(නිමන්ති රණසිංහ)
(ඡායාරූප - ඉෂාන් සංජීව)
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ පූර්ණ දායකත්වයෙන් 16 වන වරටත් සිදුකරන තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාව අද (15 වැනිදා) ආරම්භ විය. උතුරු, නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි, දෙහිවල සහනෝධන පදනමේ අධ්‍යක්ෂ පංචාරාම නාහිමි ඇතුළු මහා සංඝ රත්නය මෙම ආලෝක පූජාව වෙනුවෙන් වැඩම කර සිටියහ.
විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් අද දින ආලෝක පූජාව ආරම්භ කරන ලදි. මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එන්. එච්. ආර්. නිශන්ත මහතා, ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක්ද මෙම ආලෝක පූජාවට සහභාගි වූහ. පූජෝත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය, යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීහු සිය දායකත්වය සැපයූහ.
ආලෝක පූජාව ආරම්භ වීමෙන් පසුව පොසොන් බැති ගී සරණිය ආරම්භ විය. තන්තිරිමලේ ප්‍රදේශයේ පාසල් සහ දහම් පාසල් 11ක සිසු දරුදැරියන් පිරිසක් මෙම පොසොන් බැති ගී සරණියට සහභාගි වූහ.
මෙම බැති ගී සරණියෙන් අනතුරුව එම දරුවන් වෙනුවෙන් සහතික පත් සහ මුදල් තෑගි පිරිනැමීමටද විජය පුවත්පත් ආයතනය මූලිකත්වයෙන් සිදු කෙරිණ.




2025 දෙසැම්බර් මස 18
172
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේ ආලෝක පූජාව ඇරඹෙයි