(දයාරත්න ඇඹෝගම)
පොසොන් උත්සව වෙනුවෙන් වාර්ෂිකව රුවන්වැලි මහා සෑයේ සුදු හුණු පිරියම් කිරිම මේ වන විට චාරිත්‍රව සිදු වෙමින් පවතී.
රුවන්වැලි මහා සැයේ උස අඩි 338 කි. සැයේ වට ප්‍රමාණය අඩි 942 කි. සැය මත කඹ ආධාරයෙන් පුද්ගලයන් පිරිසක් විට සුදු හුණු ගැමේ නිරතව සිටිති.
හුණු පිරියම් කිරිම සඳහා හුණු ටොන් පහක් අවශ්‍ය වන අතර මේ සඳහා රුපියල් මිලියන 8 ක් පමණ වැයවන බව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පැවසුහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති
keerthi Tuesday, 20 March 2018 10:20 AM
නමදිමු සෑ රදු !.
wedage Tuesday, 20 March 2018 10:21 AM
මේ සද් කාරය කරන සියලුම උතුම් මිනිසුන්ටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් නිදුක් නිරෝගී සුවය පතමි.!
sumith Tuesday, 20 March 2018 10:37 AM
සාදු... සාදු... සාදු..!, අපේ රජවරු මොන තරම් රට ජාතිය ආගම ට සේවයක් කරලා තියෙනවද...
Yasapala Ponnamperuma Tuesday, 20 March 2018 10:47 AM
සාදු... සාදු... සාදු... බුදුසසුන බැබලේවා! පින් සිතුවිලි වඩවන දසුන්
sam Tuesday, 20 March 2018 02:55 PM
බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂා වේවා.
jayasekara Wednesday, 21 March 2018 04:10 AM
සාදු සාදු ...... පෙර අපේ රජවරුනට නමස්කාරය.... සද්කාර්යේ නියැලෙන සියලුම කම්කරු පින්වතුනට අනතුරක් නොවී දේව අනුහසින් රැකදේවා... බුද්ධ ශාසනය ලක් දෙරණ තුල චිරාත් කාලයක් වැජබේවා . සතුරු ආක්‍රමණවලින් ශාසනය රැකදේවා. (කමෙන්ටුවල අන්ලයික් කරපු කට්ටියකුත් ඉන්නවා ... සහජීවනය වෙන්න ඇති )
jeewa Wednesday, 21 March 2018 09:54 AM
ද්‍රෝණයක් වූ ධාතුන්වහන්සේලා වැඩ සිටන රුවන් වැලි සෑ වහන්සේට මගේ නමස්‌කාරය වේවා!
Giripura Wednesday, 21 March 2018 10:18 AM
ජීවමාන බුදුරදුන් ලෙස ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩසිටින මහා සෑ රජුනි !!! ඔබ වහන්සේ සැදැහැ සිතින් නමස්කාර කරමි. සිහිපත් කරමි. පැදකුණු කරමි. මේ සත් කාර්ය ශාක්සාත් වේවා !!! සැමට තුණුරුවන් සරණයි !
Raveendra Wednesday, 21 March 2018 10:55 AM
මෙවන් උතුම්වූ සත් ක්‍රියාවට සහභාගී වුනු සැමට මේ කරගත්තාවූ පිං මහිමයෙන් නිදුක් නිරෝගී සැප නිරන්තරයෙන්ම ලැබේවා !!!
Uditha Wednesday, 21 March 2018 11:06 AM
අපේ රජවරු මතු බුදුබව පතන රජවරු නිසා ඔබවහන්සේ අපිට මෙහෙම වන්දනාමාන කරන්න ලැබිලා තියනවා... ඔබ වහන්සේ සිංහල අපේ හුස්ම පොද.. අපි ඔබ වහන්සේව ආරක්ෂා කරනවා...!!!