IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සුපිරි දැවැන්තයා කොළඹ වරායට

ලොව විශාලතම බහාලුම් නෞකාව යනුවෙන් හැඳින්වෙන ‘එවර් ඒස්’ නෞකාව කොළඹ වරායට සේන්දු විය.

‘එවර් ඒස්’ නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලුම් ප්‍රවාහන සමාගමක් වන ‘එවර්ග්‍රීන්’ සමාගමට අයත් වේ.

මෙම නෞකාව අඩි 20 බහාලුම් (ටී.ඊ.යු.) 24,000ක් රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන අතර මේ ආකාරයේ නෞකාව ඉදිරියේදී නාවික ක්ෂේත්‍රයට එක්වනු ඇතැයි ද එවර්ග්‍රීන් සමාගමේ මෙරට නියෝජිත ආයතනය වන හේමාස් හෝල්ඩින්ස් සමාගම සඳහන් කළේ ය.

‘එවර් ඒස්’ නෞකාව ඒ වර්ගයේ නෞකාවක් වන අතර මීටර 400ක දිගින් සහ මීටර 61.5ක පළලකින් සමන්විත වේ.

මෙම නෞකාවට නාවික සැතපුම් 22.6ක වේගයකින් ගමන් කළ හැකි අතර උපරිම වේගයෙන් ගමන් ගන්නා අවස්ථාවකදී බහාලුම් 23,992ක් රැගෙන යාමේ හැකියාව පවතී.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වේ. 

ඩේලි එෆ්.ටී. 

(055)

ඡායාරූප ශාන්ත රත්නායක 

 



අදහස් (14)

සුපිරි දැවැන්තයා කොළඹ වරායට

Dilshan Wednesday, 06 October 2021 11:32 AM

මෙවැනි දැවැන්ත නෞකා පවා කොළඹට සේන්දු වීමට අවශ්‍ය පහසුකම් , සහ විශ්වාසය ලබා දුන්නේ මේ රජය බව අපි අමතක නොකල යුතුයි.

:       105       88

fairoos Wednesday, 06 October 2021 12:45 PM

අපේ සුදු අලි වරායට ගෙන්න ගන්න බැරි වුනාද ?

:       34       39

sisilThursday, 07 October 2021 02:16 AM

පෝලිම් යුගය අවසන් ලොව විශාලතම බහාලුම් නෞකාව බහාලුම් (ටී.ඊ.යු.) 24,000ක් රැගෙන කොළඹ වරායට සේන්දු වි ඇත .

:       0       2

kamalThursday, 07 October 2021 03:10 PM

නැව කොලම කොල පාටනේ .මේ පාට වරායට ගැලපෙන්නේ නැහැනේ .ඒකයි එහෙ ගිහින් නැත්තේ

:       2       0

amila Wednesday, 06 October 2021 02:04 PM

ඕක ගිනි නොතියා පුළුවන් ඉක්මණට පරිස්සමෙන් පිටත්කර යවන්න. මේකේ ඉන්න අය ඩොලර් පිපාසයෙන් ඉන්නේ... කාවවත් ශුවර් නැහැ.

:       0       1

ganegoda Wednesday, 06 October 2021 03:21 PM

චීන්නු කොහොම වැඩකාරයෝද ?

:       0       0

Nuwan Wednesday, 06 October 2021 03:26 PM

කොළඹ වරාය කිව්වට ගිහිල්ලා තියෙන්නේ චීනාගේ පර්යන්තෙටනේ .චීනටනේ සල්ලි ටික යන්නේ

:       0       1

saman Wednesday, 06 October 2021 03:27 PM

නැව් ගිනි තියන කප්පිත්තන් ගිහින් ඕකත් ගිනි තියාවිද දන්නේ නැහැ

:       0       0

chandima Thursday, 07 October 2021 12:32 AM

කොළඹ වරායට කිව්වේ චීන්නුන්ගේ වරායටද ?ඉන්දියන් කාරයින්ගේ කොළඹ වරායටද ?අපේ රටට අයිති කෑල්ලට නම් එන්නේ පාරු විතරක්නේ නේද ?

:       0       0

69lakshaya Thursday, 07 October 2021 02:41 AM

අර ලොකුම මැණික විකුනලා හම්බවුන සල්ලි මේ ගෙනල්ලා තියනවා කියන්නේ

:       1       0

අප්පුහාමි Thursday, 07 October 2021 07:15 AM

කොළඹ වරාය ඉහළ තත්ත්වයකට සැකසීමේ ගරුත්වය දිය යුත්තේ හිටපු අමාත්‍ය ගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාටය. පසුගිය කාලයේ හම්බන්තොට වරාය නොහදා මෙහිම නැගෙනහිර හා බටහිර පර්‍යන්ත සකස් කලේ නම් රටෙන් කොටස් විදේශ වලට නොදී අභිමානවත් රටක් ලෙස සිටීමට අපට හැකියාව තිබුන බව මගේ අදහසයි

:       1       7

සමන් Thursday, 07 October 2021 12:57 PM

ඇත්තෙන්ම මහන්සි වී වරාය ගැඹුරු කොට පුළුල් කොට මෙම නෞකාව කොළඹට ගෙන්වා ගන්නා ලදී.. අපි කොහොමත් ලෝකේ ලොකුම වැඩ කරන්න රුසියෝ. වරාය ඇමතිතුමාගේ අප්‍රතිහත දයිර්‍ය හා නාවික ක්ෂේත්‍රයේ නොමද සබදතාද මේ සදහා ඉවහල් විය. සමහරවිට අපේ කුහකයෝ කියන්න පුළුවන් කවුරුහරි බුකින් එකක් දාපු නිසා බඩුත් එක්ක ආවා කියල එහෙම නෙවේ ඔන්න.

:       3       0

hemantha Thursday, 07 October 2021 03:30 PM

පින් සිද්ද වෙයි, ගිනි ගන්න කලින් යනවද

:       0       1

sene Thursday, 07 October 2021 04:06 PM

cict කියන්නෙ වරායේ ච්න පරියන්තය නෙද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site