IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රට පුරා විරෝධතා උත්සන්න වෙයි

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයාට සහ රජයට  ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.

ජනතාව තමන්ට ආසන්නම නගරයට පැමිණ රජයට විරෝධය පා විරෝධතාවල නිරත වූහ.

මෙම විරෝධතාවලට පැමිණි ජනතාව වෙනුවෙන් එම නගරවැසියන් විසින් ආහාර පාන ද පිළියෙල කරනු දක්නට ලැබිණි.

ජනතාව සටන් පාඨ කියමින් සහ සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවන්හි යෙදුණහ.

මෙම හර්තාලය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබූ අතර, නගරවල වෙළඳසැල් වසා කළු කොඩිද ඔසවා තිබෙනු දක්නට ලැබිණ.

ජනතාව වීදි බැස රජයට එරෙහි විරෝධතාවල නිරතව සිටි අතර ඇතැම් ස්ථානවල මාර්ග තදබදයන්ද පැවතිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

රට පුරා විරෝධතා උත්සන්න වෙයි

අප්පුහාමි Friday, 06 May 2022 02:39 PM

ජනාධිපති හා අගමැතිට විරුද්ධව පවත්වන හර්තාලය ස්වභාව ධර්මයා විසිනුත් අනුමත කළ බවක් තද හිරුරැස් නොමැතිව තිබීමත්, වැස්සක් නැතිව තිබීමත් මගින් පැහැදිලි වෙනවා. එයින් පේනවා ලෝක පාලක දෙවියන් පවා ඉන්නේ ජනතාව පැත්තේ කියලා. ඒ නිසා ජනතා ඉල්ලීම පිළිගෙන තවත් බලා නොසිට අයින්වෙලා පලයල්ලා...

:       84       27

රටවැසියාSaturday, 07 May 2022 12:21 AM

අප්පුහාමි... ලෝක පාලක දෙවියන්ට පෙණුනේ නැද්ද සමහර අය අමුඩය ඇඳගෙන නටනවා කියලා... හැබැයි පිටරට ඉන්න අය ඒවා ඔක්කොම දැක්කා..! ඉතින් රට බංකොළොත් බව දෙවියන්ට පෙනුණා.. ඉතින් ජනතාව පැත්තේ ඉන්න දෙවියන් තීරණය කළා පොළව ඉඹින නායකයෙකුට රට බාරදෙන්න..!

:       2       0

SenakaSaturday, 07 May 2022 07:04 AM

රටට මෙච්චර විපතක් වෙනකන් ඔය දෙවිවරු පොල් ගෑවාද? රටට කෙලවුණාම හෙන ගගහ වැහැලා විතරක් වැඩක් නෑනේ... රටට විතරක් නෙමේ ලෝකෙටම කෙළවීගෙන යන්නේ.... ඒක නිසා ඔය මිථ්‍යා අදහස් අතෑරලා බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න.

:       2       41

sujeewaSaturday, 07 May 2022 01:58 PM

නම අප්පුහාමිනේ... ඔය විදිහට තමයි හැම දෙයක් ගැනම හිතනවා ඇත්තේ. රට හදන්න පෙරට එන අය හිතන විදිහ තමයි ඔය. රට, ආර්ථිකය, සමාජය, දේශපාලනය, සංස්කෘතිය, නීතිය මේ කිසිම දෙයක් හරියට නොදැන තමන් පමණයි දන්නේ කියලා හිතන පිරිසක් එකතු වුනහම මීට වඩා අච්චාරුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. රැගුම්, වැයුම්, ගැයුම් වලින් සිත් වසඟ කළ හැකි මුත් එයින් රටවල් හැදීමට නොහැක.

:       1       28

රකිත. Friday, 06 May 2022 03:29 PM

බැඳුම්කර වංචාව කරන කොට මෙයාලාට හිතුනේ නැද්ද රටට මෙහෙම වෙයි කියලා. දැන් තමයි ඇහැරිලා තියෙන්නේ...!

:       24       53

BamunuarachchiSaturday, 07 May 2022 03:31 PM

රකිත, බැසිල් අයවැය කියවද්දී ඇහුවේ නැද්ද බැඳුම්කර රැඳවුම් මුදල් කොටසක් අයවැය පියවන්න ගන්නවා කියලා... ඇහුවේ නැත්නම් සොයාගෙන කියවලා බලන්න බැඳුම්කර වංචාව කිව්වාට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...

:       3       2

මැක්ස් Friday, 06 May 2022 05:44 PM

අපත් කොළඹ අවට නගර කීපයක ඇවිද්දා. කඩ වහලා. ලයිට් කණුවල කලු කොඩි එල්ලලා. ඒවා ජවිපෙ වැනි සංවධානයකින් කළබව පැහැදිලියි. කෙසේ වුවත් උද්ඝෝෂකයින්ට නිකං කන්න බොන්න දුන් බවක් නම් නොදුටුවෙමු.

:       9       23

MO77Saturday, 07 May 2022 05:51 AM

ඔබට හිතට එකඟව කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නයට වගඋත්තරකරුවන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන නෙමෙයි කියලා? විරෝධතාව කවුරු සංවිධානය කරත් විරෝධතාවයට සහභාගි වෙන්නේ ජනතාවයි. මෙම ප්‍රශ්නයෙන් පීඩා විඳින්නේද ජනතාවයි. දේශපාලඥයින් නොවේ. ජනතාවට ප්‍රශ්නයක් නැත්නම් ජනතාව කුමක් සංවිධානය කරත් ඒවට සහභාගි වන්නේ හෝ ආශිර්වාද කරන්නේ නෑ. ඔබ පොහොට්ටුවේ ද පාක්ෂිකයෙකු ලාභ ප්‍රයෝජන ගන්නෙකු වෙන්න පුළුවන්. ඒ නිසයි ඔබට මේ සත්‍ය පේන් නැත්තේ...

:       14       4

lal Saturday, 07 May 2022 12:41 AM

අරගලයටත්, නව මගුල් ජෝඩුවටත් සුබ පතනවා...

:       9       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17498 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site