධාතූ ප්‍රදර්ශනය අඹන්වලදී

( මහනුවර විශේෂ චමිල් රූපසිංහ)


පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහනුවර උඩුනුවර
අඹන්වල පුරාණ විහාරයේදී අද (12) දින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.


පූජ්‍ය අඹන්වල ගුණරතන හිමියන්ගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතාගේ ඉල්ලිම මත මෙම ධාතුන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහනුවර, උඩුනුවර, අඹන්වල පුරාණ විහාරයේ සාදන ලද විශේෂ පීඨිකාවක තැන්පත් කර ඇති අතර අද (12) දින සිට හෙට (13)  අලුයම 5 දක්වා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව හෙට (13) දින පෙරහරින් සේදවත්ත පුරාණ විහාරයට වැඩම කරවනු ලබයි.


වැල්ලම්පිටිය වෙහෙරගොඩ  පුරාණ විහාරයේ 14 වැනිදා සිට 15 දින දක්වා මෙම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කර එදිනම කොළඹ හුණුපිටිය ගංගාරාමයට වැඩම කරවීමට නියමිතය.



අදහස් (5)

සර්වඥ ධාතූ ප්‍රදර්ශනය අඹන්වලදී

සෙනෙවි Saturday, 12 May 2018 01:31 PM

ඇත්තටම මේවා අවශ්‍යද?

:       548       435

Samare Sunday, 13 May 2018 06:08 AM

පාකිස්ථානෙන් වැඩමවූ නිසා මේවටත් විරුද්ධව සමහරු උත්ඝෝෂණ කරයි ද දන්නේ නැහැ

:       16       13

කුමාර් (ගල්ෆ්) Sunday, 13 May 2018 10:39 AM

රටේ පාපය ඉහ වහා ගිහිල්ලා, ඉතින් මේවා කළා කියලා ඔක්කොම හරියයිද?

:       15       2

නිමල් රත්නායක Sunday, 13 May 2018 12:54 PM

කරුණාකර බුදු දහම බේරා ගන්න උදව් කරන්න!

:       0       0

lashan Sunday, 13 May 2018 01:44 PM

ඔයාලා වඳිනවා... කතෝලික අපි යාඥා කරලා ස්තුති කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site