IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වැස්සෙන් බදුල්ලට බරපතල හානි

(ඩයනා උදයංගනී)

දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව ඇත.

බදුල්ලට ඇද හැලුණු තද වැසි හේතුවෙන් බදුලු ඔය පිටාර ගලා ඇති අතර එක් මරණයක් ද වාර්තා වී තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ නිවාස 210 කට පමණ හානි සිදුවීමෙන් පවුල් රැසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙසෙල්ගමු ඔයද පිටාර ගලා පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ දැදුරු ඔය ජලාශ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ඒවායේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින තද වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානමක් ද මතුවිය හැකි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉදිරියේදීත් තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවිම් ධීවර කටයුතු කිරීමේදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(සමන් පාලිත නානායක්කාර)

 

(ප්‍රසන්න පද්මසිරි)

 

 



අදහස් (1)

වැස්සෙන් බදුල්ලට බරපතල හානි

kapila Saturday, 30 October 2021 11:36 PM

රටේ පාලකයින් අධාර්මික වනවිට මෙවැනි විපත් එනවා. රාජා භවතු ධම්මිකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site