
(ළහිරු හර්ෂණ)
මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළකරමින් හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මල් පාරේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද(10) මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් විරෝධයක් පැවැත්විණි.




(ළහිරු හර්ෂණ)
මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළකරමින් හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මල් පාරේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද(10) මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් විරෝධයක් පැවැත්විණි.



COMMENTS
රෝහීන්ග්‍යා ජනතාව සාහසික ලෙස ඝාතනය කරමින් ඔවුන් එරටින් පන්නා දමා සමෘධිමත් රටක් පැතූ මියන්මාර ජනතාවට දැන් තමයි ඔවුන්ගේ මිලේච්ඡ බවට නියම පිළිතුරු ලැබී තිබෙන්නේ... බහුතරයක් වූ පමණින් කෙරුමුන් යයි සිතා සුළුතරය පාගා දමා නැගිටීමට වෙර දරන කවර ජාතියකට හෝ අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ... රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක නොවීම හා ජනතාව නීතිය අතට ගැනීමේ බිහිසුණු ප්‍රතිඵලය තමයි මේ... මෙවන් ජාතියකට කෙතරම් සශ්‍රීක භූමියක් තිබුණත් ඔවුන්ට එයින් ප්‍රයෝජනයක් නැත. ජනතාවගේ හැටියටම ඔවුන්ට සුදුසු පාලකයින් පත්වී ඇත. මෙතන මේ උද්ඝෝෂණය කරන්නෙත් මියන්මාර් වර්ගයේ ලේ පිපාසිත වූවන්ම වෙන්න ඇති... ස්වභාව ධර්මයේ නීතිය ඉතාම සාධාරණයි...!!!
ලංකාවේ ජුන්ටාලා ගැන කථා නැහැ, කොහෙවත් ඉන්න මියන්මාර් ජුන්ටාවකට කෑ ගහනවා. මේ අයට පොල් කෝම්බවලින් ගහන්න ඕනෑ..
අනුන්ගේ රටවල්වල කෙහෙල්මල් වලට කළින් මේ රටේ තියන අසාධාරණකම්වලට විරුද්ධව උද්ඝෝෂණය කරපන්..
මුළු ලෝකයම පිළිකුලෙන් යුතුව හෙලා දකින මේ මියන්මාරයේ මිලිටරිය ගැන, ඔබ සැම පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමුවී ඇති ඉතාම සංවේදී මොහොතක අපේ රටේ මැටිමෝල් විදේශ අමාත්‍යාංශය කරලා තියෙන දෙයක් ගැනයි මම මේ කියන්නේ. අපේ රටත් ඇතුළුව අවට රටවල් 7 ක් එකතුවෙලා චූටි සහයෝගිතා සංවිධානයක් හැදුවා BIMSTEC කියලා. මේ සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටවල් 7 ක්, ඒ වගේම මියන්මාරයත් ඒ අතරේ සිටිනවා. තවදුරටත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒ බව චූටි ළමයි පවා දන්නා දෙයක්. නමුත්.. අපේ රටේ විදේශ අමාත්‍යාංශයේ සිටින බුද්ධි හීන මෝඩයින් විසින්, මියන්මාරයේ මිලිටරියට ලිපියක් යවලා මේ අවුරුද්දේ අපේ රටේ පවත්වන BIMSTEC සමුළුවට සහභාගී වෙන්න කියලා. ලැජ්ජයි...මුළු ලෝකයම පිළිකුලෙන් හෙලාදකින.., මිනී මරණ ... තුච්ඡ හමුදා පාලනයක් සහිත මියන්මාරයේ හමුදාව සමග අපේ රටේ රජයට ඇති සම්බන්ධය කුමක්ද...? ඊයේ සමාජ මාධ්‍යවල මේ ගැන මුළු ලෝකයෙන්ම අපේ රට විවේචනය කළා. හෙලා දැක්කා. හිතන්න මොලයක් නැති මේ මෝඩ ගොබ්බයින්ට අපේ රටට ඇතිවූ අපකීර්තිය වටහාගන්නවත් හැඟීමක් නැතිව ඇති...
රටේ ආරක්ෂාව වගේද එක්කෙනෙකුට කැපෙන 1000?