IMG-LOGO

දුම්රිය සංගම් කිහිපයක වර්ජනයෙන් මගීන් අමාරුවේ

(ලහිරු හර්ෂණ)

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස  අති විශේෂ  ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කර තිබියදීත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(27) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක  නිරතව සිටිති.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ජනය කි‍්‍රයාත්මක වුවද, අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බවයි.
 
කැලණිය දුම්රිය ස්ථනය අද (28) උදෑසන දිස්වූයේ මේ ආකාරයෙනි. පවතින වර්ජනය  හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවට ලක් වූහ.

(කැලණිය දුම්රිය ස්ථානය)


(මඩකලපුව  දුම්රිය ස්ථානය - ඡායාරූප ජවුෆර් ඛාන්)

(හැටන් දුම්රිය ස්ථානය - රංජිත් රාජපක්ෂ)

 



අදහස් (19)

දුම්රිය සංගම් කිහිපයක වර්ජනයෙන් මගීන් අමාරුවේ

unknown Friday, 28 June 2019 04:50 AM

රස්සාව හම්බවෙනකොට පඩිය බලන්නෙ නෑ. පස්සෙ තමා පඩිය මතක් වෙන්නේ. රජයත් දැනගන්න ඔනෙ පඩි දෙන්න බරිනම්, මෙවා පෞද්ගලික කරන්න

:       1       205

Raveendra Friday, 28 June 2019 04:58 AM

අහිංසක බදුගෙවන මිනිසුන් අගතියට දමා කිසිවෙකු ජයක් ලැබුවොත් එය ජයක් නොව පරාජයකි.මෙය දොස්තරලාටද පොදු සත්‍යකි .

:       0       207

wedage Friday, 28 June 2019 05:48 AM

පට්ට ෆන් එකක් තියෙන්නේ කෝච්චි පෙට්ටියේ වහලේ යනකොට. මට ඉන්දියාවේ දුම්රිය සේවය මතක්වෙනවා

:       115       255

dummala Friday, 28 June 2019 05:48 AM

එත කොට මේ අයට විතරද ප්‍රශ්න, පුද්ගලික අයට නැද්ද ? එදා සිට අද වෙනකල් රජයන් විසින් රාජ්‍ය සේවය නිසි කළමනා කරණය කලේ නැහැ ඒ අය බැලුවේ ඒ හරහා ජන්ද ලබා ගැනීම පමණි . එම ඔලමොට්ටල කෙරුවාව නිසා රාජ්‍ය සේවකොයෝ ඉල්ලීම් නිසා බය නැතුව නැගිටිනවා. නිසි කළමනා කරණය කරගෙන ආවානම් මෙම සේවය මිට වඩා හොද රටේ දියුණුවට දායක වන්න තිබුන. රැකියාව ගැන මිට වඩා උනන්දු වෙන්ඩ තිබුන. එම ඔලමොට්ටල කම් හන්ද ජනතාව පරිප්පු කනවා. දුර්වල වාසි පමණක් බලන පාලකයෝ ඉන්නකම් මෙහෙම තමා.

:       0       213

magiya Friday, 28 June 2019 06:00 AM

දුම්රිය නිලනිවාස වල සිට දරුවන් පාසලට අරින, අනිකුත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන, වැඩ කරන ජනතාව උගසට තබමින් කරන වර්ජනය සදහා සහයෝගය දක්වන දුම්රිය නිලධාරීන් මෙම දුම්රිය නිලනිවාස වලින් හා දුම්රිය සේවයෙන් නෙරපා හරිනු !

:       0       367

duppata Friday, 28 June 2019 07:24 AM

මෞන්ට්මාරි නිලනිවාස මගී ජනතාවගේ නැවතුම් පොළවල් කරනු, රියදුරන් පලවාහරිනු...

:       0       12

Rohana Friday, 28 June 2019 06:10 AM

මහජනතාව විඳින දුක බලධාරීන්ට පෙන්නේ නැද්ද? වර්ජන තර්ජන පාලනය කර ජනතාවට හොඳ සේවයක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. මැතිවරණ ජය ගැනීමට පමණක් කල්පනා නොකළ යුතුයි. කුමන ආණ්ඩුවක් යටතේ වුවත් මහජන සේවා කඩාකප්පල් නොවිය යුතුයි.

:       0       4

rama Friday, 28 June 2019 06:50 AM

මගීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර සහතිකයක් දෙන්න වටිනවා ලංකාවේ දුම්රිය සේවයට

:       0       0

banda Friday, 28 June 2019 07:26 AM

නිල නිවාසවලට පැනලා වර්ජකයින්ට පහර දෙමු...

:       0       4

max Friday, 28 June 2019 08:58 AM

ශ්‍රී ලංකා දුම්රිය සේවය, බංගලාදේශයේ දුම්රිය සේවය මට්ටමට රැගෙන ආ යහපාලන රජයට ජයවේවා!

:       67       108

lanka Friday, 28 June 2019 09:28 AM

සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට මෙතරම් වද දුන් රජයක් මෑතකදී බිහිනොවීය. මහජන බදු මුදලින් නඩත්තු වන 225ට ඉන්ධන දීමනා සමග ප්‍රාඩෝ දී ඇති බැවින්, ඒ අයට මිනිසුන් විඳින දුක නොතේරේ...

:       0       38

wiky Friday, 28 June 2019 10:15 AM

ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඕනෑ. නීතිමය කටයුතු කරන්න. බැරිනම් CGR එකට රට පාලනය කරන්න දීලා එයාල ගෙදර යන්න ඕනි. 225ක් නඩත්තු කරනවා. අපි මෙහෙ කටු කනවා. ඔවුන්ට යන්න පාරවලුත් වහනවා. දැන් අපි යන දුම්රියත් නෑ මාසෙට දවස් 4ක් නිකන් මොවුන්ට පඩි ගෙවන්නේ නැතිව, කරුණාකරලා, වැඩ නොකරන දවස් වල පඩිය කපා හරින්න. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්ට මේ වන අසාධාරණය, අමතර වියදම්, කාලය, මේ කිසිවක් ගැන සොයා බලලා මගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ අයිතිවාසිකම් නැති කරන්නේ හැමදාම. අනික මේ ආයතනවල නඩත්තුවට, මෙයාලගේ පඩිවලට අපිත් බදු ගෙවනවා. ඉතින් මේක අපේ අයිතියක්. රජයත් එක්ක තියෙන ගැටලුව එයාලත් එක්ක විසඳාගන්න. අපිට කෙලින්නේ නැතිව. CGR එකට මම නම් සාප කරනවා... පඩි වැඩි කළත්...

:       0       6

duFriday, 28 June 2019 11:34 AM

මගී අයිතීන් වෙනුවෙන් අපි නැගී සිටිමු. වර්ජනය කරනවානම් හැම සිකුරාදාම අපි මාසික වාර ප්‍රවේශපත් නොදෙන ඉඳිමු...

:       0       10

wickyFriday, 28 June 2019 01:14 PM

එතකොට ඉතිරි දවස් 4, යන්නේ ටිකට් අරගෙනද? මොවුන් ටිකට් පරික්ෂා කරලා දාලා අපිව අල්ලනවා. කාලකන්නි....

:       0       113

magiya Monday, 01 July 2019 03:12 AM

බප්පලාගෙන් වන්දි ඉල්ල ගනිමු' මන්දයත් සියලුම දුම්රිය නිලදාරීන් හා අදාල ඇමති වරුන් වගකිය යුතු නිසා

:       0       0

rajith Friday, 28 June 2019 01:35 PM

දැන් සැපද?

:       0       11

pakeerFriday, 28 June 2019 04:47 PM

කෝච්චි කවදත් දුකයි. එ්ක දන්නේ යන එවුන්. හොඳම කෝච්චි ටික කොළඹින් යනවා 5න් ඉස්සෙල්ලා. පුද්ගලික එවුන් යන්නේ යක්කු වගේ. ඒ මදිවට රජයේ එවුන්ට දෙනවා පට්ට අඩුවට 3න් මාසේ සීසන් එක. උන් ටික එ්කෙන් ගන්නවා 2ක් ලක්ෂ... අර වැඩි ගාන දීපු පුද්ගලික සේවේ අය 3 පෙට්ටි වල යනවා. එ්කත් රජයේ නිවාඩු දවසට නැහැ.

:       0       42

samanthaSaturday, 29 June 2019 07:04 AM

සහතික ඇත්ත පකීර්. සියලුම ආණ්ඩු සහ ප්‍රවාහන ඇමතිලා හිතාගෙන ඉන්නේ කෝච්චි වල යන්නේ රජයේ සේවකයන් විතරයි කියලා. රජයේ නිවාඩු දවසට සියලුම කාර්යාල දුම්රිය නවතිනවා. එදාට අපි බස් වල ගාටන්න ඕනේ...

:       0       52

tharu Thursday, 04 July 2019 05:06 AM

ඉගෙනගත්ත උන් මහා පාරේ ජොබ් නැතුව වේලෙනවා. මැති ඇමැතිලට ගොට්ට අල්ලලා අම්ම, තාත්තගේ පරම්පරාවේ බූදලයක් කියලා හිතලා ජොබ් එකට පැනගත්ත උන් වැඩ වර්ජන කරනවා. අනේ ඉතින් ලංකාව... හා හා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 349 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site