(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
පසුගිය දින දෙකක් පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් අද (25) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි පහ බැගින් විවෘත කිරීමෙන් පසු පාදෙණිය - අනුරාධපුර ප්‍රධන මාර්ගය දැදුරුඔය පාළම ආසන්නයෙන් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් පාදෙණිය නගරයෙන් අනුරාධපුර දෙසට මාර්ගයේ වාහන ගමනාගමනය මේ වන විට නවත්වා ඇති අතර අද උදෑසන 9.00 වනවිට මාර්ගය අඩි හතරක් පමණ ජලයෙන් යටව තිබිණ.
කොබෙයිගනේ, නිකවැරටිය, බිංගිරිය සහ හලාවත වැනි ප්‍රදේශ වල දැදුරුඔය ආසන්නයේ පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දොරටු අටම විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 28,000 ක ජල පරිමාවක් ජලාශයෙන් දැදුරුඔය වෙත නිකුත් කෙරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහල ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබවද ඉන්ජිනේරුවරයා කීය.
ජල ගැලීම හේතුවෙන් වාරියපොල එබවළපිටිය ප්‍රදේශයේ ගොඩනැගිලි කීපයක්ද ජලයෙන් යටවී ඇත.
(ඡායාරූප: සුජීවා කෝට්ටේගොඩ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පා දෙණිය -අනුරාධපුර මාර්ගය ජලයෙන් යටවෙයි