IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


භූ චලනයෙන් චුඩාමාණික්‍ය වැටෙයි

(ඩයනා උදයංගනී, ප්‍රසන්න පද්මසිරි සහ අයි.ආර් ඉන්දික)

බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්‍ෂණ අංශය පවසයි.

එහි ප්‍රභලත්වය මැග්නිටියුට් 3.0 ක් පමණ වන බව එම කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12.13 දක්වා විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර, එය වැල්ලවාය සහ හඳපානාගල ආදී ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.  

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මෙය සුළු භූ චලන තත්වයක් බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව බියක් ඇතිකරගත යුතු නැති බවත්ය.

බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ

 



අදහස් (11)

භූ චලනයෙන් චුඩාමාණික්‍ය වැටෙයි

ජගත් ලියනගේ Friday, 10 February 2023 01:47 PM

ඔච්චරයි අඩු වෙලා තිබ්බේ...!

:       44       32

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 February 2023 03:48 PM

රටේ දරුවන්ට හා අනෙකුත් ජනතාවට හරිහැටි කන්න බොන්න නැහැ. බඩු මිල, බඩු බර හා ඉවවහා ගිය පීඩනය නිසා නැගෙනා දුක් අඳෝනා, සුසුම්ලෑම් නීමක් නැහැ. ඒත් දේශපාලක හැතිකරය මේ ගැන වගේ වගක් නැහැ. ඉතින් මේවා අහස පොළව උහුලන්නේ නැහැ.

:       45       33

kumaraFriday, 10 February 2023 04:17 PM

ඔබතුමාගේ වගේ අයගේ ඡන්දයෙන් තමයි ‘හැතිකරය‘ පත්වුණේ...!

:       4       26

සමිත සේනක අලුත්ගමගේ.Friday, 10 February 2023 06:43 PM

කුමාර මහතා, ඔබතුමාට වැරැදි වැටහීමක් ඇතිවෙලා. මං වාගේ අයගේ වෙන්න බැහැ. මේ තීරයේ මගේ ගැන පේන්නේ ඉතා ස්වල්පයක් පමණයි. වැරැදි වැඩ කරන දේශපාලන කණ්ඩායම්වලට මං හැමදාම විරුද්ධයි...

:       0       3

BamunuaracchiSaturday, 11 February 2023 08:31 AM

එයා විතරක් නොවේ... ඔයත් වග කියන්න ඕනෑ.

:       3       27

jayasekaraSaturday, 11 February 2023 10:25 AM

ජපානය වගේ අති දියුණු රටවල් වලත් භූ චලන සිදුවෙනවා...

:       2       24

SanthuSaturday, 11 February 2023 03:03 PM

ඕනදේකට කාට හෝ වැරැද්ද පටවල‍ා තමුන් සුදනා වෙනවා. තේරෙන තරම තමයි ඉතින්....

:       1       21

විජේවීරSunday, 12 February 2023 09:11 AM

තේ කම්හල්, බස්, කර්මාන්ත ගිනි තියලා, දක්ෂයින්ව මරලා රටේ නිපැයුම සදා අනාථ කළ කයිවාරු, ත්‍රස්තවාදී මෝඩ කල්ලිය තමයි මේ විනාසේ ආරම්භ කළේ...

:       1       22

ranjith Friday, 10 February 2023 04:30 PM

ජනතාව බඩගින්නේ තියලා මොවුන් කරන අපරාධයට මහපොළවත් උහුලන්නේ නැහැ.

:       8       17

Perera Saturday, 11 February 2023 01:43 AM

මට අර ඩෙස්මන්ඩ්ගේ සින්දුව මතක් වුණා. චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි...

:       15       1

Gappi Lahiri Saturday, 11 February 2023 07:31 PM

නාමල් කියලා කෙනෙක් ආවේ නැද්ද ඕකේ භාරකාරත්වය කියාගෙන?

:       15       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13302 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 56 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site