(දයාරත්න ඇඹෝගම)
ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් 2563 වැනි වෙසක් පුන් පොහෝ දින රටටත් ලක්වාසි සියළු දෙනාටත් ආශිර්වාද කරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත් ගෞරවාභිමානයෙන් අද (18) සිදු කරනු ලැබීය.
වෙසක් පුන් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පිදෙන මුල්ම බුද්ධ පූජාව ලෙස ගෞරවාන්විතව හා ඉතාම පිරිසිදුව නොකඩවා මෙම පූජාව වෙසක් පුන් පොහෝදා සිදු කරනු ලබයි.
අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් සමග දායක සභාවේ දායක දායිකාවන් විසින් මෙම බුද්ධ පූජාව ජයන්ති විහාරස්ථානයේදී සකස්කරනු ලැබීය.
අනුරාධපුර ජයන්ති විහාරස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක් තුල වෙසක් පුන් පොහෝදින අලුයම 1.00 ට පමණ නොකැඩුනු සහල් ගෙන එම සහල් එළකිරෙන් සෝදා මුකවාඩම් බැඳගත් සැදැහැවතුන් විසින් එළකිරි සමග සෝදා ගත් සහල් භාජනයකට දමා තවත් භාජනයක් තුළට ඖෂධවර්ග දමා එම ඖෂධ අඩංගු භාජනය තුළ සහල් අඩංගු භාජනය තබා, අගිල්, ගුගුල්, සුදු හඳුන්, රත් හඳුන් දර යොදමින් ලිප ගිනි මොලවා එම භාජන දෙක ලිප මත තබා ඖෂධ වාෂ්පයෙන් සකස් කර ගත් කිරිබතට කිතුල් හකුරු, වියලි මිදි, ගිතෙල්, මී පැණි දමා කවලම් කර ක්ෂීරපායාස බුද්ධ පූජාව සකස් කර ගන්නා ලදී.
බුද්ධ පූජාව සකස් කරන විට හේවිසි ඇතුළු පංචතූර්ය නාද පවත්වමින් පිරිත් සජ්ජායනා පැවැත්වුණි.
ඉන් පසු ක්ෂීරපායාස බුද්ධ පූජාව රන් ආලේපිත පාත්‍රයට බෙදා යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද දර්ශනීය පෙරහරින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කරවනු ලැබීය.





2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු ක්ෂීරපායාස පූජාව ශ්‍රී මහා බෝධියට
Anuradha.W. Saturday, 18 May 2019 03:17 PM
ලෝකවාසී සැමදෙනාට උතුම් වෙසක් මංගල්ලයක් වේවා!