
(රොමේෂ් මධුෂංඛ)
ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන ලංගම බස් රථවලට පාසල් සිසුන් ප්‍රවාහනය කරවීමට පොලිසියට මැදිහත්වීමට සිදුව ඇතැයි සිසු දරුවන්ගේ මව්පියෝ පවසති.
බොහො රියැදුරන් උදෑසනට පාසල් සිසු දරුවන් රැසී සිටින බස්නැවතුම්පොළවල බස් රථ නොනවත්වා ධාවනය කරවන බව ද ඔවුහු කියති.
ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථද උදෑසන කාලයේ බස්රථවලට පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 09 වන අවස්ථාද පවතින බවට පාසල් දරුවන්ගේ මාපියෝ මැසිවිල නගති.
එමෙන්ම මේ දිනවල පාසල් වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන හෙයින් පාසල් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම පාසල් ළමුන්ගේ විභාග කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇත.
මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මැදිහත් වී ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස්රථ රියදුරන්ටද අවවාද කිරීමට සිදුව ඇත.



2025 දෙසැම්බර් මස 18
632
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනේ පාසල් දරුවන්ට බස් නොනවත්වයි
රත්නායක Thursday, 16 March 2023 01:27 PM
මෙය ශ්‍රි ලංගම බලධාරින්ගේ අවධානය නිසි පරිදි යොමු නොවීමෙ ප්‍රතිඵලයකි. මෙම ප්‍රදෙශයෙ පාසල් ළමුන්ගෙ ප්‍රවාහන ගැටළුව පහසුවෙන් විසදිය හැකි වුවත් හැගීමක් නැති නිලධාරින්ට ඒ පිළිබද වගේ වගක් නැත.
Janith Saturday, 18 March 2023 10:54 PM
පව්, අසරණ දරුවෝ.. පාසල් බස් රථ සිසු සැරිය මගින් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි මෙහෙ?
Naleen Sunday, 19 March 2023 07:06 AM
ගම්පල, මහනුවර මාර්ගයේද මෙම ගැටලුව තිබේ...
Vipula Sunday, 19 March 2023 09:18 PM
බොහෝ ප්‍රදේශවල ඔය තත්වය තියනවා. සමහරවිට වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගත් විටත් මෙසේ කරනවා. ස්ටාලින් ලා වැහි වැහැලා...