ඩී.කේ.රත්න
පසුගිය මාස කීපය තුළ දිය බිඳක් හෝ නොමතිව සිඳී ගිය බණ්ඩාරවෙල කිරිදිඇල්ල මේ වන විට නැවතත් සක්‍රීය වී ඉතාමත්ම සුන්දර ලෙස ගලා බසී.
බණ්ඩාරවෙල ඇල්ලතොට ඔය ගලා බැසීමේදී බණ්ඩාරවෙල නගරයට කිලෝමීටරයක් පමණ දුරින් බණ්ඩාරවෙල කොළඹ ප්‍රධාන මාර්ගය අසලම බණ්ඩාරවෙල ඇල්ලතොට ප්‍රදේශයේ මෙම සුන්දර දියඇල්ල පිහිටා ඇත.
පසුගිය කාලය තුළ පැවති වියළි කාලගුණය නිසා මෙම ඇල්ල මාස ගණනක් පුරා බිංදුවටම සිඳී ගිය අතර මෙම දිය ඇල්ල ගලා බසිනා ගල් තලාව පමණක් දක්නට ලැබිණි.
බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලූණු වර්ෂාවත් සමග බණ්ඩාරවෙල ඇල්ලතොට ඔය පුරා ජලය ගලා යෑම නිසා මෙම කිරිදි ඇල්ලද සුන්දර ලෙස කඩා හැලේ.
අඩි සියයක පමණ උසකින් යුත් මෙම සුන්දර කිරිදිඇල්ල දිය ඇල්ල නැවතත් සක්‍රීය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ඇල්ලේ සුන්දරත්වය දැක බලා ගැනීමේ හැකියාව නැවතත් ලැබී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිඳී ගිය කිරිඳිඇල්ල යළිත් මතුවේ