
(ඩයනා උදයංගනී)
කොළඹ නෙළුම් කුළුණ අද සවස 6.00 සිට තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම සැප්තැම්බර් 17 වැනිදා දිනය රෝගී සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇති අතර එය සංකේතවත් කිරීම සඳහා මෙම කටයුත්ත සිදුකරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් ද අද රාත්‍රියේ තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අනුග්‍රහය ලබා දී ඇත.
දැනට ගෝලීයව බලපා ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න යොදාගෙන තිබේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
176
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් කුළුණ තැඹිලි පැහැවෙයි
siri Thursday, 17 September 2020 02:38 PM
අයියෝ සල්ලි... !!!
jayasekaraFriday, 18 September 2020 03:51 AM
අයියෝ සල්ලි? මහ බැංකු කොල්ලයේ...
BankFriday, 18 September 2020 02:45 PM
මහ බැංකුවට මොකද වුනේ..?
BamunuarachchiFriday, 18 September 2020 03:35 PM
ප්‍රංශ වැසියෝ අයිෆල් කුළුණ ආලෝකමත් කළාම අයියෝ සල්ලි කියන්නේ නැහැ. දීන මානසිකත්වය.. රටක් දියුණු වෙන්න මෙවන් මතධාරින්ගෙනුත් රට නිදහස් වෙන්න ඕනේ..
විජේ Thursday, 17 September 2020 11:24 PM
පටන්ගත්ත කාලෙ රැස්වීම් වලට වතුර බෝතල් වෙනුවට වතුර වීදුරු දීලා නාස්තිය අඩුකරපු ජනාධිපතිතුමා මේක දකින්න නැතුව ඇති. නෙලුම් කුළුණ අවුලක් නෑ කියමුකෝ, ඒත් සියලුම රෝහල් තැඹිලිපාට කරන්න. හිතුණේ නැද්ද ඕකෙන් තව සේලයින් බෝතලයක්, වෙන්ටිලේටරයක් වගේ ගත්තා නම් වටිනා බව... අයියෝ සල්ලිදත් කියනවා සිරි..., හරි සිරි.
amal Friday, 18 September 2020 05:17 AM
හොඳ වෙලාවට මේක හැදුවේ.. නැතිනම් කොහේ ලයිට් පත්තු කරන්නද?
BamunuarachchiFriday, 18 September 2020 03:37 PM
මේක හදලා ඉවර වෙලයි පොහොට්ටුව කියලා පක්ෂෙට නම දැම්මේ.. කොහොමද ප්ලෑනින්. ඡන්ද ලකුණු පෝස්ටර් ගහන්න බැරි වුණාට කොමසාරිස්ටත් බලබල ඉන්න ඡන්ද ලකුණක් තිබෙනවා.
CHANDIMA Friday, 18 September 2020 01:12 PM
මාරයි, තොරන් බලන්න ගියාවගේ. දැන් අපට හැමදාමත් වෙසක්. බලාපල්ලා ඕක දිහා බලන් ඉන්න වෙලාවේ... සීනි, පිටි ගණන් නැගලද කියලාද?