IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

(පාලිත ආරියවංශ )

පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.

බස්රථ  රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට  ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන්  ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.



අදහස් (14)

පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

සන්ජය ප්‍රසත් Tuesday, 15 March 2022 11:44 AM

රට පාලනය කරන දෙශපලූවන් හා සමහර පාසල් වල ඉන්න මිහරක් වැනි විදුහල්පති තනතුරු දරන හරක් දන්නේ නෑ රටේ තත්වය ගැන

:       0       0

අප්පුහාමි Tuesday, 15 March 2022 12:04 PM

මමත් උසස් පෙළ කාලයේ ගියේ ගෙදර සිට කිලෝමීටර් හයක් පමණ දුර පාසැලකට සමහර සමහර දවසක පාරේ තිබුන එකම බසය හමුවෙනවා නැති දවසට පයින්ම යනවා දවසෙම පයින්ම යන්න තිබෙන දවස් වැඩියි මේ අපහසුව නිසා අපිට කැම්පස් යන්න බැරිවුණා නමුත් අපිට හිටපු විදුහල්පති උත්තමයා ජේ.පී.පී ජයවීර මැතිතුමා අපට කිසිදාක ඔහොම කලේ නැහැ (එතුමාට නිවන්සැප ලැබේවා ) අපේ සහනයෙන් පාසැලට ආසන්න සමහරක් අයත් අයුතු ප්‍රයෝජන ගත්තා.

:       0       0

සෙනවි Tuesday, 15 March 2022 01:11 PM

විදුහල්පති ගේ මේ අසංවර ක්‍රියාවට විරුද්ධව පියවරක් ගැනීමට බලදාරීන් කටයුතු කලයුතුය.

:       0       0

Mangala Tuesday, 15 March 2022 01:16 PM

මේ විදුහලේ විදුහල්පති ලංකාවේ කෙනෙක් නෙවෙයිද. අද තියෙන තත්වය අනුව මේ ලමයි ආපු එකම ලොකු දෙයක් කියල හිතන්න මොලයක් නැති කමද නැත්නම් මේක මේ බොරු විනය පෙන්වීමක්ද. කියන්න වචන තියෙනව ඒත් මේකෙ ලියන්න බැහැ.

:       0       0

sampath Wednesday, 16 March 2022 12:15 AM

තේරුම්ගන්න බැරිද මේ රටේ අද තියෙන ප්‍රායෝගික තත්වය.

:       0       31

DD Wednesday, 16 March 2022 12:38 AM

විදුහල්පතිවරයා රටේ ගමනාගමන තත්ත්වය තේරුම් ගත යුතුයි

:       0       27

Kolla Wednesday, 16 March 2022 05:04 AM

ලංකාව කවදා ගොඩ යන්න ද?

:       0       26

චමින්ද Wednesday, 16 March 2022 06:26 AM

කියන්නකො බලන්න මොකටද අදහස් එවන්න කියන්නෙ කියලා

:       0       11

චමින්ද Wednesday, 16 March 2022 11:35 AM

මේ අදහස දාපු ගමන් ප්‍රතිචාර පළවෙනවා හරි සතුටුයි.

:       0       3

maduwantha Wednesday, 16 March 2022 09:45 AM

ඒ ළමයි මොනවා කරන්නද .පාරේ හිටවලා තියන්නේ නැතිව පාසලට ඇතුලත් කරගන්න .අහිංසක ළමයි

:       0       30

අප්පුහාමි Wednesday, 16 March 2022 04:54 PM

පාරෙ නොතියා ගේට්ටුවෙන් ඇතුළට අරගෙන ගහක් යට හෝ හෙවනක තියන්න තරම් අනුකම්පාවක් නැතිවීම කණගාටුවට කරුණක් කියන්නේ... බස් නැතුව ගියේ දරුවන්ගේ වරදක් නොවන නිසායි.

:       0       4

Mahesh Wednesday, 16 March 2022 11:18 AM

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය තමයි ඔය ප්‍රධාන පාසල...

:       0       14

JAYATH Wednesday, 16 March 2022 11:28 AM

අර උන්නැහේගේ මොලේ කළඳක් නැහැ.

:       0       17

chandana Wednesday, 16 March 2022 02:44 PM

ළමයින්ට විනය පිළිබඳ පාඩම ඉස්කොලෙන් ලැබිය යුතුයි. නමුත් ඕවායේ තියෙන තත්වය තේරුම් ගෙන ඇතුල් කරගත්තා නම් තමයි හොඳ.... ළමයින්ගේ වැරැද්දක් නොවන හින්දා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site