IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දුම්රිය ප්‍රමාදය වළක්වන්න ද්විත්ව මාර්ග සංවර්ධනය කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දුම්රිය ප්‍රමාදය වැළැක්වීමේ අරමුණින් ද්විත්ව මාර්ග සංවර්ධනය කිරිම ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු  මහතා  පැවසීය.

ද්විත්ව මාර්ග සංවර්ධනය කිරිම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල එකතුවෙන් සිදුවන අතර එය කුරණ සිට මීගමුව දක්වා සිදුවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව කියයි.

මෙම දුම්රිය ද්විත්ව මාර්ග පද්ධතිය ඉදිකිරිමත් සමඟ මේ වන විට කුරණ සිට පුත්තලම දක්වා දුම්රිය ප්‍රමාදය සම්පුර්ණයෙන් වැළකී යන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටි.

ද්විත්ව මාර්ග ඉදිකිරිම් සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජීනේරු,සංඥා, අධික්ෂණ, මාර්ග අංශවල සේවය කරන නිළධාරින් හා සේවකයින් 200 ක් පමණ දායකත්වය ලබා ගනිමින් කටයුතු සිදුවන ආකාරය දක්නට ලැබිණි.

මෙම ද්විත්ව මාර්ග ඉදිකිරිම පුද්ගලික අංශයට කොන්ත්‍රාත් ලබා දී විශාල මුදලක් වැය විමට තිබූ අවස්ථාව ඉවත් කර එය දුම්රිය දෙපාර්තුමේන්තුවේ සම්පුර්ණ දායත්වයෙන් ඉදිකිරිම මත විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බව දුම්රිය බළධාරින් පවසයි.

මේ හේතුවෙන් වැය වීමට තිබූ විශාල මුදලක් ඉතිරි කර ගනිමින් ද්විත්ව මාර්ගයේ කුරණ සිට මීගමුව දක්වා දුම්රිය මාර්ගයේ පළමු අදියරේ කිලෝ මීටර් දෙකකට ආසන්න දුරක් ඉදි කිරිම සිදුවෙමින් පවතී.

ද්විත්ව මාර්ග ඉදිකිරිම හා සංවර්ධනය කිරිම කුරණ සිට මීගමුව දක්වා සිදුවෙමින් පවතින අතර මෙම කාල සිමාවේදී දුම්රිය මගින්ට සිදුවන අපහසුතාවය ගැන කණගාටුවන බවත් මේ සියල්ල ප්‍රමාද නොවී දුම්රිය ගමනක් සදහා වන බැවින් ඒ පිළිබදව දුම්රිය මගීන්ගේ සහයෝගය ලබා දෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි. 



අදහස් (6)

දුම්රිය ප්‍රමාදය වළක්වන්න ද්විත්ව මාර්ග සංවර්ධනය කරයි

sachith Tuesday, 02 March 2021 07:02 AM

මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ මාර්ගයක් තමයි. කැළණි වැලි මාර්ගයේ හෝමාගම ඉඳලා මරදාන දක්වා කොටස. එහෙම කරලා හෝමාගම ඉඳලා තව දුම්රිය 02ක් වගේ කාර්යාල වෙලාවට දැම්මා නම් හයිලෙවල් මාර්ගයේ වාහන තදබදය ගොඩක් අඩුවෙනවා.

:       1       43

Rasika Tuesday, 02 March 2021 09:22 AM

හොඳයි... මාර්ග සංඥා ගොඩක් වැදගත්...

:       0       13

wedage Tuesday, 02 March 2021 09:45 AM

මීට කළින් ඉන්දියාවට දීලා ගොඩක් මුදල් වියදම් වුණා කියලා මතකයි. අනිත් එක අපේ පරණ යකඩ සියල්ලම ඉන්දියන් කාරයෝ අරගෙන ගියා.

:       0       15

Perera Tuesday, 02 March 2021 11:34 PM

ද්විත්ව මාර්ගද දුම්රිය ප්‍රමාදයට විසඳුම? එතකොට දැනට ද්විත්ව මාර්ග තියෙන මාර්ගවල ධාවනය වන දුම්රිය වල ප්‍රමාදයක් නැද්ද? මෝඩ වැඩ කියන්නේ ඕවාට තමයි.

:       8       3

Karunajeewa Wednesday, 03 March 2021 04:50 AM

අලුත්ගම සිට ගාල්ල දක්වා, සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ගය දින 52 ක් වැනි සුළු කාලයකින් යථාතත්ත්වයට පත්කළ ඔවුන්ට මේවා වැඩද?.. දේශපාලකයින්ගේ සාක්කු බරකර ගන්න අවශ්‍ය නැත්නම් මොවුන්ට පුළුවන් ලංකාවේම දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග බවට පත්කර දියුණු කරන්න.

:       1       13

Roshan Thursday, 04 March 2021 06:42 AM

කරුණාකර දෙමටගොඩ - කැළණිය අතර මාර්ග 4ක් කර රේල්-බස් සේවාවක් අරඹන්න. අලුත් පාලමේ කොටසයි තාම භාවිතා වෙන්නේ... ඒත් එක්ක කැළණියේ වාහන නවත්තලා යන්න පුළුවන් විදියක් හැදුවා නම් කොළඹට වාහන ඇතුල්වීම ගොඩක් අඩුවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18062 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 13405 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 458 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 138 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site