IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්‘ පුත්තලමේදී

‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් ‘පුත්තලම නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී   අද (16) ආරම්භ කෙරිණි.
 
 
ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මගින් මෙම  වැඩසටහන සංවිධානය කර තිබේ.
 
අද (16) සිට ලබන 23 වැනිදා තෙක්  දින  08 ක් පුරා  මෙම වැඩසටහන පුත්තලම, එළුවන්කුලම්හි,  ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වෙන අතර, හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.
 
ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවීණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද  මෙම පාඨමාලාවේ  උපදේශකවරුන් ලෙස  කටයුතු කරයි.
   
හමුදා  පුහුණු අධියර යටතේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් සහභාගිවන අතර, සිවිල් අධියර යටතේ ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගී වී සිටී.
 
නාවික යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ‍ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා‍වේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානයේ වත්මන් අධ්‍යක්‍ෂක, ගෲප් කපිතාන් (විශ්‍රාමික) ෆර්සාන් හෂීම් මහතා ඇතුළු කණ්ඩාමක් මෙම වැඩසටහන සංවිධාන කර තිබේ.

 

(36698)

(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය)



අදහස් (0)

‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්‘ පුත්තලමේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site