IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බණ්ඩාරනායක ගුණ සමරුව ඉස්ලාමීය විශේෂ පාසලේදී



(වාරණ ආනන්ද ජයකොඩි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් තිහාරිය දූල් මල ඉස්ලාමීය විශේෂ පාසල සංවිධානය කරන ලද ගුණසමරු උත්සවයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) දහවල් එම විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපතිනිය විසින් එහි ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් හට පෝෂණ ආහාර බෙදාදීම හා පැළවර්ග බෙදාදීම සිදු කරන ලදී.

මෙම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවයකර රජයේ සේවයෙන් විශ්‍රාමගොස් ඇති හිටපු විදුහල්පති S.I.M. හලීල් මහතා නව පාලක මණ්ඩල කළමනාකරු වශයෙන් තෝරා පත් කරගෙන සිටින අතර එයට අදාළ පත්වීම් ලිපියද හිටපු ජනාධිපතිනිය විසින් ඒ මහතාට බාරදීම සිදුකළාය.

මේ අවස්ථාවට විදුහල්පතිනි එම්.එස්. හයිරු රිෆායා මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.



අදහස් (7)

බණ්ඩාරනායක ගුණ සමරුව ඉස්ලාමීය විශේෂ පාසලේදී

dammika fernando Saturday, 26 September 2020 11:40 AM

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලකයින්, පොහොට්ටු දේශපාලකයින් පුදුම විදිහට මුස්ලිම්, ඉස්ලාම් ජනතාවට සලකන්නේ. සිංහල බෞද්ධ මිනිස්සුන්ට පින් මදි වෙන්න ඇති ඒ සැලකුම් ගන්න.

:       38       24

මුණසිංහ Sunday, 27 September 2020 01:29 AM

සම්පූර්ණයෙන් වැරදි අදහසක්. එහෙම දෙයක් පොහොට්ටුවේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අය කරලා නැහැ. චන්ද්‍රිකා නම් එදා ඉඳලම සිංහල බෞද්ධ පදනම අතහැර මංගල සමග එකම ගමනේ යනවා. පාස්කු ප්‍රහාර යෙදී තිහාරිය පැත්ත ගැනත් කියවුණු බව අමතකද.

:       0       2

NaushiSunday, 27 September 2020 11:40 AM

ඇයි දළදා මාලිගාවට ප්‍රහාරය එල්ල කරපු අය පාර්ලිමේන්තුවේ සහ පොහොට්ටුව නියෝජනය කරන්නේ.

:       1       2

නෙවිල් Saturday, 26 September 2020 06:00 PM

වියළි ආහාර? මොනවද දුන්නේ, පරිප්පුයි, පොලුයිද?

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 03:17 AM

රැවටෙන්න එපා. සිංහලයා බොහොම ඉක්මණට රැවටෙන්න පුළුවන් ජාතියක්. ‍ලෝකයේ මොනවද වෙන්නේ කියලා ඇස් ඇරලා බලන්න.

:       2       3

janahitha UAE Monday, 28 September 2020 03:17 AM

තිහාරිය ඓතිහාසික ගමක් සම්පුර්ණයෙන්ම මුස්ලිම්කරණය වුනේ කොහොමද.?

:       2       3

Bamunuarachchi7h Saturday, 03 October 2020 08:42 AM

මුස්ලිම් ජාතිකයින් කියන්නේ තව අවුරුදු 75 කින් ඉබේම සිද්ද වෙන දෙයක් කඩිමුඩියේ ලබා ගන්න ගිහින් සහරාන් වැඩේ අනාගත්තා කියලා. සිංහලයෝ රවටලා ඕනෙම දෙයක් ලබාගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1988 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site