IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්

(ඉන්දිකා රාමනායක කච්චතිව් සිට..)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ⁣වාර්ෂික මංගල්‍යය  අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත්  අයුරින් පැවැත්විණි.

මෙම  අවස්ථාවට දකුණු  ඉන්දිය හා මෙරට බැතිමතුන්  8583  සහභාගි  වු අතර ඉන් 2510 දෙනකු ඉන්දිය බැතිමතුන් වුහ.

ආචාර්ය  ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය අගරදගුරු තුමන්ගේ හා රේමන්ඩ් වික්‍රමසිංහ  ගාල්ල අගරදගුරුතුමන්ද ගේ ප්‍රධානත්වයෙන්  දේව මෙහෙය පැවැත්විණි.

දෙරටේ බැතිමතුන් වෙනුවෙන් සිංහලෙන් හා ද්‍රවිඩ බසින් පැවැත්විණි.

මෙම මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම්, යටිතල පහසුකම්, ආහාර පාන නාවික හමුදාව විසින් සපයා තිබිණි.

නාවික හමුදාපති වසිස් අද්මිරාල්  පියල් ද සිල්වා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර යන මහත්වරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, යාපනයේ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වුහ.

 

 

(ඡායාරූප -ළහිරු හර්ෂණ)

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (2)

යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්

වින්දිතයෝ Sunday, 08 March 2020 07:57 AM

ඇයි දෙවියන් වහන්සේ අපිට එහෙම වුනේ?

:       1       0

බෙනඩික් ක්‍රිෂාන්ත Sunday, 08 March 2020 03:05 PM

අගරදගුරු පදවියේ 73 වැනි ළමාදිනයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මාධ්‍ය මගින් රටේ ජනතාවට සහ දේශපාලකයින්ට මෙන්ම පාලකයින්ටද පණිවුඩයක් ලබාදී තිබේ. එනම් පසුගිය වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රටේ ජනතාව මෙන්ම විශේෂයෙන් කිතුණු ජනතාවට හිටපු රජයෙන් මෙන්ම වර්තමාන රජයෙන්ද කිසියම් වූ සාධාරණයක් නොවූ බවයි. එය සත්‍යයයි. වර්තමාන රජය පසුගිය මැතිවරණය ආරම්භයේ සිට අවසානය දක්වා ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කළත් පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු සියල්ලන්ට දඬුවම් දෙනවායි කියා කිතුණුවන් රවටා ඡන්දය ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු කිසිම වගකිව යුතු දේශපාලන නායකයකු එ් පිළිබඳව කතාවක් නොමැත. කිතුණුවන් රවටා මැතිවරණයේදී ඡන්ද ගැනීමට දේශපාලකයින් කටයුතු කිරීම සහ මැතිවරණයෙන් පසු අද දක්වාම නිහඬව සිටීම ගැන අප කණගාටු වෙමු. ඉදිරි මැතිවරණයේදීත් අවස්ථාවාදී දේශපාලකයින්ට යළිත් පාස්කු ප්‍රහාර මැතිවරණ වේදිකාවේ කතා නොකරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය. කිතුණු ජනතාව සාධාරණය ඉල්ලා මෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිකරන ලෙස ඉල්ලා පාරට බැසීමට ඉදිරියේදී සිදුවනු ඇත.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site