IMG-LOGO

මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද

(චාපා මධුභාෂිණී)

මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති.

කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා පාවිච්චිකරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපාසට විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරයි. අලි ඇතුන් පවා ඒව හෙඬෙන් ස්පර්ශ කළහොත් එම සතුනට ද වයිරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

කිලෝමීටර 14ක පමණ දුරක් හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍යසේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මෙම රක්ෂිතයට මුදාහැර තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.

මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව මීට මසකට පමණ ඉහතදී ඉස්සන්ගේ ඉවත දමන ලද හිස කොටස් ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී හමු වූ බව ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් කියා සිටියේය.

මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් මෙම හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (5)

මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද

සනත් Friday, 13 August 2021 12:45 PM

මිනිස් නරුමයින්...!!! සත්තකින්ම ඔව්...

:       0       24

Sri Lanka Friday, 13 August 2021 12:47 PM

සත්තු මිනිස්සු වගේ මෝඩයිද? ඒ අය දන්නවා බොරුවෙන් ඈත හඳුනාගෙන ඒවත් එක්ක ජීවත් වෙන්න... ඒකට අපි කොරෝනා වවන් කනවා...

:       3       8

Rohana Friday, 13 August 2021 02:43 PM

මේ අපද්‍රව්‍ය විනාශකරන වැඩපිළිවෙලක් නැද්ද?. කෝවිඩ් අපද්‍රව්‍ය බව දැන දැනත් ඒවා මතුපිට දමායන ජාති ද්‍රෝහීන්ට නිසි දඬුවම් ලබාදිය යුතුමයි...

:       0       8

බද්රානි Friday, 13 August 2021 04:55 PM

තිරිසන් සතුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලාංකික ජනතාව සත්තුන්වත් ව්‍යවසනයකට අද නොදැම්මොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ. පරිසරයට සලකන ආකාරයෙන්ම හිතාගන්න පුළුවන්නේ... ලෝකෙන් උතුම් රටේ නරුමයින්ගේ කෙරුවාව.. ඇත්තම කියනවා නම් මොවුන් නම් ලෝකෙටම වෛරසයක්...

:       2       2

sharm warn Thursday, 19 August 2021 12:27 PM

ලංකාවේ මිනිස්සු තරම් පරිසරයට හානි කරන මිනිස්සු කොටසක් මේ ලෝකේ නැතුව ඇති .අපිට මීළඟට ඔට්ටු වෙන්න වෙන්නේ මේ අපරාධය එක්ක තමයි .මිනිස්සු බොහොමයක් මුව ආවරණ බැහැර කරන්නේ කිසිම චාරයක් නැතුව .කොවිඩ් පැතිරෙන්න මේවත් හේතු වෙනවා .අපේ හැසිරීම් හදා නොගත්තොත් අපිම තමයි පව් ගෙවන්න වෙන්නේ කියලා මතක තියාගෙන ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 500 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 931 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site