IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තරුණ තරුණියනට එන්නත් කරණය සාර්ථකව

(ශාන්ත රත්නායක, තිලකරත්න දිසානායක සහ විමුක්ති එස්.රුද්‍රිගු)

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා කොරෝනා එන්නත්කරණය අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි.

කොළඹ, විහාර මහදේවි උද්‍යානයේදී, දියත උයනේදී සහ සුගත ක්‍රීඩාංගනයේ දී ද එම දිස්ත්‍රික්කවල තොරාගත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සහ රෝහල්වලදී මෙම එන්නත් කරණ කටයුතු ඉතා සාර්තකව සිදු කරන බව වාර්තා වෙයි.

යුද හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව මෙම එන්නත් කරණය සිදුකරයි.

ඇතැම් ස්ථානවල දිගු පොලිස් දක්නට ඇති අතර කොළඹ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල කිසිදු සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් පොලිම්වල දක්නට ලැබිණි.

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,පනාගොඩ යුද හමුදා කඳවුර ,වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.

රාගම රෝහලේ එන්නත්කරණ කටයුතු සාර්තක සිදු කළ අයුර (විමුක්ති එස් රුද්‍රිගු)

ගම්පහ පහළගම පිරිවෙන් විහාරයේදී එන්නත්කරණය සිදු වූ අයුරු (තිලකරත්න දිසානායක)

කැලණිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එන්නත් කරන කටයුත කරන අයුරු (ලාල්.එස්.කුමාර)

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ එන්නත්කටයුතු කළ අයුරු (බිමල් ශ්‍යාමල් ජයසිංහ)

 



අදහස් (6)

තරුණ තරුණියනට එන්නත් කරණය සාර්ථකව

ganegoda Monday, 06 September 2021 12:55 PM

නාස්ලණුව නැතිව හරි එන්නත් කිරීම සිද්ද වෙනවා. හොඳයි ලස්සන පින්තූර...!

:       5       4

කිරි පුතා Monday, 06 September 2021 02:14 PM

වෙනත් බොහෝ රටවල් වගේ නොවෙයි... අපේ මිනිසුන් බොරුබිය මවාගෙන නෑ. දැනට තියෙන එකම විකල්පය සඳහා ඉදිරිපත් වීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්...

:       6       17

layan sathsara Monday, 06 September 2021 02:35 PM

රුක්මලේ ප්‍රජා ශාලාවේ එන්නත් කරණය සිදු කරනවා.පෝලිමක් නෑ .හරිම පහසුයි .නැවත හෙට දින (07.09.2021) පව 2.30 වන තුරු සිදු කරනවා .අවට කට්ටිය යන්න

:       1       11

ganegoda Monday, 06 September 2021 04:36 PM

‘‘ස්මාර්ට් ෆෝන් හා ඩේටා කාඩ් නොමිලේ‘‘ ඔන්න දැන් තමයි අර හැංගිලා ඉන්න දෙතුන් දෙනාත් හුඹස්වලින් එළියට බඩගාන්නේ...!!!

:       0       3

රජින්ද Monday, 06 September 2021 05:00 PM

සැබෑ ප්‍රේමයක් එන්නත්කරණ පෝලිම් වලදී වුවද හමුවිය හැකි නිසා තරුණ-තරුණියන් උනන්දු වෙනවානම් වඩාත් හොඳයි.!

:       0       4

jimpoMonday, 06 September 2021 06:52 PM

අන්තිමට කියයි කොරෝනාව ඒකට වඩා හොඳයි කියලා..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site