IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බෙන්තොටින් ගාලු පාර අවහිර කර විරෝධතාවයක්

( තුසිත ද සිල්වා )
බෙන්තොට ප්‍රදේශයට ගෑස් ලොරියක්  අද (12) එන බව පැතිර යෑමත් සමග 500කට ආසන්න  බෙන්තොට ප්‍රදේශයේ  ගෑස් ලබාගැනීමට ගාලු පාර අයිනේ ගෑස් ටැංකි පෙළට තබා පැය කීපයක් බලා සිටියත් ගෑස් ලොරියක් නොපැමිණීම හේතුවෙන් එම පිරිස ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට පැරණි ජන කලා කේන්ද්‍රය අසළින්  හරස්කර විරෝධතාවක නිරත වූහ.

බෙන්තොට පොලිස් නිලධාරීන්  විරෝධතාකරුවන්ට  එම ස්ථානයෙන් ඉවත්ව විරෝධතාවේ නිරත වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර  විරෝධතාකරුවෝ දිගටම පැය කීපයක් පාර අවහිර කර විරෝධතාවේ නිරත වූහ.

මේ අතර  විරෝධතාකරුවෝ   ගාලු පාර වරාහේන ප්‍රදේශයෙන් අහිතකර තිබියදී බෙන්තර පොලිසිය ගාලු පාරේ ගමන් ගත් වාහන බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය මාර්ගය හරහා  උරගස්මන්හන්දිය ටත් එතැන් සිට කොස්ගොඩ හරහා ගාලු පාරටත් පිවිසීමටත් කටයුතු කළ හ.

 ඒ අතරතුර  විරෝධතාකරුවෝ   ගාලුපාර ඔස්සේ බෙන්තොට පාලම අසලට පැමිණ නැවතත් මග හරස් කිරීමට කටයුතු කළ  අතර එම ස්ථානයේ පැයක පමණ කාලයක් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් ගාලුපාර ඔස්සේ දකුණු පළාතටත් බස්නායක දෙසටත් ගමන් ගත් වාහන විශාල සංඛ්‍යාවක හේතුවෙන් මාර්ග අවහිර විය. 



අදහස් (0)

බෙන්තොටින් ගාලු පාර අවහිර කර විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site