(පුත්තලම ජුඩ් සමන්ත)
දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ පීඩාවට පත්වී ඇත.
දැදුරුඔයේ වම් ඉවුර මේ වනවිට පිටාර ගලමින් පවතී. මෙම තත්වය නිසා ජයබිම, දැදුරුඔය යන ගම්මාන වල පදිංචිකරුවන් පීඩාවට පත්ව සිටියි.
මේ අතර මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයද ජලයෙන් යටවී ඇත. එම ප්‍රදේශයේද පවුල් 40 ක් පමණ පීඩාවට පත්ව සිටියි.
කඩුපිටිඔය සහ තිණිපිටි වැව පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත. එම මාර්ගයේ බර වාහන පමණක් ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. නමුත් ඇතැම් සැහැල්ලු වාහන පොලිස් උපදෙස් නොතකා ජලය හරහා ගමන් කිරීම නිසා විවිධ පීඩාවන්ට පත්වන බවක්ද දකින්නට ලැබුණි.
මේ අතර තිණිපිටිය වැවේ වාන් ජලය ගලා යන කුඩා පාලම අබලන් වීමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් කියයි .එම පාලමේ එක් කොටසක් ජලයට දියවීමට පටන් ගෙන ඇති බවක්ද දක්නට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දැදුරුඔය පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා