IMG-LOGO

පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය සිසුන් විරෝධතාවයක

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්  සීමාවාසික  පුහුණුවට වහා බඳවා ගන්නා ලෙසත් , සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා  ගැනීමට නිශ්චිත  ක්‍රමවේදයක්  සකස්  කරන ලෙසත් ඉල්ලා සිසුහු විරෝධතාවයේ නිරතවූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)  

 

 



අදහස් (20)

පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය සිසුන් විරෝධතාවයක

රවිඳු Wednesday, 29 January 2020 05:03 PM

රාජ්‍ය සේවය මිස පෞද්ගලික අංශයට නම් මේ අයව පැත්ත පාල්තේ වැද්ද ගන්නේ නැති පාටයි. ඉගෙන ගන්න කලින් යහපත් ආකල්ප ඇතිකර ගන්න. නැත්නම් ඉතින් ජීවිතේම මහපාරේ තමයි.

:       781       772

MuhanThursday, 30 January 2020 03:01 AM

මෙයාට මෙම ප්‍රශ්නය ගැන කිසිම අවබෝධයක් නැත.

:       23       261

lalithmThursday, 30 January 2020 03:59 AM

සැබෑවක්. මේ ළමයි ඉල්ලන්නේ සීමාවාසික පුහුණුව... නැතිව රැකියා නොවෙයි. පුහුණුවෙන් පසු ටික කලක් ගිහින් මේ අයව අල්ලන්න දැල් දමන්න වේවි...!!! විදෙස් වෙළඳපළ මොවුන්ට හොඳට විවෘත වෙනවා නිසැකයි.

:       0       63

Perera Wednesday, 29 January 2020 10:42 PM

පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයත් නොමිලේ ලබාදීලා ඊට පස්සේ රැකියාවලුත් ලබාදෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. රැකියාවක් ලබාගත යුත්තේ තමන්ගේ සහජ දක්ෂතා සේවාදායකයෙකුට පෙන්වා දීලා මිසක් පාරවල් ගානේ උද්ඝෝෂණය කරලා රටේ ආණ්ඩුවට බලපෑම් කරලා නොවේ...

:       99       312

IsuraFriday, 31 January 2020 10:17 AM

ලංකාවේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සහ හෙද නිලධාරීන් ලොකු හිඟයක් තිබෙන බව මෙතුමා දන්නේ නැති හැඩයි. මොවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වාසිය ලැබෙන්නේ අසරණ රෝගීන්ටමයි.

:       0       3

Rohan Thursday, 30 January 2020 01:10 AM

කට්ටිය දැන් ආපහු එළියට බහිනවා වගේ....

:       12       11

lalithm Thursday, 30 January 2020 02:39 AM

මේ අයට මුල ඉඳලම වල කපන්නේ දොස්තර සංගමයයි. ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය මූලික දේවල් මේ අය ලවා බොහෝදුරට කරන්න පුළුවන්. වෙනත් රටවල ඉහළින්ම පිළිගන්න වෘත්තියක්... අපේ රටේ හරි වෘත්තියවේදීන්ට දෙන තැන තමයි මේ පෙනෙන්නේ. කමකට නැති බාහිර උපාධි වලටත් රජයේ රැකියා දීලා රටට බරක් කරපු ආණ්ඩු මේ වගේ ඉහළ වටිනාකම් තිබෙන අය ගැන මීට වඩා හොඳින් බලන්න ඕනේ...

:       149       229

MuhanThursday, 30 January 2020 07:58 AM

මෙතුමාට මෙම ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තියෙනවා...

:       32       19

rana Thursday, 30 January 2020 05:57 AM

කුහකකම සහ සල්ලි.

:       15       1

SUMITH Thursday, 30 January 2020 06:13 AM

මුකවාඩම් බැඳන් ඉන්නේ මෙයාලට කොරෝනාද? ඔන්න ඔහේ ඉල්ලන දෙයක් දීලා දාන්න... දැන් ඡන්දයක් ළඟ ළඟ එනවනේ...

:       5       3

chinthana Thursday, 30 January 2020 06:52 AM

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තමයි මේ අයට පුහුණුව ලබන්න දෙන් නැත්තේ... පේරාදෙණියෙ රෝහලේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුව ලබද්දි මේ අයට දෙන් නෑ. GMOA කැමති නෑ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් උපාධිධාරින් බිහිවෙනවට... ඉන්න එකම උපාධිධාරීන් MBBS වෙන්න ඕනෑ කියලා තමයි දොස්තරලා කියන්නේ. (BDS හැර) ඒ අය බයයි මේ උපාධිධාරීන් සෞඛ්‍ය පරිපාලනයට ඇවිත් කවදාහරි දොස්තරලාට ඉහළ තනතුරුවලට පත්වෙයි කියලා. ලියාපදිංචි වෛද්‍යවරුන්ට පවා කැපිල්ලමනේ දැම්මේ... දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න උපාධිධාරීන් සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රවල උපාධි ගත් අය. ටික දෙනෙක් ඉන්නවා හෙද උපාධිය තියන. මෙයාලා ඉල්ලන්නේ පුහුණුව මිසක් රස්සා නෙවෙයි. GMOA එක මේ රජය එක්ක ඉන්න නිසා මෙයාලගේ ප්‍රශ්නේ මේ රජය තියෙනකම් නම් විස‍ඳෙන්නේ නෑ. මහ ඡන්දෙට පෙර කොළඹට ඇවිත් පාගමනක් ගියා නම් අඩු ගානේ සාකච්ඡාවක්වත් ලැබෙයි. ඡන්දෙට පස්සෙ නම් බැටන් පොලු පහර තමයි..

:       146       238

chinthana Thursday, 30 January 2020 06:53 AM

අනිත් සියලුම පාඨමාලාවල (ගණකාධිකාරි, රසායන විද්‍යා, ඉංජිනේරු, ගෘහනිර්මාණ ආදී) සිසුන් පුද්ගලික ආයතනවල පුහුණු කරනවා නම් ඇයි මෙයාලා පුද්ගලික රෝහල්වල, ඔසුසල්වල, රසායනාගාරවල පුහුණු කරන්න බැරි? දොස්තරලා නෙවෙයිනේ... දැනට රජයේ සේවය කරන හෙදියන් හා පරිපූරක වෛද්‍ය සේවාවල අයවත් මේ සිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ආණ්ඩුවට හා GMOA එකට විරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාවත් මෙයාලා වෙනුවෙන් කතාකරලා නෑ. ඔවුනුත් කැමති නැතුව ඇති තමන්ට නොලැබුණු උපාධිය වෙන කෙනෙක් ගන්නවට. මෙයාලා කෙලින්ම හෙද හෝ පරිපූරක වෛද්‍ය සේවාවන්ට බැඳුනු අයට වඩා උසස්පෙල ළකුණු ගත්ත අය නිසා ඉරිසියාවකුත් ඇතිනේ... ඒ නිසා රජයේ රෝහල්වල පුහුණුවට දැම්මත්, හරිහමන් පුහුණුවක් දෙයි කියලා හිතන්නත් බෑ. ගුරු මුෂ්ඨිය තියාගෙන පුහුණු කරයි. ඒ නිසා පුද්ගලික ආයතනවල පුහුණු කරන එක තමයි සුදුසු.. ඒ ආයතන වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඒවනේ... පඩි ගෙවන්නත් ඕනේ නෑනේ...

:       0       150

lalithmThursday, 30 January 2020 08:43 AM

හොඳ අදහසක්. නමුත් කොස්සක් එන්න ඉඩ තියෙනවා. පුද්ගලික රෝහල්වල පුහුණුව රජයේ දොස්තරලගේ අධීක්ෂණයෙන් වුනේ නැති නිසා උපාධිය පිළිගන්න බැහැ කියලා පණ්ඩිත ටෝක් දෙයි.

:       0       2

tony silva Thursday, 30 January 2020 02:03 PM

ඔහේ පලයන්...

:       0       0

ප්‍රීති Thursday, 30 January 2020 03:51 PM

රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබලාට මොකටද පුහුණුවීම්? අනික මොනවා පුහුණු වෙන්නද රජයේ රෝහල්වලින්? රෝගීන්ට, සත්තුන්ට වගේ සලකන්න වෙන්න ඇති මේ අය පුහුණු වෙන්න හදන්නේ...?

:       0       0

Dhanuka Iroshan Thursday, 30 January 2020 04:01 PM

දැනගන නෙවේද ගියේ ? දැන් බොරුවට කෑ ගහන්න එපා. මිනිස්සුන්ට කොච්චර තිබුණත් මදි.

:       0       0

janaka Friday, 31 January 2020 01:57 AM

ඇත්තටම මෙයාලට කොරෝනද? දැනට කොරෝන වලට ලංකාවේ මුඛ වැසුම් දාන්න ඕනේ නැහැ කියල වත් උගන්වල නැහැ වගේ. කොහොම උනත් මෙයාලට අනාගතයක් හදල දෙන්න ඕන සෞඛ්‍යය සේවකයන් අතර දාම් ඇදීම සිදු නොකර. මේ ගොල්ලන් සෞඛ්‍යය පරිපාලකයන් කරවීමට උත්සහ කිරීමද විසඳුම? මේවා නූල් සූත්තර. ඉතින් රටක් දියුණු වෙයිද?

:       0       0

Rohana Friday, 31 January 2020 07:29 AM

වෛද්‍ය වෘත්තීය සහ පුහුණුව දොස්තර සංගමයේ ඒකාධිකාරයකි. සංගමයේ අදහස්වලට පිටින් කිසිම නව වෛද්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමටවත් පුහුණුව දීමටත් මොවුන් කැමති නැහැ. මෙවැනි පාඨමාලා සදහා ඉදිරියේ දී ලංකාවේ රැකියා ලැබේ දැයි සැක සහිතයි. නමුත් එවැනි විරෝධතා නොසලකා ජනතා අවශ්‍යතා සැළකිල්ලට ගෙන අවශ්‍ය රැකියා ලබා දීමට රජයකට ශක්තියක් තිබිය යුතුයි.

:       0       0

දරශන Friday, 31 January 2020 11:13 PM

ලෝකයේ කිසිම රටක පරිපූරක වෛද්‍යය සේවා උපාධි පාඨමාලා සදහා පුහුණුවක් ලබාදී නැත. ඔවුන්ගේ පාඨමාලා කාලය තුළ රෝහල වල රසායනාගාර වල පත්වීම් ලබාදීම සිදුකරයි. වෛද්‍යය හා දන්ත වෛද්‍යය සිසුන්ට සීමාවාසික පුහුණුව ලබාදී ඇති නිසා සියලුම පාඨමාලා සදහා එසේ කිරීම අවශ්‍යය නොවේ. වෛද්‍යයවරුන් උන ඔබගේ මිත්‍රයා හට ඉරිසියා කිරීමෙන් කිසිදු සෙතක් සිදු නොවේ.

:       0       0

de silva Saturday, 01 February 2020 03:55 AM

මේ තිබෙන කරදර මදිවට උද්ඝෝෂණ? මේ අයට පිස්සුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site