IMG-LOGO

නිදහස් දිනයේ නාවික හමුදා ප්‍රදර්ශනය

( රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 
 
72 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානය පෙන්නුම් කරමින් නැව් කිහිපයක් මෙන්ම ප්‍රහාරක යාත්‍රා කීපයක් ද කොළඹ ගාලුමුවදොර ආශ්‍රිත දියඹේ ගමන් කරන අයුරු දැකගතහැකි විය.
 
අතර එය නැරඹිමට මහජනතාව ද මේ වන විට ගාලුමුවදොර පිටියට පැමිණෙන අයුරු දැකගතහැකි විය 


 



අදහස් (10)

නිදහස් දිනයේ නාවික හමුදා ප්‍රදර්ශනය

Nimal ... Tuesday, 04 February 2020 12:03 PM

මහජනතාවට විහිළු සැපයීමක් මේ. බඩු මිල අහස උසට... ලයිට් කපන්න හදනවා. ඉන්ධන බිල ගෙවා ගන්න බැරිව. මෙයාලා මගුල් නටනවා ජනතාවගේ බදු මුදල් වලින්...

:       835       850

රට වැසියාWednesday, 05 February 2020 06:43 AM

සහතික ඇත්ත. අපි හැමදාම කරපු දේ තමයි නිදහස සමරනවා කියලා අපේ රටේම බදු මුදල් දිලා අනුන්ගේ ගේ අවි-ආයුධ අපේ රටට ගෙනල්ල සංදර්ශන පවත්වන එක. ඇත්තෙන්ම අපි අපි ගැනම ලැජ්ජා විය යුතුයි. නිදහස සැමරීමට කොයි තරම් නම් අර්ථවත් දේවල් කරන්න පුලුවන්ද?

:       33       40

එස්.එම්. හේරත්Wednesday, 05 February 2020 06:58 AM

ලංකාවේ දේශපාලනය කියන්නේ ඇවිදින, සජිවි ප්‍රෝඩවක්, රටේ දේශපාලකයා මේ ප්‍රෝඩව කරන තරමට රටේ මිනිස්සුන්ගේ "ජාතික-ආලය" කලබල වෙනවා. බලන්නකෝ, රටට නිදහස ගෙන්න කැප වු අයගේ ඉතිහාසය ගැන අද රටේ බහුතරයක් දන්නේ නෑ. අනුන්ගෙන් කුලියට ගත් ආයුධ ගෙනල්ලා මේ රටේ සංද්ර්ශන පවත්වනවා. අපි රටක් ජාතියක් විදියට තාම ඉන්නේ යටත් විජිත යුගයේ, අපේ ඔලුවට දාපු වහල් යුද මානසිකත්වයේ. ආයෝජකයෝ එන්නේ නැහැ කියලා කං කෙඳිරි ගානවා. ලංකාවේ නිදහස ගැන පම්පෝරි ගහන අය අඩුම ගානේ ජපන්-එම්බසියට ගිහිල්ල ස්තුති කරන්න සුද්දන්ව ආසියාවෙන් එලවන්න ආසියාවේ වැඩි කැප කිරිම කරේ ජපන්නු. (මා දන්නා පරදි, මේ ගැන හැගීමක් තිබුන අපේ රටේ එකම නායකයා ජේ. ආර්. ජයවර්ධන)

:       24       41

ChampaWednesday, 05 February 2020 02:08 PM

නිමල්ගේ කතාවේ කිසි වැරැද්දක් නැහැ. නිමල් කතා කරන්නේ රටේ එක පැතිකඩක් ගැන. 2015 ඉඳන් අවුරුදු 5ක් තිස්සේ ජනතාව රට වෙනුවෙන් සියලු දුක් වේදනා බඩගිනි දරාගෙන ඉඳල, මහපාරවල් ගානේ ආණ්ඩු, විරෝධී රැස්වීම්වලටත් ඇවිල්ලා දැන් ඒ ආණ්ඩුව එලවලා මාස දෙකහමාරකුත් වෙලා රටේ ජනතාවට දීලා තියෙන්නේ මොනවද? අඩු ගානේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කතාකරපු විදිහට මිනිස්සු හිතුවේ ආව ගමන් රටේ වෙනසක් ඇතිවෙයි කියලා. තාම එහෙම සලකුණක්වත් නැහැ. මාගම්පුර වරාය අතහැර දැමීම, කොළඹ ඉඩම් විදේශිකයින්ට විකිණීම, ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්න කමිටු පිහිටුවීම, ජිනීවා ගිවිසුම ඉවත්කර නොගැනීම වැනි මේවා ඔක්කොම වහල් ආණ්ඩුව ගියපු පාරවල්මයි. දැන් යූ ටර්න් ගහලා. හොඳ දැක්මක් තියෙන පාලකයෙකුට අත්සන් දෙක තුනකින් රට වෙනස් කරන්න පුළුවන්... අන්තිමට වුනේ මිනිස්සු රැවටුණු එක...

:       65       44

Champa Tuesday, 04 February 2020 01:28 PM

කිසි ගතියක් නැහැ. නිදහස සැමරීම එක තැනක. නාවික හමුදා දර්ශන වෙන තැනක. ගුවන් හමුදාවේ සංදර්ශන නැහැ. හේතුව ස්ථානය...

:       277       231

Sujeewa Tuesday, 04 February 2020 01:54 PM

නිමල් මහත්මයා, "ජරාපලනය" වසර 5ක් රට වනසා, රටට දායාද කර ඇති ඵලවිපාක හේතුවෙන්, තාවකාලිකව විඳින්න වී ඇති දුක් කම්කටොලු හේතුවෙන්, අභිමානවත් ශ්‍රී ලාංකික නිදහස සමරන්න එපා කියලද ඔබතුමා දේශනා කරන්නේ? ඔබට අඩු මිලට පාන් ගෙඩිය ලොකුවුණාට, දවසට පැය කිහිපයක් කරුවලේ ඉන්න ඔබතුමාට බැරිවුණාට, මේ ශ්‍රීමත් රටේ ජීවත්වන අපට, අතීතයේ දුක් කම්කටොලු රාශියක් ගෙවා, ජීවිත පරිත්‍යාගයෙන් 1505 සිට විදේශ රටවලට යටත්ව සිට 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා, 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකික ජනරජයක් බවට පත්වී, 2009 මැයි 19වැනි දින ත්‍රස්තවාදීන්ගෙන් සහ විදේශ බලවේගයන්ගෙන් රට බේරා ගැනීම... ඇතුළු අනෙකුත් ජයගැනීම් සැමරීම අප අගය කරන්නෙමු. ඒ රටේ ජීවත්වන ප්‍රගතිශීලි අපේ ප්‍රාර්ථනාවයි. ඔබ ලාබෙට පාන් කකා, ලයිට් එක දමාගෙන, ලාබෙට පෙට්‍රල් ගසා, ඒ සියල්ල ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය නාස්ති කරමින් සන්තෝෂ වන්න...

:       1037       1301

Sujeewa Tuesday, 04 February 2020 02:35 PM

චම්පා මැතිනිය, නිදහස් සැමරුම පැවැත්වුයේ කොළොඹ 7 ටොරින්ටන් දීය. නාවුක හමුදාවට ඇත්තේ නැව් පමණි. ඒවා ටොරින්ටන් නගරයට ගෙන එමටනම් නැව් වලට රෝද සවිකර, ගාලු මුවෝදර සිට ගාලු පාරේ පැමිණ, කොල්ලුපිටයට පැමිණ, පාර දිගේ පැමිණිය යුතුය. නැව් විශාල නිසා, පාර දෙපැත්තේ නිවාසයන් කඩා ඉඩ ලබා ගත යුතුය. 2021 දී අප එසේ කරමුද? ඔබේ අදහසේ වටිනාකම කොපමණද කියලා දැන් හිතාගන්න පුළුවන්නේ. මැතිනිය, ඔය කඩේ ගියා ඇති. රටේ පාලකයෝ හොදක් කරනා විට, අප ජනතාව කළ යුත්තේ ඔවුන්ගේ කකුලෙන් ඇදීම නොව. ඒ රටට වඩා තමන්ගේ ගෝත්‍රික දේශපාලනයට ආදරය කරන කුහකයන්ගේ ක්‍රියාවක්. 1950 කාලයේ ජෝන් කොතලාවලටත්, 1960 කාලයේ ඩඩ්ලි සේනානායක ටත්, 1970 කාලයේ සිරිමාටත්, 2015 දී මහින්දටත් ........ අප ඒවා කර අද පව් ගෙවමින් සිටි. අපේ දරු පරම්පරාවට ආදරයක් තිබෙනවානම්, කුහක දේශපාලනයෙන් බැහැරවී, දෙපාරක් සිතන්න.

:       34       133

ChampaWednesday, 05 February 2020 01:47 PM

හරිම විනෝදජනක උත්තරයක්නේ මට දීලා තියෙන්නේ. ගාලු මුවදොර තිබ්බා නම් නාවික සංදර්ශන, ගුවන් හමුදා, පැරෂුට් සහ ගුවන් සංදර්ශන, හමුදා පෙළපාලි මේ ඔක්කොම එක්ක ගාලු මුවදොර නිල්පාට මුහුද පසුබිමේ තිබ්බ නිදහස් දින සැමරුමේ අමුතු ලස්සනක් තියෙනවා. මෙහෙම කරන්න පුළුවන් තව එක රටක් ගැන කියනවද? මේ පාර කලේ නිදහස් චතුරශ්‍රයේ හතරැස් කොටුවක් ඇතුලේ වටේට ගෙවල් ගොඩනැගිලි පසුබිමේ බාගෙට නිදහස් සමරුව තිබ්බ එක. මම නම් කාටවත් කඩේ ගියේ නැහැ. ඔබට අන්ධ භක්තිය තිබ්බට මට එහෙම එකක් නැහැ. හරි දේට හරියි කියනවා, වැරදි දේට වැරදියි කියනවා. අනිත් එක නිදහස් දින කතාවත් නිකම් වහල් ආණ්ඩුවේ කතාවක් වගේ. නිදහස් දිනයට අදාළ ඉතිහාසය ගැන මුකුත් කතාවේ නැහැ. අඩු ගානේ 1505 ඉඳන් 1948 දක්වා පරගැතියන් ලංකාවෙන් එලවන්න සටන් කරපු එක වීරයෙක් ගැනවත් සිහි කිරීමක් නැහැ. අනික අපේ පාලකයන්ට විදේශිකයෙක් නැතුව නිදහස සමරන්න බැරි වෙලා...

:       102       16

Nimal ... Tuesday, 04 February 2020 04:41 PM

නිදහස් උළෙලකදී මෙතෙක් පැවති සම්ප්‍රදාය බිඳී ගිය බැව් ඔබ නොදැක්කාද ? මෙතෙක් උළෙලට පැමිණි ජනාධිපතිවරයෙකු පිළිගනු ලැබූයේ අගමැතිවරයා විසිනි. මල්ලී පිළි ගැනීමට ලැජ්ජා නිසා එසේ වූවාදැයි අපි නොදනිමු. එසේම ජනාධිපතිවරයාගේ තීරණ ඔය ලෙසම බොල් වේවිදැයි අපට සිතා ගත නොහැකියි. එසේම උසාවියෙන් වරදකරුවන් වූ හොරුන්ට ඉහළ පුටු පිරිනමමින් යහපත් ගමනක් යාවි යැයි ඔබ වැන්නෙක් සිතුවාට අපි නම් එසේ සිතන්නට මෝඩ නොවෙමු. තව එකක් කියන්නම්. ආර්. එස්. ව්‍රැප් කීවා සේ රාමුව තුළ සිටින්නාට පින්තූරය හොඳින් දැක බලාගත නොහැකිය යන්න මා දන්නා කියමනකි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටතටත් විත් මදක් විපරම් කරන ලෙස මම අයදිමි.

:       106       74

Jay Friday, 07 February 2020 07:04 AM

මෙතන කමෙන්ට් කරපු බහුතරයක් 3% කට්ටිය වගේ. වැරදි පැත්තම තමයි දැකලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site