(නිමල් ජයරත්න)

මාදුරුඔය ඉසෙඩ්-ඩී ඇළට පිඹුරත්තැවෙන් වැටි සිටි වල් අලියකු පැය අටක මෙහෙයුමකින් ගොඩ ගෙන අලුත්ඔය රක්ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.
පසු වෙහෙරගල සහ මාදුරුඔය වනජිවි නිලධාරින් විසින් කඹ සහ ටයර්, යකඩ ඉනිමං ආධාරයෙන් ගොඩට ගෙන අලූත්ඔය රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කලහ.
බීමට ජලය සොයා පැමිණි මෙම සද්ධන්තයා ඇළට වැටි කිලෝ මිටර් තුනක් පමණ සැඩපහරට ගසාගෙන ගොස් ඇතැයි වෙහෙරගල සහකාර අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා සදහන් කලේය.
ගොඩට ගැනිම සදහා මාදුරුඔය සහ වෙහෙරගල වනජිවි නිලධාරින්ට විශාල වෙහෙසක් දැරිමට සිදුව ඇති අතර පැවති වර්ෂාව ඊට බාධාවක්ද විය.







COMMENTS
මේ ඇළ ඉදිකෙරුවේ 1983-1985 කාලයේ. එතකොට මම වයස 20 තරුණයෙක්. මගේ පලවෙනි රැකියාව ලෙස Z-D කියන මේ ඉදිකිරීම් සමාගමේ සේවය කළා. (හැබැයි ඉතින් මේ සමාගම උපක්‍රමිකව ලංකාවේ ආණ්ඩුව රවටා නඩු මගට බැස ඒ කාලයේ අපේ රටේ සල්ලි මිලියන සිය ගණනක් හොරකම් කළා) ගම්වල හදුන අපිට ඒ කාලේ නවීන තාක්ෂනය යන්ත්‍ර සුත්‍ර සහිත මේ ඉදිකිරීම් පුදුම සහගත දේවල් වගේ පෙනුනා. ඒ කාලයේ සමාගමේ විදේශිකයන්ට ලැබෙන ඉදිකිරීම් පිළිබද සඟරා වල පිටරට වැඩ බිම්වල පින්තුර දැක්කාම ඒවා හීන වගේ. එදා සිට තවමත් මම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. මේ ඇළ සමග මට ඇති සම්බන්දය සහ එදා පිටරට සඟරාවල දුටු සිහිනය සැබෑවක් දක්වා ගිය විදිහ කියුවේ මම ගැන කියන්නට නොව සමහර සිහින නොව සැබෑවක් විය හැකි බව කියන්නට.
අවාසනාව කියන්නේ අංශක 45 පමණ හැඩයට කොන්ක්‍රීට් ආස්තරණය සහිත මේ ඇලෙන් ගොඩ එන්නට බැරුව ඒ කාලයෙත් (වතුර ගලා යන්නට පෙරත්) මුවන් ගොනුන් කිඹුලන් අලින් ගොඩ එන්නට බැරුව අසරණව මියැදුණා. තවමත් වෙනවා. අවම වශයෙන් තාක්ෂණය දියුණුයිනේ මේ කාලයේ පරණ ට්‍රැක්ටර් රථයක සවිකළ කිසියම් උපකරණයක් ස්ථිරව මේ ප්‍රදේශයේ රදවා තබා මේ සතුන් ක්ෂණිකව බේරා ගැනීමට කිසියම් හැකියාවක් නොමැතිද කියල හිතෙනවා. එහෙම කළහැකි යම් අදහසක් ඇත්නම් මෙහි සදහන් කරන්න. එයට සහයක් විය හැකිද කියලා බලන්නම්.
වතුරට වැටිලා ගසාගෙන යද්දි බේරගන්න ආපු අය අලි වෙඩි දාලා ගසාගෙන යන කෙනාව මොකටද තවත් බයකරන්නේ? ඔය ඇල මැද්දෙන් දැල් වැටක් ගහලා ගසාගෙන යන අයට එ්කේ පිහිටෙන් ගොඩ එන්න හදන්න බැරිද? අහිංසක සත්ව ජීවිත කීයක් විනාශ වෙන්න ඇතිද?