IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි නිලධාරීහු කියති.
 
දින කිහිපයකට පෙර මෙම දැවැන්ත බටු කැස්බෑවා මහ සයුරේදි කිසිවකුගේ පහර කෑමකට ලක්ව කන්දකුලිය වෙරළ තීරයේ සිටියදි නාවික හමුදාව විසින් කන්දකුලිය වනජීවි නිලධාරින්ට බාර දී තිබුණි.
 
මෙම කැස්බෑවාගේ ජීවිතය බේරාගැනීමට වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා සමග කන්දකුලිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ඇතුළු වන ජීවි නිලධාරීහු පැය 4 කට අධික කාලයක් සැත්කමක් කර හිසේ තුවාල වූ කටුව සැකසූහ. ප්‍රතිකාරවලින් පසුව කැස්බෑවාව යලි මුහුදට මුදා හැර තිබේ.
 
වනජීවි නිලධාරින් පවසන්නේ මුහුදු රැකියාවේ නිරත ධීවරයින් විසින් කැස්බෑවන් මරා දැමීම හේතුවෙන් කැස්බෑවන් අනතුරට ලක්වී ඇති බවය. ඇතැම් ධීවරයින් මහ සයුරේදී කැස්බෑවන් දඩයම් කිරීම සඳහා දියමත පිහිනා යන කැස්බෑවන්ගේ හිසට පහර දී මරා දමන බවට වාර්තා වන බව වනජීවි නිලධාරීහු පවසති. කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසා සිටියේ මේනිසා කැස්බෑවන් අනාරක්ෂිත සතුන් කොටසක් බවට පත්ව ඇති බවයි.
 
කෙසේ නමුත් නාවික හමුදාව නිරන්තරයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම් හා වනජීවි නිලධාරින්ද මුහුදු සීමාවන්වල කරනු ලබන සෝදිසි හේතුවෙන් කැස්බෑවන් මරා දමන ඇතැම් ධීවරයින්ට වැට බැඳ ඇත.
 
ඒ කෙසේ වෙතත් පසුගිය කාලසීමාවලදී මෙලෙස පහර දී මරා දැමීමට සූදානම් වූ කැස්බෑවන් රැසකගේ ජීවිත බේරා නිසි ප්‍රතිකාරවලින් පසුව මහ සයුරට මුදා හැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර තිබිණි.



අදහස් (3)

තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී

banda Tuesday, 23 February 2021 09:17 AM

පව්, අහිංසක සතුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ ලෝකයේ ජීවත් වීමට මිනිසාට මෙන්ම සතුන්ටද අයිතියක් ඇත.

:       0       33

Raveendra Tuesday, 23 February 2021 10:45 AM

මෙම සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා..!!!

:       0       41

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 01:04 PM

මේ අහිංසක සතාගේ තුවාලයට ප්‍රතිකාර කොට දිවි බේරාදී නැවත මුහුදට දැමූ සැමට අපගේ ප්‍රණාමය ... !!! ඒ වගේම මේ සතුන් මරාදැමීමට කටයුතු කරන නරුමයන්ට විරුද්ධව තදින් ක්‍රියාකළ යුතුයි.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site