IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක්

 

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා එක්ව මාර්තු තුන්වන දින සිට පස් වන දින දක්වා ගාලු මුවදොර පිටියේදී විශේෂ ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙන බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම ගුවන් සංදර්ශණය නැරබීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ඇති අතර සෞඛ්‍ය මාර්ගේපදේශවලට යටත්ව මෙම ගුවන් සංදර්ශණය නැරබීම සඳහා එක්වන ලෙසද ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ආචාර පෙළපාලිය පැවැත්වීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී අනිද්දා (2) වැනිදා පැවැත්වේ.

ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය නිමිත්තෙන් ගුවන් යානා සන්දර්ශන, ගුවන් හමුදා පාපැදි සවාරිය, ගුවන් හමුදා රග්බි තරගාවලිය ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.

එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද එදින සිදුවේ.

මාර්තු 5 වැනිදා ගුවන් හමුදා අංක පහ ජෙට් ප්‍රහාරක බලගණයට හා අංක හය ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනයන් වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

හැත්තෑ වසරක ගුවන් හමුදාවේ ගුවන් බලය පිළිබඳ ලියැවුණු කෘතීන් එළිදැක්වීම එදිනම සිදුකිරීමට නියමිතය.

විසි දෙවැනි වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 7 වැනිදා පැවැත්වෙන බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුව ගුවන් හමුදා ධජ ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය මාර්තු 10 වැනිදාත්, ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදා හරිනු ලබන කුණු කසළ ඉවත් කොට ශ්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් මාර්තු 12 වැනිදාත් පැවැත්වේ.

මාර්තු 20 - 21 සහ 26 - 27 යන දිනවල ගුවන් හමුදාපති රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය. බංගලාදේශය ඇතුලු රටවල් හතරක ගුවන් හමුදාපතිවරුන් පැමිණීමට නියමිත බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (8)

ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක්

siri Sunday, 28 February 2021 02:19 PM

නැව ගිලෙනවා. ඒත් බෑන්ඩ් එක චූන් කරනවා.

:       14       30

KosalaSunday, 28 February 2021 09:18 PM

තමුන් වල්ගය පාගාගෙන ඇති හැඩයි. මෙය ගුවන් හමුදාවේ සංවත්සරය මිසක් පොහොට්ටුවේ සංවත්සරය නොවෙයි...

:       8       3

PradeepMonday, 01 March 2021 02:06 PM

ඒ කියන්නේ මේකට වියදම් කරන්නේ ගුවන් හමුදාපතිතුමාගේ සහ අනිකුත් නිලධාරින්ගේ පෞද්ගලික මුදල්.. එහෙනම් කමක් නෑ. අපි හිතුවේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරනවා කියලා.

:       1       2

siriMonday, 01 March 2021 02:26 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්... අද අපේ රටට අවශ්‍ය ගුවන් කරණම් නොවේ. සංවත්සර සැමරුම් නොවේ. ඔය සැමරුමට කීයක් විතර වියදම් කරන්න ඇත්ද කියලද මේ මහත්තයා හිතන්නේ? පිටරටවල් වලට වැඳ වැඳ ගිහින් හිඟාකන මුදල් අනවශ්‍ය විච්චූරණ වලට වියදම් කරන එක නොවේ වගකිවයුතු රජයක් කළයුත්තේ. ඒ මුදල් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න යොදාගන්න එක. අද ලෝකයම ගිලගෙන ඇති කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගන්න වියදම් කරන එක. ගෝල්ෆේස් පිටියේ කරනම් ගැහුවා කියලා අපේ රටට වෙන සෙතේ මොකක්ද? හරි හමන් ගුවන් හමුදාවක් තියෙනවා නම් කරනම් ගහලා පෙන්නුවාට කමක් නෑ කියලත් සමහරු කියන්න පුළුවන්. ගුවන් හමුදාව තියෙන්නේ ලොක්කන්ටයි පවුල්වල අයටයි සොක්කන්ටයි ගුවන් මඟින් එහාට මෙහාට යන්න මිස රටක් රකින්න නෙවේනේ. එ්කනේ තිත්ත ඇත්ත. එක කාලෙක ගුවන් යානා තමන්ගේ බූදලේ වගේ පාවිච්චි කරපු මිනිස්සුත් මේ රටේ හිටියා අපට අමතක නැහැ මහත්තයෝ... දේශපාලනය ඇදගත්ත නිසා කියන්නම් " මේවගේ කෙටි කාලයකින් ජනතාවට එපා වුණු ආණ්ඩුවක් තිබ්බේ නෑ කියලා" අපි නොවේ කියන්නේ මේ ආණ්ඩුව පත්කරගන්න දරදිය ඇද්ද අයමයි දැන් කියන්නේ. හරිද?

:       1       2

බද්රානි Sunday, 28 February 2021 03:39 PM

අනේ, කන්න නැතත් අපිට කවද්ද සංදර්ශ වලින් අඩුවක් තිබුනේ? පාලකයින්ගේ මුර බල්ලන් හැමදාම හිටියේ වල්ගේ හොලවමින් තමයි. පොඩි එකාව දැක්කාම නැට්ට උස්සගෙන බුරනවා. මහා එකා ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන හුරතලේට කෙඳිරි ගානවා. හා නැද්ද?

:       2       7

Binkunndaa Sunday, 28 February 2021 05:42 PM

මේ එන්නේ වෙන පොටකට... අර යාපනේට ගුවනින් අල, පරිප්පු දැම්මා වගේ..

:       2       1

ලුම්බිණි Monday, 01 March 2021 06:55 AM

සංදර්ශන., සංදර්ශන., සංදර්ශන...

:       3       10

fairoos Monday, 01 March 2021 07:14 AM

සුබපැතුම්...!!! ලස්සනයි.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 712 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17907 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site