IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි

(ඩයනා උදයංගනී)

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ තුන්වන කුඹල් පෙරහැර ඊයේ (15) වීදි සංචාරය කළ අතර එහි සධාතුක කරඬුව වැඩම වූ හස්තිරාජයා ඇතුළු දෑලේ ඇතුන් දේශීය බතික් ඇඳුමින් සැරසී ගමන් කිරීම විශේෂත්වයක් විය.

මහනුවර දළඳා පෙරහැරේ තුන්වන කුඹල් පෙරහැරෙහි සධාතුක කරඬුව වැඩමවූ ඇතුන් මෙසේ දේශීය බතික් ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් ගෙන ඇත්තේ වසර 30කට පමණ පසු බව බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය සිදුකෙරුණු අතර දේශීය රෙදි උපයෝගී කරගනිමින්, දේශීය බතික් කරුවන් ලවා වර්ණ ගන්වා මෙම ඇඳුම් නිර්මාණය කර තිබිණි.

ඒ අනුව තුන්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවූ දළඳා මාළිගාවේ සිංහ රාජා හස්තියා සහ දෑලේ ගමන් කළ බුරුම රාජා සහ කන්ඩුල යන හස්තීන් මෙලෙස බතික් ඇඳුමෙන් සැරසී පෙරහැරේ ගමන් කළ ඇතුන් වේ.



අදහස් (13)

තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි

Piyasingha Monday, 16 August 2021 11:35 AM

මේ කොරෝනා අස්සේ කල යුතුම වැඩක්

:       18       14

suranga Monday, 16 August 2021 02:35 PM

මහජන සහභාගිත්වයෙන් තොරව මේ පෙරහැර පැවැත්වූවොත් රටට මහා විනාශයක් සිදුවෙන බවත් පැවසෙනවා.

:       140       7

SathishTuesday, 17 August 2021 07:07 AM

පවසන්නේ ඉතින් ඔයාලා වගේ ඔය පෙරහැරට අකුල් හෙලන සෙට් එක තමයි ඉතින්. තමන්ගේ ගොන් පාලකයා රටේ නායකත්වයට පත් වෙනකන් වාතයක් ගියත් මහා විනාශයක් වෙනව කියල කියන දේශපාලන වහල්ලු රටට මහ වදයක්.

:       2       5

ගමේ එකාලා Monday, 16 August 2021 03:09 PM

ජනතා සහභාගිත්වය කෙසේවෙතත් පෙරහැරේ යන අය, සහභාගි වෙන අය ඕනෑතරම්. කොරෝනා නීති එයාලාට අදාල නැතුව නැති...

:       65       14

siri Monday, 16 August 2021 03:12 PM

අපට නැති සුද්දන්ට පමණක් ඇති පෙරහැර. අපොයි රටට වෙච්ච දෙයක්...!

:       21       12

විපරමා Monday, 16 August 2021 04:30 PM

මෙහෙම ගියොත් පෙරහැරේ යන අලින්ටත් කොරෝනා හැදිලා නතර වෙයිද කවුද දන්නේ?

:       47       7

asanka Monday, 16 August 2021 04:51 PM

මා සිතන්නේ නැහැ සධාතුක කරඬුව කිසිවිටෙක ඇතා පිට වඩම්මනවා කියා... පෙරහැරේදී සැමවිටම වැඩමවන්නේ සධාතුක කරඬුවේ අනුරුවක් පමණි...

:       59       8

kapila Monday, 16 August 2021 05:42 PM

වසර 30කට පමණ පෙරත් ඇතුන් සඳහා බතික් ඇඳුම් භාවිතා කළා නම්, දැන් එය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් වන්නේ කෙසේද?

:       25       14

හස්තිTuesday, 17 August 2021 01:04 AM

අවුරුදු 30 කට කලින් පෙරහැරේ ඇතුන් ගියේ හෙලුවෙන් වෙන්ඩැ.

:       1       1

ලුම්බිණි Tuesday, 17 August 2021 08:10 AM

මේ වගේ දේවල් කරන කාලයක් නොවෙයි මේක. මොකද මේක තේරුම් ගන්න බැරි?

:       2       2

WCA Tuesday, 17 August 2021 01:01 PM

සිංහල නම් දාගෙන පර ගැත්තෝ ගොඩයි .ආගමක් දහමක් සංස්කෘතියක් නැති අපතයෝ.

:       0       1

Buwanika Wednesday, 18 August 2021 09:35 AM

ඉතා ලස්සනයි .

:       0       1

sharm warn Thursday, 19 August 2021 12:01 PM

me uthsawaya lokema ekama rataka witharak wena deyak. . api kawadawath ape dewal agaya kaleth naha watinakam therum gaththen naha. . mama bauddha nowunath me uthsawayata uparimayen gaurawa karanawa. magul gewal pawathwanna puluwan nam, meka ashirwadayak balaporoththuwen karana deyak. . apith ape hadawathin e ashirwadaya denna ona neda? මේ උත්සවය ලෝකෙම එකම රටක විතරක් වෙන දෙයක් .අපි කවදාවත් අපේ දේවල් අගය කලේ නැහැ .වටිනාකම් තේරුම් ගත්තේ නෑ . මම බෞද්ධ නොවුනත් මේ උත්සවයට උපරිමයෙන් ගෞරව කරනවා. මගුල් ගෙවල් පවත්වන්න පුළුවන් නම් මේක ආශීර්වාදයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් .අපිත් අපේ හදවතින් ඒ ආශීර්වාදය දෙන්න ඕනේ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site