IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සනසන්න ආ ජනාධිපති

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය.

දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය.

ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

සනසන්න ආ ජනාධිපති

Vira Monday, 19 December 2022 01:56 PM

අපේ රටේ නායකයෝ වගේ තරුණ ජනාධිපති කෙනෙක්...

:       3       63

සඳුන් Monday, 19 December 2022 02:23 PM

හිතා ගන්න අමාරුයි ජනාධිපති කෙනෙක්ද කියාලා ..... එතකොට කෝ අර කපුටො වගේ වටපිට බල බල ඉන්න ආරක්ෂක සේනාංකය. ලකුණු දාගන්න එකත්පස්ව ඉන්න ඇම්බැට්ට ඇමති සෙට් එක.

:       1       72

sharm warn Monday, 19 December 2022 02:30 PM

අපේ රටේ මිනිස්සු නම් මේ වගේ අලුත් කෙනෙක්ව රටේ නායකකමට පත්කරගන්නේ නැහැ. ඒ වෙනුවට මේ මනුස්සයාගේ තෝම්බුව වටේ පතුර පතුරා මඩනම් ගහයි. මේ වගේ තරුණ කෙනෙක් වෙනුවට නාකි සොරුන්වම තෝරගෙන හැමදාම කනෝ... කනෝ... කිය කියා විලාප දෙන්න විතරයි... අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු දන්නේ...!

:       1       59

Helaya Monday, 19 December 2022 07:00 PM

ක්‍රීඩාවේදී ජය සහ පරාජය දෙකම බලාපොරොත්තු වෙන්න ඕනෑ... ඕනෑවට වඩා සංවේදී වෙන්න හොඳ නැහැ. මම මේ තරගය අවසාන වෙනතෙත් බලා සිටියා. මොහු ටිකක් උද්දච්ච කෙනෙක් බව මගේ හැඟීමයි. තමන්ගේ රටේ ජනාධිපති ඇවිත් ඔහුව අස්වැසිල්ලන කොට ඔයිට වඩා වෙනස් විදියට ක්‍රියාකිරිම තමයි හොඳ...

:       20       6

chinthaka - ukMonday, 19 December 2022 07:51 PM

හෙළයා හිතන්නේ සකල සිරින්පිරි සිරි ලංකාව කියන බයි ලන්තයේ ඉන්නේ මෝඩ, නියාලු ගෝත්‍රික මිනිසුන් විදිහට. ලෝකය දැන් ගොඩක් දුර ගිහින්. දියුණු රටවල ජනතාව සමගමයි පාලකයින් සිටින්නේ. ඔවුන් අතර වැඩි වෙනසක් නැහැ. ඔවු නොවුන්ගේ නමින් අමතන්නේ. අපේ රටේ ගෝත්‍රිකයින් වගේ අති උතුම්, අතිගරු කෑලි නැහැ. මැක්රෝන්, එපමණයි. නිදහස් මිනිහෙක් වගේ හිතන්න පුරුදු වෙන්න...

:       4       32

Helaya Monday, 19 December 2022 09:09 PM

ජය පරාජය විඳදරා ගන්න බැරිනමි ක්‍රීඩා නොකර ඉන්න. අනෙක් කරුණ ඔයා UK වල හිටියා කියලා තමන් තමයි සියලු දේ දන්නේ කියල හිතන්න එපා. ඔයා ඉන්නේ UK කියලා දාපු ගමන්ම ඔයාගේ තර්කය බිඳිලා ඉවරයි...

:       3       0

SanthuTuesday, 20 December 2022 12:22 PM

ඖ, එරට වල "මැක්රෝන් මහත්මයා" ලෙසින් අමතන්නේ (කාටත්, කම්කරුවටත් රටේ නායකයාටත් මහත්මයා , මහත්මිය සේ ) උසස් ඉහල යයි හිතන් ඉන්න අය තාමත් ඉන්නව අපෙ රටේ

:       2       9

Helaya Tuesday, 20 December 2022 05:20 PM

ඔයා හිතන්න එපා මෙි රටෙි ඉන්න හැම මිනිහම ඔයා කියන ජාතියෙ කියල අපි දැක්ක රටවිරැවො කියල අතින් ටිකටි අරගන ජනදෙ දානව, අන්තිමට මොකද උනේ. අන්න ඒ අයට තමයි බයියො කියක්නෙ. අනෙක් කරැන ඔයා UK කියල දාපු ගමන්ම ඔය දාපු පොයින්ටි එක කැඩෙනව.

:       1       1

ජනිතTuesday, 20 December 2022 12:18 PM

එකගයි. කවුරු වුණත් තමන් ලගට ආවොත් නිහතමානිව කතා කරන එක මහත්මා ගුණයක්. ජනපති නිහතමානි නිසයි එහෙම කතා කලේ. ජනපතිට ගණන් නොගෙන ඉන්න තිබුණා. මේ ක්‍රිඩකයා හරි උද්ධච්ච කෙනෙක් කියලා පේන්නේ.

:       3       2

කිරීඩාලෝලියෙක් Tuesday, 20 December 2022 03:13 PM

මං කියන්නේ ප්‍රංශයට තව ඒක ගෝල් එකක් ගැහුවනම් දිනන්න තිබුන හොඳටම. මේ දැන් බොරුවට වැලපිලා වැඩක් නෑ. ජනාධිපතිත් සෙල්ලම් කලාද ප්‍රංශ ටීම් එකාට එයා ඇයි මෙතන. අපේ රටේ ජනාධිපතිලා ඒ අතින් ග්‍රේඩ්. පැරදිච්ච් උන් ළඟ මොකටද සෙකන්ඩ් වෙන්න යන්නේ.

:       1       4

MACRONE Tuesday, 20 December 2022 07:22 PM

මාවැනි පාපන්දුවා - ලගටම ඇවිල්ලා - දුක දුක කුමන්දා - අසන නිරින්දෝ කොයින්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site