IMG-LOGO

පරාක‍්‍රම සමුද්‍රය වාන් මට්ටමට

ඩබි ඒ පියතිලක සහ ක.ග කරුණාරත්න
 
වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි.

 
පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් පවතින බවත්  වාන් දොරටු විවෘත කිරිම සඳහා අක්කර අඩි එක් ලක්ෂ දාහත්දාහක් තිබිය යුතුය. මේ වන විට දිනකට වැවෙන් තප්පරයට ඝණ අඩි 200 ක් මුදාහරින අතර දිනකට පරාක‍්‍රම සමුද්‍රයට ඇළහැරින්  තප්පරයට ඝණ අඩි 200 ක් සහ  කලුගගෙන් තප්පරයට ඝණ අඩි 500 ක් වැවට ජලය ලැබෙන බව කියයි.
 
ඉදිරි යල් කන්නය සඳහා කිසිදු බාධාවකින් තොරව පරාක‍්‍රම සමුදුයේ  කන්න වගා කිරිමට හැකියාව ඇති බවත් මින්නේරිය ගිරිතලේ සහ කවුඩුල්ල වැව් සඳහා  ඉදිරියෙදි වර්ෂාව ලැබුනොත් වැව් පිරවිය හැකි බව ඒ මහතා කීය. 
 
වර්ෂාව නොලැබුණත් මොරගහකන්ද ජලාශයෙන්  ජලය ලබා ගැනිමේ  හැකියාව ඇති බැවින් ඉදිරි යල් කන්නයේ ජල හිගයකින් තොරව ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට හැකියාව ඇති බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා වැඩිදුරටත් කිය.

 



අදහස් (9)

පරාක‍්‍රම සමුද්‍රය වාන් මට්ටමට

sunanda Monday, 19 February 2018 02:25 PM

වාසනාවන්

:       135       631

බන්ඩා Monday, 19 February 2018 10:27 PM

ආණ්ඩුව පෙරලුනා කියලා හිතලා වහින්න ගත්තෙ. පෙරලුනේ නැති හින්දා ආයෙත් පායයි.

:       0       0

upul Tuesday, 20 February 2018 03:36 AM

හොඳ සැලැස්මක්

:       0       0

Muhan Tuesday, 20 February 2018 07:49 AM

මේවගේ අහන්න සතුටු දෙකට "වාසනාවන්" කිව්වහම . කව්ද ඊට අකමැතිවෙන කෙනා

:       100       176

විජිත Tuesday, 20 February 2018 08:07 AM

අධ්‍යක්‍ෂ තුමණි, දැනට කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම ඉතා අවම මට්ටකමක පවති කවුඩුල්ල ව්‍යාපාරයෙන් මහ කන්නයේ ජලය නිකුත් කර ඇත්තේ එක් කොටසක් සඳහා පමණි මැණික් හොරොව්ව ව්‍යාපාරය සඳහා කන්න තුනක් ජලය නිකුත් නොකරන ලදි එහි කුඹුරු ඉඩම් මේවන විට වනගත පුදේශ මෙන් දිස්වේ මෙහි ගොවින් ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගතකරමින් සිටි. මොරගහකන්ද ජලාශයෙන් කවුඩුල්ල වැව කඩිනමින් පුරවා එම කොටසට ජලය ලබාදෙනමෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු

:       0       166

navoda Tuesday, 20 February 2018 04:12 PM

ස්තුතියි සිරිසේන ජනපතිතුමනි,!!!

:       346       265

K Siri Tuesday, 20 February 2018 05:34 PM

අහන්නත් ආසයි. මේ වගේ වැව් පද්ධතියක් ලෝකේ වෙන කිසිම රටක නැහැ. අපේ මුතුන් මිත්තන්ට පින්සිදු වෙන්න ඕනි. ඒ අය දිව්‍ය ආත්ම වල ඉඳගෙන මේවා බලාගෙන ඇති. වර්තමානයේත් ජලකලමනාකරණයෙන් අපි ඉදිරියෙන් ඉන්නවා. පිටරැටියන් මේවාට ඉරිසියයි.

:       0       23

ajith Wednesday, 21 February 2018 06:14 AM

මේක වතුර හොරකමක් වගේ පෙන්නේ

:       1       4

ranjith Wednesday, 21 February 2018 11:50 AM

මේවා හොද ආරංචි හොද දේ අගේ කරනවා

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 376 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site