IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සෞඛ්‍ය සේවක වැඩවර්ජනය නිසා රෝගීන්ට දැඩි පීඩා

(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.

වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.

හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.

මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටිනු දක්නට ලැබිණි.

රෝහල්වල ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් ඔසුසල් ඇතුළු ඖෂධ අලෙවිසැල්වල දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.

රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් වීදිය, ද සොයිසා, කේතුමතී, මහමෝදර යන කාන්තා රෝහල්, අයි.ඩී.එඩ් රෝහල, මධ්‍යම ලේ බැංකුව, මාළිගාවත්ත හා පොළොන්නරුව වකුගඩු රෝහල් යන ස්ථාන 10 හි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවේ.

වර්ජනය ක්‍රියාත්මක වුවත් අසාධ්‍ය රෝගීන් හා හදිසි රෝගී සත්කාරක සේවා හා ජීවිතාරක්‍ෂක සේවා පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

රටපුරා රෝහල්වල 65,000ක් පමණ මෙම වර්ජනයට සම්බන්ධ වී සිටින බව ද ඔහු සඳහන් කළේය.

රජයෙව් ස්ථිර විසඳුමක් නොලැබුණහොත් දැනට වර්ජනය නොපවතින රෝහල් ද යම් මොහොතක වැඩවර්ජනයට ඇතුළත් කරගැනීමට සිදුවනු ඇතැයි හෙතෙම කීවේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි 



අදහස් (1)

සෞඛ්‍ය සේවක වැඩවර්ජනය නිසා රෝගීන්ට දැඩි පීඩා

බද්රානි Tuesday, 08 February 2022 02:54 PM

ලංකාවේ සෑම ක්ෂේශ්ත්‍රයකම පාහේ තියන ප්‍රශ්න විසඳා ගැනීමට මම නම් ඉතාම සරල ක්‍රමයයි යෝජනා කරන්නේ..නුඹලා එකට එකතුවී එකිනෙකාව මරා ගනිල්ලා..අන්න එතකොට, මේ භුමිය අරක්ගෙන සිටින තුච්ජ, මිලේච්ජ, විෂඝෝර ජාතිය මේ භූමියෙන් වඳවී, යහපත් ජාතියකට මේ පින් බිම අයිති වේවි!! තම වර්ගයාගෙන්ම පළි ගන්නා අමනොඥ ජාතිය නුඹලාට මේ ලෝකයේ පැවැත්මක් නැත!!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site