IMG-LOGO

බ්‍රිතාන්‍ය යුවළ හෙළ කුල සිරිතට යුග දිවියට

(සුමිත් පොතුපිටිය)

බ්‍රිතාන්‍ය යුවළක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවිය ඇරැඹූහ.

එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි 56 හැවිරිදි Rupert Julian සහ 53 හැවිරිදි Nicky Jane නැමැති යුවළ මෙසේ විවාහ ගිවිස ගත්හ .

උඩරට නර්ථන ශිල්පීන් පෙරටු කරගනිමින් කන්ද විහාරයේ කුමාරි හස්තියාගේ පිටින්  යුවළ හෝටලයට පැමිණියහ .

සිංහළ චාරිත්‍ර වලට අනුව ජයමංගල ගී ගයද්දී පෝරුවේ චාරිත්‍ර සිදුකර විවාහ ගිවිස ගත්තේය .

කළුතර කටුකුරුන්ද වෙරළ ආසන්නේ පිහිටි සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් සමීප හිතවතුන් කිහිප දෙනෙක් සහභාගි වී සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු ලංකාවේ පැවැත්වෙන පළමු විදෙස් විවාහ මංගල උත්සවය බව සදහන් වේ.

ලංකාවේ තත්ත්වය හොදයි සංචාරයට එන්න ආරාධනා කරන බව Rupert Julian මහතා පැවසීය.

 



අදහස් (4)

බ්‍රිතාන්‍ය යුවළ හෙළ කුල සිරිතට යුග දිවියට

de silva Tuesday, 13 December 2022 08:04 AM

මොන බොරුවක්ද කොරෝනා වසංගතෙන් පස්සේ විශාල විදේශික ජෝඩු සංක්‍යාවක් ලංකාවේ කසාද බැන්දා බොරුනම් රෙජිස්ටර් කාර්යාලයෙන් විමසා බලන්න.

:       0       0

Kapila Tuesday, 13 December 2022 01:53 PM

න්සලේ ඇතා පිට නැංවීම සුදුසු නෑ. අද ඉන්දියාවේ ඇතුන් පිට යාම කාටත් තහනම්.

:       7       3

King John Tuesday, 13 December 2022 08:25 PM

ඔබ එකට නව ජීවිතයක් ආරම්භ කරන විට ඔබගේ මංගල දිනයේ ප්‍රීතිය, ආදරය සහ සතුට ප්‍රාර්ථනා කරමි.

:       0       3

Perera Thursday, 15 December 2022 08:56 AM

බංකොළොත් රටේ කසාද බැඳලා අන්තිමට කසාදෙත් බංකොළොත් වෙයිද මන්දා..?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 482 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site