IMG-LOGO

වැසි ඉල්ලා තබ්බෝවේ ගොවියෝ පිරිත් කියති

(රෝවන් පෙරේරා)  


වැසි ඉල්ලා දෙවියන් යදින තබ්බෝව ගොවි ජනතාව තබ්බෝව ජලාශයේ පිරිත් කියමින් අද (25) රැය පහන් කලේ තබ්බෝව වැව් තාවල්ලේය.


වසර දෙකක පමණ කාලයක සිට පවතින අධික නියඟය සහිත කාලගුණය හේතුවෙන් තබ්බෝව ජලාශය ඇතුළු වැව් අමුණු රැසක් සිඳීයාමෙන් ගොවිජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව ගොවින් පවසයි.

 



අදහස් (17)

වැසි ඉල්ලා තබ්බෝවේ ගොවියෝ පිරිත් කියති

lashan Sunday, 25 February 2018 09:59 AM

යාඥා.. කියලා ලෙඩ සුව කරන එකට බනින, හිනාවෙන බෞද්ධයෝ කොහොමද පිරිත් කියලා වැසි වස්සවන්නේ?

:       2638       618

kapilaSunday, 25 February 2018 11:20 AM

ඔයාට දැන් ඒක ප්‍රශ්නයක්ද? කොළඹ ඉන්න අය වතුර කැපුව ගමන්, වට පිටාවේ ඉන්න ළිං අයිතිකාරයින්ට තමයි වැඳ වැටෙන්නේ...

:       5       45

lashanSunday, 25 February 2018 11:47 AM

මගේ තර්කෙ ගැන වාද කරන්න.. වෙන අනන් මනං නැතුව.

:       17       32

Pradeep LiyanageSunday, 25 February 2018 11:30 AM

මමත් දන්නා විදියට යාඥා කිරීමෙන් ලෙඩ සුව කරනවා කියන අය සමාජයේ අවඥාවට ලක්වූ අවස්ථා තියනවා. නමුත් ඒ අවඥා කල සියලු දෙනාම බෞද්ධ අය කියන්නේ කොහොමද? ඒ වගේම ඒ අවඥා කල පිරිසම මේ වැසි ඉල්ලා පිරිත් කියනවා කියන්නේ කොහොමද? සිදුවීමක් දෙකක් සලකලා ඒක සමස්තය විදියට ගන්න එපා. මේක එක එක ආගම් අදහන අයගේ විශ්වාසයන්. දුප්පත් ගොවීන්ට පවතින රජයකින් හෝ වෙනත් කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නැති තැන තමයි මේ වගේ දේවල් වලට පෙලඹෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මේකට කියන්නේ "ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ" කියලා. අනවශ්‍ය විදියට ආගමික ඝට්ටනයක් ඇති කරන්න එපා.

:       1       204

නුමාSunday, 25 February 2018 09:22 PM

යාඥා සහ වැසි ඉල්ලීම යන මිත්‍යාවන්ගේ වෙනසක් නැත, වෙනස ඇත්තේ යාඥා මෙහෙය ජීවිත බිල්ලට දෙමින්, මනස පිළිබඳ උගත් හොර තක්කඩින් මෙහෙයවීමත්, වැසි ඉල්ලීම මිත්‍යාව වැලඳ ගත් පිරිසක් කරන අහිංසක ඉල්ලීමක් වීමයි. අද අවශ්‍ය වන්නේ මුලින් පැවසූ හොරුන් සිරගෙට යැවීමත්, දෙවනුව පැවසූවන්ට විද්‍යාව ඉගැන්වීමත්‍ ය. පරිසරය ආරක්ෂාකරගැනීමේ වැදගත්කම ඉගැන්වීමත්‍ ය. අද තිබෙන ආගම් සියල්ලේම මිත්‍යාව යහමින් පෝෂණය වී තිබේ.

:       13       54

sripaliMonday, 26 February 2018 03:12 AM

යාඥා කරන්නේ සර්ව බලදාරී දෙවියන්ට, පිරිත් කියන්නේ දෙවි වරුන්ට. සර්ව බලදාරී දෙවියන් සහ දෙවියන් කියන්නේ සංකල්ප දෙකක්. ලංකාවේ සංස්කෘතිය ගැන නොදැන බටහිරින් ආපු සර්ව බලදාරී දෙවියන් ඔලුවේ තියාගෙන ඉන්නකොට ඕවත් ප්‍රශ්න තමයි.

:       1084       5469

jayasekaraMonday, 26 February 2018 09:05 AM

අවුරුදු 500ටත් අඩු සංස්කෘතික ඉතිහාසයක් තියෙන ඔයාට නම් මේක ලොකු ගැටළුවක් තමා... ඔය කියන යාඥාව වැරදුණොත් මිනිස් බිල්ලක් තමා... කකුල් දෙක රටවල් දෙකක සංස්කෘතික දෙකක....

:       6       20

kumar (galf) Sunday, 25 February 2018 11:16 AM

අනේ මෙහෙම මෝඩ රැළක්....

:       3031       258

nissankaMonday, 26 February 2018 03:07 AM

බාගෙට ශ්‍රීලාංකික උනාම ඔහොම හිතෙනවා.

:       118       2144

කුමාර් (ගල්ෆ්) Tuesday, 27 February 2018 06:59 AM

ගස් ගල්, මැටි ගොඩවල් වලට වැඳ වැඳ, නුල් ගැට ගහ ගහ හිටපල්ලා මොඩයිනේ, රටේ අධ්යාත්ත්මය තවත් පිරිහෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ.

:       0       0

නුමා Sunday, 25 February 2018 11:33 AM

ශබ්ද විකාශන යන්ත්‍ර එහෙම සවිකරලා තියෙන නිසා මෙවර නම් ශුවර් එමටම දෙවියන්ට ඇහෙයි. අවුරුදු 2ක් ගෙදර මුමුණ මුමුණ හිටිය එකේ තව කලින්නේ ඕක කරන්න තිබුණේ. තව ටිකක් කැලේ එළිපෙහෙලි කරලා ගත්තා නම් තමා දෙවියන්ට හොඳට පේන්නත් එක්කම වටින්නේ. කැලේ හින්දා උන්නාන්සේලාට හරියට දුක පේන්නේ නැති වෙන්නත් පුළුවන්. බදියුදීන් මැතිතුමා ඒකනේ කරන්නේ. එතුමගේ දෙවියන්ට පෙනෙන්න කැලේ ඔක්කොම කපනවා.

:       0       38

lashan Sunday, 25 February 2018 12:16 PM

ගොඩක් අය ඩිස්ලයික් දාලා තියෙනවා. තර්කානුකුල කියමනට ලැජ්ජා හිතිලා වෙන්න ඇති...

:       74       44

Rambuk Sunday, 25 February 2018 02:41 PM

මේ අපේ රටේ මිණිවන් ගුණවත් ගොවි ජනයායි. මේ ඔවුන්ගේ සංස්කෘතියයි. වැසි ඉල්ලා කල බෞද්ධ පුද පුජා නිසා වැසි ලැබුණු බවට ඇති ඓතිහාසික විශ්වාස නිසා මොවුන් පාරම්පරික මේ දේවල් කරනවා. දෙවියන්ට යාඥා කිරීම සහ මෙය අතර සමානකමක් නැහැ. යටත් විජිත කුමන්ත්‍රණ සහ අහිංසක සම්ප්‍රදායන් සමාන වෙන්නේ නැහැ. ගොවි ජනයා පාගා සූරාකන ආණ්ඩු මොවුනට වතුර දිය යුතුයි. රටට හාල් දීමට නම්... සියල්ල යාන්ත්‍රිකව බලන්න එපා. ලෝකයේ සාමාන්‍ය ඇසට තේරුම් ගත නොහැකි බොහෝ දේවල් තියෙනවා.

:       0       45

LashanSunday, 25 February 2018 09:50 PM

ලෝකයේ සාමාන්‍ය ඇසට තේරුම් ගත නොහැකි බොහෝ දේවල් තියෙනවා. වැසි ඉල්ලා කල බෞද්ධ පුද පුජා නිසා වැසි ලැබුණු බවට ඇති ඓතිහාසික විශ්වාස නිසා මොවුන් පාරම්පරික මේ දේවල් කරනවා. ඕකම තමයි අනිත් ආගම්වල අයත් කරන්නේ.

:       0       31

pitigala Monday, 26 February 2018 03:30 AM

අපේ පිරිත් පොතේ තියෙන වැසි පිරිත නියම පුද පිළිවෙත් ඇතිව පිරිසිදු පුද්ගලයින් විසින් සජ්ජායනා කරද්දී නියඟය නිමාවී වැසි ලැබුන අවස්ථා ඉතිහාසයේ ඇති බව නියම බෞද්ධයෝ දනිති, අද ඔය විදිහට කරන්නන් වාලේ කලාට කිසි දෙයක් සිදු නොවේ/ එයින් වෙන්නේ අපේම ආගම අවඥාවට ලක් වෙන එක විතරයි. ඇත්ත, ඕව ඔහොම කලාට වැසි ලැබෙන්නේ නැහැ.

:       7       40

chaminda Monday, 26 February 2018 07:18 AM

දැදුරු ඔය ජලාශයෙන් තබ්බෝව ජලාශයට වතුර එවන්න පුළුවන් නේද?

:       0       0

රොමේෂ් Monday, 26 February 2018 10:48 AM

හරියට මොලේ පාවිච්චි කරලා කතිරේ ගැහුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිත් කියන එක හොඳයි. නමුත් පිරිත් කියන්න ඕනෑ වැසි වහින්න කියලා නෙමෙයි. අවුරුදු 70ක් රට විනාශ කරපු දුෂ්ඨ පාලකයින්ගෙන් මිදෙන්න රටේ ජනතාවට නුවණ, ශක්තිය පහළ වෙන්න ඕනෑ කියලා. මධ්‍යම කඳුකරයෙන් පටන්ගෙන හතර වටේටම ගංගා, ඇලදොළ ගලන රටේ, අවුරුද්දට දෙවරක් සක්‍රීයව මෝසම් වැහි වැටෙන රටේ, ඒ අතරතුර සංවහන වර්ෂාව වැටෙන රටේ, වැව් අමුණු තිස්දාහකට වැඩි රටේ මිනිස්සු, සත්තු නියඟයෙන් දුක්විඳිනවා අහන්න දකින්නත් පව්....

:       0       159

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site