( රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ පුස්සලපිටිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ගල් කිහිපයක් අද (28) පෙරලීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රාගල කාර්යාලයේ නිලධාරින් සහ වලපනේ පොලිසියේ නිලධාරින් එක් ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල් වලින් කොටසක් ඉවත් කර එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැය තුනකට පසු එක් මංතිරුවකට පමණක් සිමා කළේය.
ගල් කඩා වැටුණු ස්ථානය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව ලබාදෙන නිර්දේශ අනුව එම මාර්ගයට කඩා වැටි ඇති සෙසු ගල් ද ඉවත් කිරිමට පියවර ගන්නා බවයි රංජිත් අලහකොන් මහතා කියා සිටියේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිල්දණ්ඩාහින්න-වලපනේ මාර්ගයට ගල් පෙරළෙයි