
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) උඳුවප් පුන් පෝය (07) දින වූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.
සකල ලෝකවාසී බෞද්ධ ජනතාගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ, අන්‍යාගමිකයින්ගේද වන්දනාමානයට ලක්ව ඇති ගෞතම බුදුන්වහන්සේගේ වම් ශ්‍රීපතුල පිහිටා ඇති ශ්‍රීපාදස්ථානය ලොව පිහිටි වැඩිම කාලයක් වන්දනාමාන කිරීම සඳහා ඇති ආගමික ස්ථානයක් ලෙස සැලකේ.
අවාර සමයේ පැල්මඬුල්ල, ගපොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය, සදාතුක කරඬුව හා දේවාභරණ (05) දා පස්වරුවේ සුභ නැකත් අනුව දොරට වැඩම කිරීම සිදු කරනු ලැබුවේ, ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව මහා සංඝරත්නය මගින් චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවය.
(06) දා අළුයම් කාලයේ යෙදුන සුභ නැකත් අනුව සදාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාදස්ථානය දක්වා විශේෂ පෙරහැරකින් වැඩම කිරීම මාර්ග 04 ක් ඔස්සේ ආරම්භ කෙරිණි.
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ගමන් ආරම්භ කළ මෙම පෙරහැරවල් වලින් එක් රිය පෙරහැරක් රත්නපුර, අවිස්සාවේල්ල, යටියන්තොට, හැටන් හරහා නල්ලතන්නිය දක්වාද, අනෙක් පෙරහැර රත්නපුර- පලාබද්දල මාර්ගයෙන්ද, අනෙක් පෙරහැර කුරුවිට-එරත්න මාර්ගයෙන් හා තවත් පෙරහැරක් රත්නපුර-බලංගොඩ, බගවන්තාව, නල්ලතන්නිය හරහා ශ්‍රීපාදස්ථානයට වැඩම කිරීම සිදු කෙරිණි.
හැටන් මාර්ගයෙන් හා බලංගොඩ මාර්ගයෙන් ගමන්ගත් රිය පෙරහැරවල් නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත (07) දා අළුයම 03.30 ට පමණ ළඟාවිය. එහිදී රාජයේ උසස් නිලධාරීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශයේ බෞද්ධ හා හින්දු බැතිමතුන් විශාල පිරිසක් සමන්දේව ප්‍රතිමාවට පූජෝපහාර දක්වන අයුරු දක්නට ලැබුණි.
සදාතුක කරඬුව,සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ රැගත් රිය පෙරහැරවල් නඟර හරහා ගමන් ගනිද්දී මෙවර අති විශාල බැතිමතුන් පිරිසක් වෙනත් වසර වලට වඩා පූජෝපහාර දැක්වීමට රැස්ව සිටිහය. සෑම නඟරයකම බෞද්ධ කොඩි ඔසවා බුද්ධාලම්භන ප්‍රීතිය දනවන අයුරින් සැරසිළි කර තිබුණි.
(රංජිත් රාජපක්ෂ)



2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
163
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිරිපා වන්දනා සමය ඇරැඹෙයි
D P P Prasad Wednesday, 07 December 2022 10:58 AM
සිරිපා වන්දනා සමය ඇරඹිම පිළිබඳව බෞද්ධ හා බෞද්ධ නොවන සියළුදෙනා සතුටු විය යුතුය. එහෙත් ඇතැම් අය කදු නැගීම හා හුදු විනොදාස්වාදය සදහා මෙම ආගමික සිද්ධස්ථානය වෙත යනු ලබයි එසේ ගමන් කරන සමහර අය ඔවුන් රැගෙන ප්ලාස්ටික් බෝතල් ඉතිරිවන කෑම නොදිරන දුව්‍ය මෙම සිද්ධස්ථානය හා ඒ අවට ප්‍රදේශවල දමා එනු ලබයි. හිතාමතා හෝ අමතක වී එසේ දමා එනු ලබන දැ නිසා මෙම සිද්ධස්ථානය හා ඒ අවට ප්‍රදේශය දැඩි පරිසර හානියකට ලක්වේ. ඇතැම් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විශාල වෙහෙසක් දරා මෙම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරනු ලබයි. එමනිසා මෙම ස්ථානය අපවිත්‍ර කිරිමෙන් වැලකීම අප කාගෙත් යුතු කමකි.
සුරකිමු පරිසරයWednesday, 07 December 2022 09:42 PM
කෑම කාලා හැම තැනකම ඒවා දාලා යන අයට ඇඟට දැනෙන්නම දැඩි දඩයක් ගෙවන්න නියම කරන්න...! යුරෝපා රටවල එවැනි අයට දෙන දඩය රු 50,000 කි..! ගියවර සිරිපා වන්දනා සමයේ තිබුණු කසළ ගොඩ මතකද...?
perera Thursday, 08 December 2022 04:49 PM
සාදු සාදු සාදු.!