IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රුසියාවේ සිට මුහුදු යටින් ආ අමුත්තන් පිළිගන්න නාවික හමුදාපති යයි - වීඩියෝ

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරායට පැමිණ තිබෙන රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව සහ සබ්මැරීන් දෙක නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීහූ අද (16) පෙරවරුවේ නිරීක්‍ෂණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.

මෙම නෞකාව සහ සබ්මැරීන් දෙක සාගර මෙහෙයුමක නිතරව සිටින අතරතුරදී කොළඹ වරායෙන් තෙල් ලබාගැනීම ඇතුළු  සේවා සපයා ගැනීම සඳහා පැමිණ ඇති බවත් රුසියානු නාවික හමුදාවේ මෙම නෞකාවේ සහ සබ්මැරීන් දෙකන නිල වශයෙන් පිළිගැනීම සඳහා නාවික හමුදාපතිවරයා නීක්‍ෂණ චාරිකාවේ නිතර වූ බවත් කපිතාන් ඉන්දික ද සිල්වා කීය.

නෞකාව සහ සබ්මැරීන් දෙක සේවා සපුරාගැනීමෙන් පසුව අද දිනයේම පිටතව යෑමට නියමිතය.

 

 

 



අදහස් (11)

රුසියාවේ සිට මුහුදු යටින් ආ අමුත්තන් පිළිගන්න නාවික හමුදාපති යයි - වීඩියෝ

සිරිබිරිස් Saturday, 16 October 2021 04:40 PM

නොකියා හොරෙන්ම ඇවිල්ලා වගේ... නිකමට අහන්නේ... පිළිගන්නේ නැතුව එළවලා දානවා වගේ එකක් කරන්න බැරිද..? එහෙම වුනොත් මොකක් වෙයිද?

:       119       10

RathnayakeSunday, 17 October 2021 06:18 AM

රුසියාව කියන්නේ කොයි වෙලාවෙත් ලංකාවත් එක්ක හිටපු මිත්‍රයෙක්. රුසියාව නොහිටින්න ඇමරිකාව, ඉන්දියාව මෙලහකට ලංකාව යටත් කරගෙන. මේ වගේ ගොබ්බ අදහස් තියෙන අයත් ලංකාවෙ ඡන්දෙ දානවනෙ ඉතින්.

:       6       79

sachithSunday, 17 October 2021 02:17 PM

මේවා අද ලෝකයේ සාමාන්‍ය දේවල්. සේවා අවශ්‍යතා වෙනුවෙන් රටවල්වලට එනවා. අනික එළවලා දන්නේ මුහුදට ජපකරපු මුට්ටි දාලාද?

:       0       37

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 07:24 PM

මට මෙන්න මෙසේ සිතෙනවා. අතීතයේ හා වර්තමානයේ සමහර දේත් පාදක කරගෙන මා එය කියනවා. මාගේ සිතීමේ නිදහසට අනුව, එය පැවසීම වරදක් නොවෙයි. මට සිතෙනා ආකාරයට, චීනා මේ රටට පැමිණීම,චීන හමුදා අංශ පැමිණීම ආදිය නිසා වෙනත් රටවල කිසියම් කලබල වීමක් පෙනෙනවා. ඒ නිසා ඒ රටවල ආරක්ෂක අංශ මේ රටට නිතර නිතර එන්නට පටන් ගෙන තිබෙනවා. එයයි පවතින සත්‍යය... හොඳින් තිබූ රටක් අහක ඉන්නා නයි රෙදි අස්සේ දමාගැනීම නිසා ඉදිරියේදී කනවෝ.. කනවෝ.. යැයි කෑගැසීමට සිදුවේවිද දන්නේ නැහැ...

:       88       26

hesa Saturday, 16 October 2021 07:24 PM

වෙලාවකට, සමහරු කියන දේ, කරන්න කියන දේ ගැන කියවද්දී හිතෙනවා "අනේ ලංකාවෙන් පිටවන දේවත්, ලෝකයේ රට රටවල් අතර ව්‍යාපාර සම්බන්ධීකරණය, වෙළෙඳ ගිවිසුම් ගැන මෙලෝ හසරක් දන්නෑනේ කියලා.. හරියට අල්ලපු ගෙදරින් හිතවත් කමට බඩු හුවමාරු කරගන්නවා වගේනේ කියන්නේ...

:       0       49

sampath Saturday, 16 October 2021 10:15 PM

ඉන්දියන් හමුදාව එනවා සමරු පලක දෙනවා යනවා, ඇමරිකන් ඒකාබද්ධ පුහුණුවීම් කරනවා, රුසියාවෙනුත් එනවා ඒවා බෑන්ඩ් ගහල පිලිගන්නවා. මොකක් හරි ගිනි විජ්ජුම්බරයකට අර අදිනවා කියලයි මටනම් හිතෙන්නේ.

:       75       9

චන්දිම Saturday, 16 October 2021 10:21 PM

කොහොම උනත් රුසියාව කියන්නේ අපට කවදාවත් හිරිහැරයක් කෙනහිලිකමක් හතුරුකමක් කල රටක් නම් නෙවෙයි. ඔබ දන්නවාද ජේ ආර් ඒකාලේ ඔහේ කට තිබුනට කියෙව්වා රුසියාව කොටින්ට උදව් කළා කියලා. අන්න එදා සිට වසර ගණනාවක් රුසියාව අපේ නායකයෙකුට එරටට ආරාධනා කලේ නැහැ. මේ මෑතකදී ඒ තත්වය වෙනස් වුනේ.

:       8       69

ශාන් Sunday, 17 October 2021 11:04 AM

අපට සිටින සත්‍ය මිත්‍ර රටවල් අතලොස්සෙන් එකක් තමයි රුසියාව. (පකිස්ථානය, ජපානය වැනි) ඔවුන් අපේ වරායට ගොඩ වීම ගැන අපි කොතරම් සතුටට පත් වූවත්. ඒත් අපි නම් අපේ විදේශ ප්‍රතිපත්තිය කාබාසිනියා කරගෙනදෝ කියලා බයකුත් එනවා ළඟ ළඟ වුන මිලිටරි ක්‍රියාදාමයන් දිහා බලද්දි. දැන් අපිට සිරිමාවෝ මැතිනියත් නෑ. ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයත් නෑ.

:       6       39

amila Sunday, 17 October 2021 12:07 PM

කවුරු කවුරු තරහ කාරයෝ වුනත් කමක් නෑ... අපි හැමෝමත් එක්ක සමාදානෙන් ඉන්න ඕනෑ...

:       0       49

fairoos Sunday, 17 October 2021 02:45 PM

සර් හින්දා තමයි මේවා අපිට බලාගන්න පුළුවන් වුණේ... අනේද කියන්නේ...?

:       42       2

janahitha Monday, 18 October 2021 09:07 AM

මේවා අපේ දේශපාලකයන් වගේ දිය යටින් යන්නේ පෙන්නේ නැහැ යන විදිහ ඔන්න ඕකයි තත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site