IMG-LOGO

වසර 22 කට පසු නව අං කටුසු විශේෂයක් සොයා ගනී

 

(නයනජිව බණ්ඩාර)

වසර 22 කට පසු ශ්‍රි ලංකාවට ආවේණික නව අංකටුසු විශේෂයක් සොයාගැනීමට මෙරට ප්‍රකට ගවේශකයකු වන ජිව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න මහතා ප්‍රම්‍රඛ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

මෙම නව සොයාගැනිමත් සමඟ ලංකාවට ආවේණික අංකටුසු විශේෂ ගණන 6 දක්වා ඉහළ යන බව ඔවුහු කියති.

මෙරටට ආවේණික කටුසු ඝනයක් වන Ceratophora හි විශේෂ 05ක් මීට පෙර හදුනාගෙන තිබුණ අතර මෙම නව විශේෂය Ceratophora Ukuwelai  හෙවත් උකුවෙලගේ රලු අං කටුස්සා ලෙස  නම්කර තිබේ.

පර්යේෂකයන් කණ්ඩායම මෙම නව අංකටුසු විශේෂය එනමින් හැදින්විමට තිරණය කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පරිනාමික ජිව විද්‍යාඥ හා උරග හා උභයජිවි විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටුකර ඇති සුවිශේෂි මෙහෙය සළකා බැලීමෙන් පසුවය.

මෙම නව විශේෂය සොයාගෙන ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනාන්කරයෙනි.

මෙම නව සොයාගැනිම සදහා සමිර සුරංජන් කරැණාරත්න මහතා නිකොලායි පොයාර්කොවි,චාමර අමරසිංහ,තිළිණ සූරසිංහ,ඇන්ඩ්‍රි භ්‍රෙශවි,මජින්ත මඩවල,විලාඩි ගොරින් හා ඇනස්ගමි ද සිල්වා යන දෙස් විදෙස් පර්යේෂකයන් එක්ව සිටියහ.

 



අදහස් (12)

වසර 22 කට පසු නව අං කටුසු විශේෂයක් සොයා ගනී

anura Sunday, 04 October 2020 11:26 AM

දැන් තියෙන ප්‍රශ්ණය කටුස්සාට දාන නම මොකක්ද කියන එකයි!

:       6       2

Perera Monday, 05 October 2020 03:39 AM

දියවන්නාව පැත්තේ බොහෝ කලක ඉඳන් ඉන්නවානේ.

:       2       4

විජිත්Monday, 05 October 2020 09:41 AM

ඔව්, ඔබ දැකලා තියෙන්නේ මේ වර්ගයේම අන් කටුස්සෝ නම් නොවෙයි. දියවන්නාව අසල ඇති "ඌරු කොටුවේ" සිටින කටුස්සෝ සහ කටුස්සියන්ට කියන්නේ "ලේ බොන කටුස්සන්" කියලයි. මේ වර්ගය සිටින්නේ ශ්‍රී ලංකාව නොහොත් ධර්මද්වීපයේ පමණයි. දැනට මේ විශේෂයෙන් 225 ක් පමණ දියවන්නාව අශ්‍රිතව ජීවත්වෙනවා. මොවුන්ගේ ආහාරය මිනිස් ලේ පමණයි. මිනිස්සුන්ගේ ආධාරයෙන් උෟරු කොටුවට පැනගන්නා මොවුන් මිනිසුන්ටත් නොදන්වාම ලේ උරා බොනවා. මිනිස් හැඩය ඇති මේ මිනීමරු සත්වයින්ගේ " හදවතක්" නොමැත. මොවුන්ගේ මොලය හිසේ නොපිහිටන අතර ඉතාම ප්‍රාථමික සතුන්ගේ ඇති ආකාරයේ මොලයක් ශරීරයේ අපරභාගයේ පිහිටන අතර මොවුන් වාඩිවෙන්නේ මොවුන්ගේ මොලය උඩය. මේ සතුන්ට පොදුවේ කියන නමක් ඇත ඒ "දේශපාලුවා "යන නමයි. මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න.

:       2       12

Raveendra Monday, 05 October 2020 11:21 AM

අයියෝ දෙන්නම්කෝ නම් 225ක්ම දියවන්නාව පට්ටියෙන් පාට වෙනස් කරන කටුස්සෝ, බෝදිලිමෝ, කලවැද්දෝ එතකොට ජලභීතිකාව හැදුණු බල්ලෝ.. මේවාද ප්‍රශ්න? දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න නම්..

:       1       8

chandima Monday, 05 October 2020 11:58 AM

වෙන රටවල නම් දාන්නේ මේ සතාව හොයාගත්තු කෙනාගේ නම... පුදුමයි දේශපාලකයෙකුගේ නමක් නොදැම්මා...

:       1       2

විජිත් Monday, 05 October 2020 01:44 PM

මේ සත්තු වේලාසනින්ම කියලා තියෙනවා ඕන කෙනෙක්ගේ ඕන නමක් දමන්න. නමුත් ලංකාවේ දේශපාලුවෙකුගේ නමක් දැම්මොත් ඒ ඔක්කොම දිවි නසාගන්නවා කියලා. සත්තුන්ටත් අපේ රටේ ඉන්න දේශපාලුවන්ගේ නම් හිරිකිත වෙලා. අපේ දේශපාලුවන් කරන වැඩ වලට හිරිකිත නැත්තේ ඔවුන්ට ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ට පමණයි. ඡන්දෙ කාලෙට අරක්කු වීදුරුවක්, රෙදි කෑල්ලක්, රුපියල් දාහක්, වැසිකිලි පෝච්චියක් දුන්නම.. ඕනෑවැඩක් කරගන්න පුලුවන් ජාතියේ බයියෝ මේ රටේ ඉන්නේ. සත්තු ඕවාට අහුවෙන්නේ නැහැ...

:       2       9

RaveendraTuesday, 06 October 2020 02:37 AM

ඔබගේ අදහස් 1000% නිවැරදිය...

:       1       5

පූජා Monday, 05 October 2020 01:27 PM

මදැයි ඉඳල ඉඳලා අවුරුදු 22කට පස්සේ අං කටුස්සෙක් හොයා ගත්තා.. ඔන්න කටුස්සාට තියෙන වෙල්කම් එක.

:       4       6

විජිත් Monday, 05 October 2020 06:51 PM

පූජා, මම හිතුවා ඔයා ඔය කතාව අහයි කියලා. මේ අංකටුස්සන්ව හොයාගත්ත පර්යේෂකයින් විසින් මේ ගොල්ලන් ගැන සම්පූර්ණ විස්තර වාර්තාවක් පලකරලා තියෙනවා. මේ ගොල්ලෝ සත්ව විශේෂයක් වුණත්, කැලෑවේ කාලයක් සැඟවිලා හිටියත් මේ ගොල්ලන්ට දැනිලා තියෙනවා අපේ රටේ ඉන්න දේශපාලුවන් මේ රටට කරලා තියෙන විනාශය. මේ ගොල්ලන්ගේ වාස භුමි විනාශකළේ දේශපාලුවන්. මට මතකයි මේ ලඟදී හෝර්ටන්තැන්නට යන පාරෙත් මේ අයගේ සහෝදරයෙක් වාහනයකට යටවෙලා මියගිහින් තියෙන අකාරය... අපේ තිස්ස ජනනායක මහත්මයාගේ වීඩියෝවක තිබුණා. අපේ රටේ හැම විනාශයක්ම සිදුකරන්නේ අපේ රටේ සිටින නූගත්, බුද්ධි හීන, අමන දේශපාලුවන් විසිනුයි. මේ "දේශපාලුවන්" ගෙන් තොර ශ්‍රී ලංකාවක් කවදාහරි ඇතිවුණොත් මිනිසුන් පමණක් නොව මේ රටේ වෙසෙන අහිංසක සතුනුත් සතුටු වෙනවා.

:       0       7

පූජාTuesday, 06 October 2020 06:56 AM

මට තේරෙනවා විජිත්, ඔයාගේ හිතේ තියෙන වේදනාව. ඔයා සතා සීපාවාට, ගහට, කොළට ආදරය කරන බවත් මම නොදන්නවා නොවෙයි. ඒ වුණත් ඔයා ඔය කියන "අමන දේශපාලුවන්ව" වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කරලා යවන්නේ කවුද? බහුතරයක් ජනතාවගේ කැමැත්තෙන්නේ එයාලා ඇවිත් ඔය, ඔය කියන දේවල් කරන්නේ... පරිසරයත්, එහි වසන සතා සීපාවත් රැක ගන්නට ඕනෑ නම් ඉස්සෙල්ලාම, මෙයාලාව පත්කරලා යවන මිනිසුන්ගේ ඔලුගෙඩි හදලා ඉන්න ඕනේ. මගේ සටහනෙන් ඔයාට අපහසුවක් වුණා නම් මට සමාව දෙන්න.

:       0       7

විජිත් Tuesday, 06 October 2020 09:46 AM

පූජා , 69 ලක්ෂයකට ඔලු ගෙඩි නැති රටක ජීවත්වන අපි මොනවා හදන්නද.? රට, පරිසරය, සතා සිව්පාවා විතරක් නොවෙයි අපේම වර්ගයා ගැනත් සිතද්දී පපුව පිච්චෙන තරම් වේදනාවක් තියෙනවා. එ්ත් අපි අසරණයි. නැතිනම් අපිව අසරණ කරලා. රුපියල් ශතවලට නොවෙයි ඩොලර් මිලියන වලට රටම පාවාදුන් ජාතියක් අපි.

:       2       6

පූජා Monday, 05 October 2020 03:01 PM

මේ අං කටුස්සාට අකුරු කියවන්නට හැකි නම් මෙහෙම අහයි.. ."විජිත් මහත්තයෝ මම මේ කැලයේ අවුරුදු 22ක් සතුටෙන් හිටියා. ඔයාලගේ කුණු ගොඩවල් වලට මාව ඇද ගන්නේ මොකද? මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව අපරාදේ හොයා ගත්තේ.. මට ආවේණික කිසිම දෙයක් ඔයාලා ලියලා නැහැනේ.. හැම එකටම දේශපාලනය. අනේ මන්දා" කියලා ..

:       5       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site