IMG-LOGO

මොරගහකන්ද-කළු ගඟ ජලාශය පිරවීම ඇරැඹේ

(කාංචන කුමාර ආරියදාස )


 මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ  මොරගහකන්ද  ජලාශය නමින් නම් කිරීම ජනාධිපති මමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(23) සිදු කෙරිණි.


එමෙන්ම ජලාශය ඉදිරිපිට අඩි 27 ක් උස  අව්කන බුදු පිළිමයට සමාන වූ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹි සුබ මොහොතින් සිදු විය.


මොරගහකන්ද කුලසිංහ ජලාශය  ජනාධිපතිවරයාගේ නීරික්ෂණයෙන් පසු  ආරාධිත අමුත්තන්ගේද සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරිණි. 


මෙරටට  අනන්‍ය වු නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්යඒ.එන්.එස් කුලසිංහ ඉංජිනේරුවා  සිහි වීම වෙනුවෙන් කුලසිංහ ජලාශය ලෙස මෙය නම් කෙරිණි.



අදහස් (24)

මොරගහකන්ද-කළු ගඟ ජලාශය පිරවීම ඇරැඹේ

d.upul Monday, 23 July 2018 06:43 AM

ස්තුතියි ඔබට... ඔබේ නම යොදා නොගැනීම පිළිබඳව. කාලයක් තිබුණනේ අම්මගේ අප්පගේ බූදල් වලින් හැදුවා වගේ තමන්ගේ නම යොදාගන්න.

:       243       654

DarshanaMonday, 23 July 2018 11:26 AM

මේක කලින් ආණ්ඩුව කාලේ ආරම්භ කල දෙයක්නේ....

:       427       282

bandaMonday, 06 August 2018 08:04 AM

මුල් ගල නම් ඕන මිනිහෙකුට තියන්න පුළුවන් නමුත් වැඩේ සාර්ථකව අවසන් කලේ නව ජනාධිපති තුමා .

:       0       0

nandun Monday, 23 July 2018 07:26 AM

මේක නම් ඉතා හොඳ වැඩක්...

:       0       109

athura Monday, 23 July 2018 07:43 AM

අපෝ වැඩක් නැහැ. ඔයා මොනවා කරත් ඔයාගේ නම ගහගත්තේ නැහැනේ...

:       9       111

ajith Monday, 23 July 2018 08:45 AM

ගිය ආණ්ඩුවේ වැඩ තව තියෙනවා විවෘත කර කර යන්න.

:       975       873

athuraMonday, 23 July 2018 09:34 AM

මහත්මයා මට කියනවද මේ වැඩේ ගිය ආණ්ඩුවෙන් නවත්වලා තිබුනේ ඇයි කියලා.

:       266       376

ajithMonday, 23 July 2018 11:22 AM

කවද්ද මේක නතර කරලා තිබුනේ. මම මේකේ වැඩ කළ අයෙක්. මේ ජලාශය හදලා තියෙන්නේ එතරම් හොඳ නැති ගලකට සම්බන්ද කරලා ඒක නිසා දුර්වල ගල් කොටස් සම්පුර්ණයෙ ඉවත් කරලා කොන්ක්‍රීට් පිරෙව්වා හරියට දතක් පුරවන වගේ එක නිසා පොළොවෙන් ඉහලට ගන්න ගොඩක් කල් ගියා

:       91       214

DarshanaMonday, 23 July 2018 11:24 AM

ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත හම්බන්තොට රෝහලත්. තව ඉතිරි වෙලා තියෙනවා මේ අයට විවෘත කරන්න.

:       10       212

bandaMonday, 06 August 2018 08:09 AM

මේක කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර පටන්ගත්තේ 1978 ජේ ආර් ජයවර්දන මැතිතුමා.

:       0       0

nihal Monday, 23 July 2018 09:44 AM

අපේ රටේ අයට මොනවා කළත් වැඩක් නැහැ. හොරකමක් කළොත් විතරක් එක එයාලගේ කියනවා හොඳ වැඩක් කළොත් ඒක අපේ කියනවා. වහල්ලුන්ගේ කටින් කවදාවත් වහල් භාවයෙන් තොර වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ. කවුරු කළත් වැඩේ අනාගතයට හොඳ නම් අගය කිරීම අපේ යුතුකමකි...

:       158       282

appuhami Monday, 23 July 2018 09:51 AM

අජිත් මේවා චීනෙන් පගා අරන් කරපුවා නෙමෙයි. මහවැලියේ අවසන් අදියර

:       3       76

isurandi Monday, 23 July 2018 10:45 AM

කවුරුකලත් රටේ සුබසිද්ධියට වැඩක් කරනවානම් ජනතාවට දැනෙන්න, අගය කරමි.

:       0       57

nihal Monday, 23 July 2018 10:59 AM

තවත් එකක් මේක බෞද්ධ රටක් කියලා අනාගතයට පේන්න බුදුරුවක් ජලාශය අසල පිහිටෙව්වා. ඔය ගිය ආණ්ඩුව ගැන කතා කරන මහත්වරුන්ට කියන්න ඕනේ ඕක ගිය ආණ්ඩුවෙන් කලානම් ඔතන ඉන්නේ බුදු රුව වෙනුවට වෙන කෙනෙක්. එහෙම කරන්නේ නැතුව මේ ජනාධිපති තුමා මේක සැලසුම් කරපු ඉංජිනේරු මහතාගේ නමින් මෙය හදුන්වපු එකම මොනතරම් අගය කල යුතුද !

:       100       219

DarshanaMonday, 23 July 2018 02:36 PM

විජයකලා මහවැලිය සම්බන්ධ ඇමතිනිය වෙලා හිටියා නම් ප්‍රභාකරන්ගේ රුව දායි. එතකොට මේ අය මොනවා කියයිද දන්නේ නැහැ..

:       135       17

athuraTuesday, 24 July 2018 03:17 AM

ඇත්ත කියනකොට රිදෙන එක වහල්ලුන්ගේ හැටි.

:       23       114

DarshanaTuesday, 24 July 2018 01:29 PM

තිත්ත උනත් ඇත්ත ඕකනේ........

:       0       0

shan saudi Monday, 23 July 2018 12:41 PM

ගරු ජනාධිපතිතුමනි ඔබට බොහොම පින් මේ රටේ ජල ගැටලුවෙන් පීඩා විදින අසරණ ගොවියන් වෙනුවෙන් මේ කාර්ය ඉහලින්ම ඉටුකලාට තවද කුලසිංහ මැතිදුන්ගේ නම යෙදීම ගැන ස්තුතී. මැතිදුනි ඔබට තෙරුවන් සරණයි

:       104       122

K Perera Monday, 23 July 2018 01:40 PM

කුහකයන්ට මේවා බලාගෙන ඉන්න බැහැ. ඉස්මුදුන පුපුරනවා.

:       79       171

saman Monday, 23 July 2018 06:58 PM

අදහස් දැම්මට සමහරු දන්නේ නැහැ මේක සිනෝ හෛද්රෝ කියන චීන සමාගමේ වැඩක් බව. ඩිසයින් කලේ ඉරානෙන්

:       12       18

vidya Monday, 23 July 2018 09:22 PM

කුලසිංහ මැතිතුමාගේ නාමය පුබුදු කල ජනාධිපති තුමාට ස්තුති වන්ත වෙමි. කුලසිංහ මැතිතුමා ජ්‍යත්යන්තරයේ නමක් තැබූ කෙනෙක් . කරුණාකරලා මෙම වියාපෘතිය පටන් ගත් දිනයේ සිට විවෘත්ත කරන දිනය දක්වාම එහි වැඩ කල සෑමමිනිසෙකුගේම නම් ලැයිස්තුවක් වාරි මාර්ග දෙපර්තුමෙන්තුවෙත් , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් ප්‍රවේසම් කර තිබීමට කටයුතු කරන්න.

:       0       9

latha Tuesday, 24 July 2018 02:13 AM

ඒ දවස්වල මහරජා මේක ජනාධිපතිට කරන්න දුන්නේ නැත්තේ ලකුණු දා ගනී කියලා. එක තමා එත්ත කතාන්දරය..........

:       0       9

abiya Tuesday, 24 July 2018 05:24 AM

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කරන්න තියෙනවා නේද? ඒකට මොන නමද දාන්න ඕන?

:       0       0

ෂෝකෝ අසහාරා Wednesday, 25 July 2018 01:32 PM

මොරගහකන්ද ජලාශය හදන්න අක්කර දහස් ගණනක් වටිනා නොඉඳුල් වනාන්තර අක්කර දහස් ගණනක් කපා කොටා විනාශ වුණා. ඒ නිසා අපට නැතිවූ වනජීවී සම්පතත් අති මහත්. එවැනි පාඩු මිල කල නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site