IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රේවත හස්තියාත් අලියාවැටුණු වැවේදී මරුට

(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුධාවලි ලත් රේවත හස්ථියා කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස මරැමුවට පත්ව තිබේ.

රේවත හස්ථියාගේ මළ සිරුර කැකිරාව අලියාවැටුණුවැව ප්‍රදේශයේ වගා බිමක වැටී තිබියදී ගනේවල්පොල වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) පෙරවරුවේ සොයාගෙන තිබිණ.

ආහාර සොයා යනෙන අතරතුරදී අද අලුයම් කාලයේ රේවත මෙලෙස හදිසියේ අනතුරට ලක්ව මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. පෞද්ගලිකව ඉදිකළ විදුලි වැටකින් විදුලි සැරවැදීමකින් රේවත මෙලෙස මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

මියගිය රේවතගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් පවත්වා තිබූ අතර විදුලිසැර වැදිමෙන් එම ඇතා මිය ගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ. මිය ගොස් ඇත්තේ රේවත හස්ථියා බවට එහිදී වනජීවී නිලධාරීන් විසින් හදුනාගනු ලැබ තිබේ.  

මිය ගිය රේවත ඇතුන් 23 ක් පමණ වූ කලා වැව ඇත්පංතියේ සිටි සංචාරක ආකර්ශනය ඉහළින්ම දිනාගත් ඇතෙකි. කලාවැවේ තේජවන්තයා ලෙස විරුදාවලිය ළත් එම ඇතාගේ දඩබ්බර ගතිගුණ සංචාරකයන්ගේ වඩාත් ආකර්ශයට හේතුවී තිබිණ.

මිය ගිය රේවත උස අඩි 09 ක් පමණ වන වයස අවුරුදු 45 ක් පමණ වන ඇතෙකි. අඩි තුනහමාරක පමණ දළයුගයකටද මියගිය රේවත හිමිකම් කීය. කලාවැව හා රිටිගල යන ප්‍රදේශවල දී රේවත වැඩි වශයෙන් සංචාරකයන්ට දැක ගැනීමට හැකිවිය.

රේවත හස්ථියාගේ එම ඝාතනය සම්බන්ධයෙන් සිද්දිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව අලියාවැටුනු වැව ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවේ පසුවන ඔහු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පවසති.

ගනේව්ලලොග වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.   

(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)



අදහස් (8)

රේවත හස්තියාත් අලියාවැටුණු වැවේදී මරුට

Ruhunu Tuesday, 09 March 2021 12:45 PM

මේ වගේ මිනිස්සු අලියෙකුටම කියලා පාගලා මරවන්න ඕනෑ.

:       5       36

chithral Tuesday, 09 March 2021 12:55 PM

මේ වන සතුන් මරා දමන අමනයින්ට හෙන හතම වැදියන්..!!!

:       3       45

රජින්ද Wednesday, 10 March 2021 12:43 AM

කැලෑ ටික එක එක්කෙනාට ඕනෑ විදිහට හසුරවන්න. පදිංචි වෙන්න ඉඩදීලා වන සතුන් ගැන කිසිම අගයක්, සංරක්‍ෂණයක් කරන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව ගැන පුදුම බලාපොරොත්තු තියාගෙන උන්නේ... දැන් ඒ හැමදේම විනාශ වෙමින් යනවා.

:       0       19

Ajantha Wednesday, 10 March 2021 02:24 AM

අලි ඇමැති නිදිද දන්නේ නැහැ..?

:       0       33

Rasika Wednesday, 10 March 2021 08:26 AM

තව කියියක් මැරෙනකම් ඉන්නවද.?

:       0       10

Asiri Wednesday, 10 March 2021 12:31 PM

අවශේෂ කැලෑවල වගාකරන්න දුන්නාම ඉතුරු අලි ටිකත් ඉවර කරගන්න පුළුවන් වෙයි.

:       0       6

chinthana Thursday, 11 March 2021 06:28 AM

අලියා වැ‍ටුණු වැවේදී අලියා වැ‍ටුණා. ගමේ නම ගැලපෙනවා.

:       0       2

duminda Thursday, 11 March 2021 08:41 AM

අලියෙක් මළාම මක්වෙනවද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 700 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site